මර්කන්ටයිල් රග්බි සෙවන්ස් ශූරතාවය අඛණ්ඩව දෙවැනි වරටත් Link Natural Products විසින් දිනා ගනියි
සුවිශේෂී සමහන් සන්නාමයේ හි නිවහන වන Link Natural Products (Pvt) Ltd, ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ද විශ්වාසය දිනාගත් සමාගමකි. එම කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නොපසුබට උත්සාහය ක්‍රීඩා පිටිය තුළින් ද මනාව විදහා දැක්වීමට සමාගමේ රග්බි කණ්ඩායම සමත් විය. ඒ, 54 වැනි මර්කන්ටයිල් රග්බි සෙවන්ස් තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගනිමිනි.
2026 නොවැම්බර් 13 සහ 14 දෙදින කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ CR&FC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කණ්ඩායම ලකුණු 28-17ක් ලෙස පරාජය කිරීමට Link Natural කණ්ඩායම සමත් විය. ඒ අනුව, 2025 වසරේ පැවති 53 වැනි මර්කන්ටයිල් රග්බි සෙවන්ස් තරගාවලියේ දී සිය මංගල ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව, මෙවර ද ශූරතාව තමන් සතු කර ගනිමින් අඛණ්ඩ ජයග්‍රහණ දෙකක් වාර්තා කිරීමට කණ්ඩායම සමත් වී තිබේ.
මර්කන්ටයිල් රග්බි පාපන්දු සංගමය (MRFA) විසින් සංවිධානය කරනු ලබන මර්කන්ටයිල් රග්බි සෙවන්ස් තරගාවලිය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ක්‍රීඩා සම්ප්‍රදායන් අතරින් එකකි. 1966 වසරේ දී ආරම්භ වූ මෙම තරගාවලිය දශක හයක් පුරා මෙරට ආයතනික ක්ෂේත්රයේ කණ්ඩායම් රැසක් රග්බි පිටියට එක් කර තිබේ. එක් වරක් ශූරතාව දිනා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, මෙරට වෙළෙඳ ක්ෂේත්රයේ ප්රබලතම කණ්ඩායම් හමුවේ එම ශූරතාව යළිත් ජයග්‍රහණය කිරීම තුළින් කණ්ඩායමේ ස්ථාවරත්වය සහ අඛණ්ඩ දක්ෂතාව මැනවින් තහවුරු වේ.
මෙම ජයග්‍රහණය පිටුපස ක්‍රීඩකයන්ගේ තනි තනි දක්ෂතා පමණක් නොව, මනා විනය, ශාරීරික යෝග්‍යතාව සහ පොදු අරමුණක් වෙනුවෙන් එකමුතුව කැපවීම ද කැපී පෙනුණි.
ජයග්‍රහණය සමරමින් Link Natural Products හි ප්‍රධාන විධායක නිලධාරී අශාන් රන්සිලිගේ මහතා, “මෙම ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් ජයග්‍රහණය කිරීමට හැකිවීම Link Natural පවුලේ අප සියලු දෙනාටම මහත් අභිමානයක්. මෙම ජයග්‍රහණය තුළින් අපගේ දෛනික කටයුතුවලදීත් අප අගය කරන මූලධර්ම වන සූදානම, කණ්ඩායම් හැඟීම සහ උපරිම දක්ෂතාවයෙන් කටයුතු කිරීමට ඇති අධිෂ්ඨානය මනාව පිළිබිඹු වෙනවා. මේ වෙනුවෙන් කැපවූ අපගේ ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට මෙන්ම කණ්ඩායමට සහයෝගය දැක්වූ සියලු දෙනාටම මගේ ස්තූතිය හා සුබපැතුම් පිරිනමනවා,” ලෙස පැවසීය.
මර්කන්ටයිල් රග්බි සෙවන්ස් ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනාගත් Link Natural, එම ජයග්‍රාහී මානසිකත්වය සමඟින් ඉදිරි අභියෝග වෙත ද විශ්වාසයෙන් යුතුව පියනඟයි. ශක්තිමත් පදනමක්, කැපවීමෙන් කටයුතු කරන කණ්ඩායමක් සහ අනාගතය ඉලක්ක කරගත් දැක්මක් සමඟින්, ක්‍රීඩා ක්ෂේත්රයේ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයේ ද නව සන්ධිස්ථාන කරා ළඟා වීමටත්, තම සේවාවන් තුළින් ජනතාවගේ ජීවිතවලට වඩාත් යහපත් බලපෑමක් එක් කිරීමටත් සමාගම අඛණ්ඩව කැප වී සිටියි.
සැබෑ සාර්ථකත්වය ගොඩනැඟෙන්නේ අඛණ්ඩ දක්ෂතාව, ශක්තිමත් සහයෝගීතාව සහ විශිෂ්ටත්වය වෙනුවෙන් නොසැලෙන කැපවීම මත බව මෙම ජයග්‍රහණය යළිත් තහවුරු කරයි.













Post Comment