නව ආයෝජන ප්‍රාග්ධනයන් ඔස්සේ Green Lanka Towers හි ව්‍යාපාරික කටයුතු පුළුල් කෙරේ
වසර 30කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා සිටින Green Lanka Towers සමාගමට අනුබද්ධිත Green Lanka Property Developer පෞද්ගලික සමාගම (GLPL) විසින් උපායමාර්ගික සම කොටස් ප්‍රතිසංවිධානය, නව ප්‍රාග්ධනය රැස්කිරීම සහ තම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් නව ගමනක් ආරම්භ කර ඇත. කොළඹ 02, නවම් මාවතේ පිහිටි Green Lanka Towers හි 100%ක පූර්ණ අයිතිය තහවුරු කරගනිමින් සිය මූල්‍ය ශක්තිය තවදුරටත් ස්ථාවට කර ගැනීමට සමාගම සමත් වී තිබේ. ඔවුන් සිය ව්‍යාපාරික වර්ධනයේ මීළඟ අදියර ලෙස, ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ නව මාර්ග ගවේෂණය කරමින් සිටියි.එමෙන්ම දාතෝ ශ්‍රී විජය ඊස්වරන් මහතා සමඟ ආයෝජන හවුල්කාරිත්වයන් පැවැත්වීම ඔස්සේ නව ප්‍රාග්ධනය රැස්කිරීමට ඇති අවස්ථා පිළිබඳව ද අවධානය යොමුකරමින් සිටින බව Green Lanka Towers හි කළමනාකාර අධ්‍යක්ෂ රාජු රාධා මහතා පසුගිය දා අවධාරණය කළේය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය. “වර්තමානයේ දේපළ වෙළෙඳාම යනු ගොඩනැගිලි සහ ස්ථානය පිළිබඳ පමණක් අවධානය යොමු කෙරෙන ක්ෂේත්‍රයක් නොවේ. එනම්, එය ව්‍යාපාර වඩාත් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ කුමක් ද යන්න නිවැරදිව වටහා ගැනීම සහ එම අරමුණුවලට සහය දක්වන පරිසරයක් නිර්මාණය කිරීමයි. නාවික ක්ෂේත්‍රය, දේපළ වෙළඳාම, ව්‍යාපාර සහ සබඳතාවල ඇති වැදගත්කම පිළිබඳව පූර්ණ අවබෝධයක් අපගේ දිගු ගමන තුළින් ලැබී තිබෙනවා. අනාගතයේ දී , ව්‍යාපාර පුළුල් කරමින්, සමාගම මීළඟ වර්ධන අදියර කරා ගෙන යාම සඳහා අවශ්‍ය නව මාර්ගයන් ගවේෂණය කිරීමටත්, නව ප්‍රාග්ධනය රැස්කිරීමටත් අප පියවර ගනිමින් සිටිනවා.”
“වසර 25කට නොඅඩු කාලයක් පුරාවට මගේ ව්‍යාපාරික සහකරුවා ලෙස කටයුතු කළ දාතෝ ශ්‍රී විජය ඊස්වරන් මහතා ද මෙරට වෙළෙඳ ක්ෂේත්‍රය පිළිබඳ දැඩි නැඹුරුතාවක් සහිත, ශ්‍රී ලංකාවේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයන්හි දී ද ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළ ආයෝජකයෙක්. ශ්‍රී ලංකාව සමඟ ඔහු සතු මෙම සම්බන්ධතාව සහ උරුමය, මෙරට දිගු කාලීන වර්ධන හැකියාව පිළිබඳව ඔහුගේ සිතෙහි දැඩි විශ්වාසයක් ගොඩනැගීමට හේතු වී තිබෙනවා. ලොව පුරා රටවල් 45ක සිය ව්‍යාපාරික ජාලය දියත් කර ඇති ඔහු ප්‍රමුඛ පෙළේ ආසියානු බිලියනපතියෙක්. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි ප්‍රාග්ධන සම්පාදනය පිළිබඳ වාණිජ නීති තවමත් සංවර්ධනය වෙමින් පවතින දේශීය වෙළඳපොළවල් හා සැසඳීමේ දී ඔහුගේ ව්‍යාපාරික ආකෘතිය ඉතා දුරදක්නා මෙන්ම සවිමත් එකක් බවත් මම සඳහන් කිරීමට කැමතියි. තම තීරණ සහ වැඩකටයුතු කෙරෙහි අවසානය දක්වාම සිය විශ්වාසය තබා කටයුතු කිරීම ඔහු සතු සුවිශේෂීම ලක්ෂණයක්. මම ඔහු සමඟ එක්ව නව ප්‍රාග්ධනයක් රැස්කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා.”

