වසර තිහකට අධික කාලයක් දේශීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  ඩීමෝ එහි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS), හරහා ජර්මනියේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන FH Aachen  හා හවුල්කාරිත්වයකට එලබ ඇත. මේ හරහා ඩීමෝ,තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) ජර්මනියේ  FH Aachen විශ්ව විද්‍යාලයේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරයි.

මෙතුලින් දේශීය සිසුන්ට FH Aachen විශ්ව විද්‍යාලයේ freshman වැඩසටහන සඳහා ඇතුලත් විය හැකි අතර එමගින් ජාත්‍යන්තරව පිළිගත් උපාධි පාඨමාලා 700කට අධික ප්‍රමාණයකට දේශීය සිසුන්ට ඇතුලත් වීමේ හැකියාව ඇත.

ජර්මනියේ FH Aachen ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලය, සිය හවුල්කාරි විශ්ව විද්‍යාල වන SRH Hamm විශ්ව විද්‍යාලය, South Westphalia ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලය, Duisburg Essen විශ්ව විද්‍යාලය හා HBK Essen විශ්ව විද්‍යාලය සමඟින් සම්බන්ධ වී ඉංජිනේරු, වෛද්‍ය, ව්‍යාපාර / ආර්ථික විද්‍යාව, කලාව ඇතුලු තවත් ක්ෂේත්‍ර රැසක, ජාත්‍යන්තරව පිළිගත් උපාධි  පාඨමාලා රැසක් හැදෑරීමට දේශීය සිසුන් ට මේ හරහා අවස්ථාව උදා කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමනාකර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසා සිටියි. “ආරම්භයේ සිටම ඩීමෝ,තාක්ෂණික නිපුණතා පිලිබඳ ඇකඩමිය (DATS),  දේශීය වෘත්තීය අධ්‍යාපන ගමන් මගේ විශාල පෙරළියක් සිදු කළා. දශක තුනකට අධික කාලයක සිට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයත් සමඟින් ඉදිරියට ඇදෙන ඩීමෝ හි මීළඟ දැවැන්ත පියවර වනුයේ දැනුමෙන් සන්නද්ධ වෘත්තීකයින් පිරිසක් බිහි කිරීම උදෙසා වූ ලොව පිළිගත් විදේශීය උසස් අධ්‍යාපන අවස්ථා සඳහා දේශීය තරුණ තරුණියන් යොමු කිරීමයි.”

නව හවුල්කාරීත්වය හරහා  දේශීය සිසුන්ට ඔවුන්ගේ අපේක්ෂිත වෘත්තීය ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා  උපාධි පාඨමාලා රැසක් අතරින්  ඔවුන්ට අවශ්‍ය පාඨමාලාව තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම  සියලුම උපාධි පාඨමාලා ජර්මනියේ පවත්වනු ලබන අතර, සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි ඉංග්‍රීසි හෝ  ජර්මානු භාෂාවලින් ඉගෙනුම් කටයුතු සිදු කල හැකිය. ඩීමෝ විසින් සිදු කරන ආරම්භක පරීක්ෂණ ක්‍රියාවලියක් තුළින් සිසුන්ගේ වර්තමාන සුදුසුකම් විශ්ලේෂණය කිරීමක් සිදු කරන අතර, එහිදී ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක සඳහා ගැළපෙන නිවැරදිම උපාධි පාඨමාලාව තෝරා ගැනීම සඳහා ඩීමෝ සිය සහය සපයයි.  තවද සියලුම සිසුන් හට ඔවුන්ගේ පාඨමාලා සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම  සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට,  ඩීමෝ විසින් සිසුන්ට පෞද්ගලික උපදේශන සේවාද පවත්වයි. 

ජර්මනියේ විශාලතම සහ ව්‍යවහාරික විද්‍යාව සඳහා අංක එකේ විශ්ව විද්‍යාලයක් වන FH Aachen විශ්ව විද්‍යාලයේ සිසුන් 14,500 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර, වාර්ෂිකව උපාධිධාරීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් බිහි කරයි.   ඉගෙනුම් දෙපාර්තමේන්තු 10 ක්, අනාගත ලොවට ගැළපෙන පාඨමාලා 90 කට වැඩි ප්‍රමාණයක් සහ අනුබද්ධිත ආයතන 5 ක්ද  FH Aachen විශ්ව විද්‍යාලය සතුවේ. අනාගතයට ගැළපෙන වෘත්තීකයින් බිහි කිරීම සඳහා වූ උපාධි පාඨමාලා රැසක් සමඟින්  FH Aachen විශ්ව විද්‍යාලය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කැපවී ක්‍රියා කරයි. 

