ක්ලෝගාඩ් සහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය – ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ 25 වසරකට වැඩි ගමන්මග සමරයි

ශ්‍රී ලාංකිකයන්ගේ මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සිය කැපවීම නැවත තහවුරු කරමින් (වමේ සිට දකුණට) ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සහ ක්ලෝගාඩ්, Hemas Consumer Brands අතර වසර 25කට වැඩි සහයෝගීතාව සමර‍යි. ලෝක දන්ත සම්මේලනය (FDI) විසින් පිළිගත් ප්‍රථම ශ්‍රී ලාංකික දන්තාලේප සන්නාමය බවට  ක්ලෝගාඩ් පත්වීමත් සමඟ මෙම අවස්ථාව සාඩම්බර සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් කෙරේ.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් වසර 25කට වැඩි කාලයක් අනුමත කරන ලද, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ශ්‍රී ලාංකිකයන්ගේ මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සන්නාමයේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කරයි. ජාතික සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන උසස් තත්ත්වයේ, ෆ්ලෝරයිඩ් සහිත මුඛ සත්කාර විසඳුම් ලබා දීම සඳහා සන්නාමයේ නොසැලෙන කැපවීමට මෙම දිගුකාලීන අනුමැතිය සාක්ෂි දරයි.

ශ්‍රී ලංකාවේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප කිහිපය අතරින් එකක් ලෙස ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය විසින් පිළිගත්  ක්ලෝගාඩ්, ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

දත් එනමලය ශක්තිමත් කිරීමට සහ දත් කුහර වැළැක්වීමට ෆ්ලෝරයිඩ්  උපකාරී වේ.  කෙසේ නමුත්, ජාතික මුඛ සෞඛ්‍ය‍ය සමීක්ෂණයට (2015–2016) අනුව  වයස අවුරුදු 35-44ත් අතර ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගෙන් 64%ක් දත් දිරායාමෙන් තවමත්  පීඩා විදින බව පෙන්වා දෙයි. එසේම වඩා හොඳ මුඛ සෞඛ්‍යය අධ්‍යාපනයක් සහ නිසි ප්‍රතිකාර සඳහා ප්‍රවේශයක් අවශ්‍ය බව ඉන් තවදුරටත් අවධාරණය කරයි.

පුරා වසර 10කට වැඩි කාලයක් තිස්සේ සෑම වසරකම ක්‍රියාත්මක කරන ක්ලෝගාඩ් ජංගම පාසල් දන්ත සායන වැඩසටහන් සමඟ සමගාමීව දහස් ගණනක් ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්ව මුඛ සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කරයි.  විනෝදජනක කණ්ඩායම් ක්‍රියාකාරකම් සමඟින්, ළමුන්ගේ වයසට ගැළපෙන ආකර්ශනීය ඉගැනුම් ක්‍රම ඔස්සේ මුඛ සෞඛ්‍යය පිළිබඳව මෙම දැනුවත් කිරීම් ක්ලෝගාඩ් විසින් සිදු කරයි.

වසර 30කට වැඩි අත්දැකීම් සමඟින් ක්ලෝගාඩ්, ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස්වන මුඛ සත්කාර අවශ්‍යතා තේරුම් ගන්නා සන්නාමයක් බවට පත්ව තිබේ. දන්තාලේප, දත් බුරුසු, mouthwash හා ළමුන් සඳහාම විශේෂයෙන් නිපද වූ ළමා නිෂ්පාදන පෙළ ඇතුළු පුළුල් පරාසයක නිෂ්පාදන පෙළක් ක්ලෝගාඩ් සතු වේ. මෙම නිෂ්පාදන, ස්වාභාවික දේශීය අමුද්‍රව්‍ය සමඟ විද්‍යාත්මක නවෝත්පාදනය හා මුසු කරමින් ෆ්ලෝරයිඩ් අන්තර්ගත නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයා වෙත ගෙන එයි.  ලෝක දන්ත වෛද්‍ය සම්මේලනයේ සාමාජිකයෙකු වන SLDA විසින් අනුමත කරන ලද ක්ලෝගාඩ්, මුඛ සත්කාර පිළිබඳ විශේෂඥයෙකු ලෙස ක්ලෝගාඩ් හි ෆ්ලෝරයිඩ් අඩංගු සංයෝග කෙරෙහි මහජන විශ්වාසය දිනා ගනිමින් සන්නාමයේ කාර්යභාරය තහවුරු කරයි.

Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා, “ක්ලෝගාඩ්, සෑම විටම මුඛ සෞඛ්‍යය පිළිබඳ විශ්වාසදායක දේශීය විශේෂඥයෙකු වීම ගැන අපි ආඩම්බර වෙනවා. SLDA සමඟ මහජන මුඛ සෞඛ්‍යය වැඩසටහන් සඳහා සහාය වීමට අපි කැපවී සිටිනවා. සන්නාමයේ මේ සියලු උත්සාහයන් ලෝක දන්ත සම්මේලනය  වැනි අන්තර්ජාතික මට්ටමේ ආයතනයක පිළිගැනීමට ලක්වීම අපට ගෞරවයක්. ශ්‍රී ලාංකිකයින් අතර ඉතා ජනප්‍රිය සන්නාමයක් ලෙස, ක්ලෝගාඩ් ගෝලීය දන්ත වෛද්‍ය ප්‍රමිතීන් සපුරාලීමෙන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සමඟ පරිණාමය වෙමින් සන්නාමයේ ගුණාත්මය අඛණ්ඩව පවත්වා ගන්නවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

ලෝක දන්ත සම්මේලනය (FDI) විසින් පිළිගත් ප්‍රථම ශ්‍රී ලාංකික දන්තාලේප සන්නාමය ක්ලෝගාඩ් වන අතර, ජාතික සෞඛ්‍යය ප්‍රමුඛතාවන් සහ ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරමින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත, ඵලදායී සහ දැරිය හැකි මිලකට මුඛ සෞඛ්‍යය සේවාවක් ලබා දීමේ පොරොන්දුව ක්ලෝගාඩ් විසින් අඛණ්ඩව ඉටු කරයි.

Previous post

Scale Up Sri Lanka 2025 இல் சிறிய நடுத்தரளவு தொழில்முயற்சியாளர்களை இலக்காகக் கொண்ட ஆலோசனை சேவைகளை First Capital அறிமுகம் செய்தது

Next post

இலங்கையின் வாய்ச் சுகாதார மேம்பாட்டில் 25 வருட கூட்டாண்மையை கொண்டாடும் க்ளோகார்ட் மற்றும் இலங்கை பல் மருத்துவ சங்கம்

Post Comment