ඩේවිඩ් පීරිස් සමූහය සිය සැපයුම්කරුවන්ගේ ප්රමිතිය සහ නීතිමය පදනම ශක්තිමත් කරයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන ඩේවිඩ් පීරිස් සමූහය, සිය ප්රධාන නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවන්ගේ දැනුම හා සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට පියවර ගෙන තිබේ. එමගින් වගකීම්සහගත ව්යාපාරික සංස්කෘතියක් ප්රවර්ධනය කිරීමට ඇති කැපවීම ඩේවිඩ් පීරිස් සමූහය තවදුරටත් තහවුරු කරයි. මෙම ඉදිරි වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස, බාහිර සේවා සැපයුම් ආයතනවල හිමිකරුවන් සහ වගකිවයුතු නියෝජිතයින් 70 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. එහිදී දැනුවත් කිරීම, නීතිමය අනුකූලතාවය (Compliance) සහ DPG යහපත් පුරුදු (DPG Good Practices) පිළිබඳව විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ක්ෂේත්ර ගණනාවක් පුරා ව්යාප්ත වී ඇති ඩේවිඩ් පීරිස් සමූහය, සිය මෙහෙයුම් කටයුතුවලදී ඉහළ ප්රමිතියක් පවත්වා ගැනීම සඳහා නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවන් මෙන්ම ව්යාපාරික පාර්ශවකරුවන් සමඟ පවතින ශක්තිමත් සබඳතාව අත්යවශ්ය බව වටහාගෙන ඇත. දැනුවත්භාවය ඉහළ නැංවීම, වගවීම ශක්තිමත් කිරීම මෙන්ම නීතිමය අනුකූලතාවය, ගුණාත්මකභාවය, සුරක්ෂිතතාව සහ තිරසාරභාවය පිළිබඳ පොදු සංස්කෘතියක් ප්රවර්ධනය කිරීම මඟින් සේවා සැපයුම්කරුවන් සමඟ ඇති සබඳතා සහ මෙහෙයුම් ප්රමිතීන් ඊළඟ මට්ටමට ගෙන යාමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ඩේවිඩ් පීරිස් සමූහය වෙත සේවාවන් සැපයීමේදී අදාළ වන නීතිමය, ව්යවස්ථාපිත, ගිවිසුම්ගත සහ මෙහෙයුම් වගකීම් පිළිබඳ සහභාගී වූවන්ගේ අවබෝධය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු විය. එමෙන්ම නීතිමය අනුකූලතාවය, ගුණාත්මකභාවය, සෞඛ්ය හා ආරක්ෂාව, පාරිසරික කළමනාකරණය, මානව සම්පත්, ආරක්ෂක අංශ, මුදල් හා පරිපාලනය, තිරසාරභාවය සහ සේවා ස්ථානයේ අනෙකුත් අවශ්යතාවලට අදාළ ඩේවිඩ් පීරිස් සමූහය හි බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සන්නිවේදනය කිරීම සඳහාද මෙය පොදු වේදිකාවක් විය.
කම්කරු නීති සහ පඩිපාලක සභා අවශ්යතා, කොන්ත්රාත්කරුවන්ගේ නීතිමය වගකීම්, පාරිසරික හා අපද්රව්ය කළමනාකරණය, මානව සම්පත් ප්රායෝගික පුරුදු, සෞඛ්ය හා ආරක්ෂාව, ආරක්ෂක අවශ්යතා, සේවක වන්දි රක්ෂණය (WCI), තිරසාරභාවය මෙන්ම මුදල් සහ පරිපාලන අවශ්යතා මෙම වැඩසටහනේදී ආවරණය වූ ප්රධාන ක්ෂේත්ර අතර වේ.
මීට අමතරව පැවැත්වූ විද්වත් සාකච්ඡාව මඟින් සහභාගී වූවන්ට වැදගත් ගැටලු නිරාකරණය කර ගැනීමටත්, අත්දැකීම් බෙදා ගැනීමටත්, ප්රායෝගික සේවා ස්ථාන අවශ්යතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් මනා අවස්ථාවක් හිමි විය.
මෙම ප්රයත්නය, සිය නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවන්ගේ පද්ධතිය පුරා නීතිමය අනුකූලතාවය, ගුණාත්මකභාවය, සුරක්ෂිතතාව, තිරසාරභාවය සහ වගකීම්සහගත ව්යාපාරික පුරුදු පිළිබඳ ප්රබල සංස්කෘතියක් ගොඩනැගීමට ඩේවිඩ් පීරිස් සමූහය තබන ලද තවත් ඉදිරිගාමී පියවරකි.











Post Comment