1939 වසරේ පටන් ඩීමෝ දේශීය ප්‍රජාව වෙත උසස්ම තත්වයේ ජර්මානු නිෂ්පාදන සහ සේවාවන් ලබාදීම සඳහා කැපවී සිටියි.  1990 වසරේ Daimler AG හා එක්ව ඩීමෝ විසින් පිහිටුවන ලද DATS ආයතනය මෙරට තරුණ තරුණියන් උදෙසා උසස් තත්වයේ වෘත්තීය පුහුණු ලබා දීම සඳහා ආරම්භ කෙරිණි. 2018 වර්ෂයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් පසු කරමින්, DATS ආයතනය Delegation of German Industry and Commerce in Sri Lanka ආයතනය හා එක්ව දේශීය සිසුන්ට ජර්මානු සහතිකලත් වෘත්තීය සුදුසුකම් ලබා දීමට ක්‍රියා කළේය. මෑතකදී හඳුන්වා දුන් ගොඩනැගිලි ක්ෂේත්‍රය හා සම්බන්ධ Diploma in Plant Engineering ඇතුළු නව ලොවට ගැළපෙන පාඨමාලා රැසක්ද  DATS පවත්වාගෙන යයි. 

සේවා යෝජකයින් අතර ඉහළ පිළිගැනීමක් හිමිවන විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා රැසක් ජර්මානු විශ්ව විද්‍යාල මඟින් පිරිනමයි.  ලොව උසස්  අධ්‍යාපනය  සඳහා  ප්‍රචලිත සිව්වන රට වශයෙන් ජර්මනිය නම් දරා ඇත්තේ, උසස්ම තත්ත්වයේ අධ්‍යාපන අවස්ථා පිරිනැමීම සඳහා ජර්මන් විශ්ව විද්‍යාල තුළ වූ ඉහළ කැපවීම හේතුවෙන්ය.  තවද, ජර්මානු රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා එම රජය විශාල වශයෙන් පහසුකම්  ලබා දෙන හෙයින් විශ්ව විද්‍යාල හා සම්බන්ධ ගාස්තුද සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.  

පර්යේෂණ ක්‍රියාවලින් සඳහා දක්වන ඉහළ දායකත්වය, නූතන ඉගෙනුම් ක්‍රම, පුළුල් පරාසයක විහිදුනු උපාධි පාඨමාලා සහ ආර්ථික පරිසරය හේතුවෙන් සිසුන් ජර්මනිය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි.

නමුත්, දේශීය සිසුන්ට ජර්මනිය වෙත සිය උසස්  අධ්‍යාපනය  සිහින සැබෑ කර ගැනීමට යොමු වීමේදී, ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදු වේ. ඒ අතර, ජර්මන් භාෂාව පිළිබඳ වූ නිපුණත්වය සහ මාස 6-12ත් තරම් වූ දිගුකාලීන ඇතුළත් වීමේ ක්‍රියාපටිපාටි ප්‍රධාන ස්ථානයක් ගනී.  නමුත්, FH Aachen හි freshman වැඩසටහන එම ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇත. මේ හරහා ඉංජිනේරු,  ව්‍යාපාර සහ කලා අංශයේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන්ට ආරම්භයේදී ජර්මන් භාෂා ප්‍රවීණතාවය අවශ්‍ය නොවන අතර, විශ්ව විද්‍යාලය විශ්වාසදායී කඩිනම් වීසා ලබා දීමේ ක්‍රියාපටිපාටියක්ද ස්ථාපිත කර ඇත .

2021 වර්ෂයේ බඳවා ගැනීම් ජුනි 30 වන දිනෙන් අවසන් වන අතර, ලොව පිළිගත් ජර්මානු උපාධි පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තුවෙන් පසුවන ඕනෑම අයකුට, 0773415243 අමතා හෝ [email protected] වෙත ඊමේල් පණිවිඩයක් යොමු කිරීම තුළින් ඒ සඳහා වූ පෞද්ගලික උපදේශන කාලයක් වෙන් කරවා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *