රථවාහන නීති කඩන රියදුරන් අල්ලන්න පොලීසියෙන් මෘදුකාංගයක්

නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වා දී තිබේ.

මාර්ග අනතුරු අවම කරගැනීම සහ රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම නව ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂා කරයි.

රියදුරන්ගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ කොළඹ නගරයේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුණි.

මෙම මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගි කරගත් මෘදුකාංගයක් හඳුන්වා දීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි. 

මෙම නව මෘදුකාංගය මගින් කොළඹ නගරය තුළ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් කොළඹ ප්‍රධාන CCTV මෙහෙයුම් මැදිරියේ CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කෙරේ. අනතුරුව එම වරද රියදුරා පදිංචි පොලිස් වසමේ පොලීසියට දැනුම් දී රියදුරුට අදාළ දඩකොළ ලබාදීම සිදුවෙයි.

Previous post

Is Sri Lanka going to import coconut?

Next post

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනසහ ලෝක ආහාර වැඩසටහනේ  ශ්‍රී ලංකා නියෝජිතායතන විසින් පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව මෙරට ඌන භාවිතයක් සහිත භෝග  ප්‍රවර්ධනය කිරීම සඳහා ‘අපිනොදන්නඅපේකෑම’ ව්‍යාපෘතිය දියත් කරයි.

Post Comment