නව සංවර්ධන අවස්ථා අත්කර ගැනීමටත්, පවතින වත්කම් ඉහළ නංවා ගැනීමටත්, කොළඹ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ඇතිවන නව ප්‍රවණතාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් අවශ්‍ය මූල්‍යමය ශක්තිය මෙම නව ප්‍රාග්ධන සම්පාදනය මගින් GLPL සමාගමට හිමිවනු ඇත. රාජු රාධා මහතා සතු දේශීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ශක්තිමත් පදනම සහ විජය ඊස්වරන් මහතාගේ ජාත්‍යන්තර වාණිජ හැකියාව මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ ඇති දීර්ඝකාලීන විශ්වාසය එක්වන මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා, මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය නව පිබිදීමක් ලබන අතර එමඟින් GLPL සමාගමට ද නව උපායමාර්ගික මාවතක් විවර වනු ඇත.
Green Lanka Towers ගොඩනැගිල්ල පූර්ණ වශයෙන්ම ස්වාධීන වත්කමක් බවට පත්කිරීම තුළින් සමාගමේ මෙහෙයුම් කටයුතු වඩාත් නම්‍යශීලීව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව, නව ආයෝජන සහ උපායමාර්ගික අත්පත් කරගැනීම් හරහා ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම පිළිබඳ අවධානය යොමු කරමින්, පහසුකම් නවීකරණය කිරීම, වත්කම්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සහ ආයතනික පාරිභෝගිකයන් සඳහා වඩාත් ගැළපෙන දේපළ වෙළෙඳාම් විසඳුම් පිරිනැමීම කෙරෙහි කළමනාකාරීත්වයේ අවධානය යොමුවී ඇත.
මූල්‍යමය වශයෙන් සමාගම වර්ධනය වීමට සාපේක්ෂව, Green Lanka Towers හි කුලී පදනම මත ව්‍යාපාර කටයුතු පවතාගෙන යන ආයතනය සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට GLPL සමාගම සමත් වී තිබේ. ප්‍රමුඛ පෙළේ බැංකු ආයතනයක් වන NDB බැංකුව සහ කොළඹ පෝට් සිටි ආර්ථික කලාපය සඳහා සේවා සපයන BPO (Business Process Outsourcing) සමාගමක් ද මෑතක දී මෙහි පාරිභෝගික ලැයිස්තුවට එක් වී ඇත.වර්තමානය වන විට කොළඹ වෙළෙඳපල පරිවර්තනය වී ඇති අතර වර්ග අඩි ප්‍රමාණයට වඩා ගොඩනැගිලි හිමිකරුවන්ගේ ස්ථාවරත්වය, නවීන යටිතල පහසුකම් සහ පහසුවෙන් ළඟාවීමේ හැකියාව කෙරෙහි ව්‍යාපාර වැඩි අවධානයක් යොමුකරයි.මෙම පහසුකම් සියල්ල Green Lanka Towers මඟින් පාරිභෝගික ව්‍යාපාර වෙත මැනවින් සපුරා දී ඇති බව මෙමඟින් පිළිබිඹු වේ.
අනාගතයේ දී කොළඹ පෝට් සිටි විශේෂ ආර්ථික කලාපයේ වර්ධනය සහ නව ආයෝජන කලාපයන්හි ඇතිවන වෙනස්කම්වලට අනුගත වෙමින්, කොළඹ ප්‍රධාන ව්‍යාපාරික කලාපයන්හි ඇතිවන ඉල්ලුමට සරිලන සැපයුමක් පිරිනැමීමට GLPL සමාගම සූදානම් වෙමින් සිටියි. ශක්තිමත් ප්‍රාග්ධන පදනමක සහය සමග අතිරේක ප්‍රාග්ධනය රැස්කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමටත්, ද්විතීය සංවර්ධන අවස්ථා අත්කර ගැනීමටත්, පවතින පහසුකම් වැඩිදියුණු කිරීමට මෙන්ම ආයතනික පාරිභෝගිකයන්ට දිගුකාලීන වටිනාකම් ලබාදෙමින් උපායමාර්ගික අත්පත් කරගැනීම් සඳහා යොමුවීමටත් සමාගම සැලසුම් කරයි.
මෙම ප්‍රාග්ධන සම්පාදන උපායමාර්ගය මගින් පවතින වත්කම්, ආයතනික සබඳතා සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකාවේ මීළඟ වාණිජ සහ ආර්ථික වර්ධන අදියරට සක්‍රීයව දායක විය හැකි පරිදි GLPL සමාගමේ කොළඹ දේපළ වෙළඳාම් ව්‍යාපාරික කටයුතු වඩාත් සක්‍රීය වර්ධන ක්‍රියාවලියක් ලෙස පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වේ.
ඡායාරූප සිරස්තල:
රාජු රාධා මහතා – කළමනාකාර අධ්‍යක්ෂ, Green Lankan Property Developer පෞද්ගලික සමාගම.









Post Comment