ලංකා IOC සමාගමේ ලාභ අඩුවෙයි

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගක් වන ලංකා IOC සමාගම පසුගිය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී රු. බිලියන 2.12 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම ශුද්ධ ලාභ අගය, 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා කරන ලද රු. බිලියන 3.01ට සාපේක්ෂව 29%ක පහළ යාමක් වේ.

පසුගිය කාර්තුවේ මෙම මූල්‍ය කාර්ය සාධනයක් සමඟම 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 සඳහා සමාගම විසින් වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 8.42 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 වාර්තා කර ඇති රු. බිලියන 10.52 ක ලාභ අගය හා සැසඳීමේ දී 19% ක පහළ බැසීමකි.

2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී ලංකා IOC සමාගම රු. බිලියන 62.45ක ආදායමක් වාර්තාකර ඇති අතර එය 2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා වී ඇත්තේ රු. බිලියන 72.02ක් ලෙසයි.

විකුණුම් පිරිවැය 2024 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී  රු. බිලියන 58.16 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය  2023 ඔක්තෝම්බර් – දෙසැම්බර් කාර්තුවේ දී වාර්තා වී ඇත්තේ රු. බිලියන 67.01 ක් ලෙසයි.

මේ අතර අද (20) දිනයේ දී ලංකා IOC සමාගමේ කොටස් මිලෙහි පහළ යාමක් දක්නට ලැබී තිබේ.

Previous post

Huawei and IUCN Launch Tech4Nature Project with Kenya Wildlife Service to Protect Coral Reefs

Next post

DIMO விநியோகிக்கும் Mahindra Yuvo Tech+ 585 உழவு இயந்திரத்திற்கும் ‘மஹட்ட வஹின வாசி வெஸ்ஸ’ திட்டத்திற்கு பெரும் போகத்தில் விவசாயிகளிடமிருந்து அமோக வரவேற்பு

Post Comment