දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය නඟාසිටුවීමේ අරමුණින් යුනිලිවර් Lever Ayush AyurEx Colombo 2024 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි

දිවයිනේ ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් වන “Lever Ayush” 2023 වසරේ ඇති කරගත් සාර්ථක හවුල්කාරීත්වයේ ප්‍රතිඑලයක් වශයෙන් මෙවරත් සංවිධානය වූ “AyurEx Colombo 2024” ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙනු ලැබීය. මෙරට  සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ඇගයීමට සහ දියුණු කිරීමට  “AyurEx Colombo 2024” කදිම වේදිකාවක් විය.

මෙම අවස්ථාව පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ රූපලාවණ්‍ය යහපැවැත්ම සහ පුද්ගල රැකවරණ පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ෂමාරා සිල්වා මහත්මිය මෙසේ සිය අදහස් දක්වන ලදී. “Lever Ayush අප ආයුර්වේද දැනුම ආරක්ෂා කරමින් නව්‍යකරණයන් සිදුකිරීමට කැපවී සිටිනවා.” AyurEx Colombo 2024″ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා අපගේ හවුල්කාරීත්වය මෙයට කදිම නිදසුනක්. මෙම අවස්ථාව ආයුර්වේදය ජාත්‍යන්තර වේදිකාවක් වෙත රැගෙන යමින් දැනුම හා සහයෝගීතාවය හුවමාරුවීමේ සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැකියි. සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳව අධ්‍යාපනික හා පර්යේෂණ තෝතැන්නක් වන”AyurEx Colombo 2024 සමඟ එකතුවීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් ආඩම්බර වෙනවා. මෙම සහයෝගීතාවය තුළින් අනාගත පරම්පරාවට ආයුර්වේදයේ ප්‍රතිලාභ වෙත පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව සහතික කිරීමට අපි උත්සාහ කරනවා. “

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා මෙම සහයෝගීතාව පිළිබඳව මෙසේ සිය අදහස් පළකරන ලදී.” AyurEx Colombo 2024″ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් Lever Ayush කටයුතු කිරීම ගැන අපි සතුටට පත්වෙනවා. ඔවුන්ගේ මෙම අඛණ්ඩ සහයෝගය මෙරට සම්ප්‍රදායික වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත්භාවය හා පර්යේෂණ ඉහළ නැංවීමට මහඟු පිටිවහලක් වනු ඇත. මිනිසුන්ගේ , සතුන්ගේ මෙන්ම පරිසර පද්ධතිවල තිරසාර හා සෞඛ්‍යසම්පන්න ජිවිතය සඳහා එක් සෞඛ්‍යයක් කෙරෙහි අවධානය යොමුකිරීමේ මෙම වසරේ තේමාව සමඟ ශ්‍රී ලංකාවේ මෙන්ම  ගෝලීය ප්‍රජාව යන දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලබාදීමේ සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් සියලුම ප්‍රවේශයන් ලබාදීමේ අපගේ දැක්ම ද මැනවින් සමපාත වෙනවා.”

ශ්‍රී ලාංකීය ආයුර්වේද උරුමයෙන් පොහොසත් Lever Ayush  විසින් මේ වසරේ අනුග්‍රාහක දායකත්වය ලබාදීම තුළින් දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් සිය කැපවීම මැනවින් පිළිඹිබු කරන ලදී.  කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යාපන පිඨය විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය සඳහා ප්‍රවීණ කථිකයන් දසදෙනෙකුට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර ජාත්‍යන්තර ප්‍රවීණ කථිකයන් විසින් ඉදිරිපත් කරන ලද දේශන 15කින් ද මෙම සම්මන්ත්‍රණය සමන්විත විය.

2023 වසරේ හවුල්කාරීත්වය තුළින් ලද සාර්ථකත්වය මෙවර ද AyurEx Colombo 2024 සඳහා Lever Ayush අනුග්‍රහකත්වය ලබාදීමට පදනම සකසන ලදී. පසුගිය වසරේ Lever Ayush ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සම අනුග්‍රහකයා  (Title sponsor) ලෙසත් වෙළෙඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙසත්, කටයුතු කරන ලදී. ආයුර්වේද ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සංවර්ධනය පිළිබඳ ප්‍රමුඛත්වය ලබාගැනීමේ  උපායමාර්ගික සැලැස්ම මෙම වසරේදී සම්මන්ත්‍රණය වෙත වැඩි අවධානයක් යොමුකිරීම ඔස්සේ පසක් වේ.

2018 වසරේදී ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත හඳුන්වාදුන් Lever Ayush වසර 5000ක් පැරණි   අතීත ආයුර්වේද වෛද්‍ය දැනුම වර්තමානය වෙත දායාද කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදෙමින් සිටියි. Lever Ayush සම්ප්‍රදායික ආයුර්වේද දැනුම භාවිතා කරමින් වර්තමාන පාරිභෝගිකයින්ට ගැළපෙන පරිදි සනිපාරක්ෂක සහ රූපලාවණ්‍ය විසඳුම් සපයනු ලබයි. ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය  වනු ලබන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Lever Ayush ආයුර්වේද නිෂ්පාදනයන් ශ්‍රී ලාංකීය උරුමය ආරක්ෂා කිරීමට සහ පෝෂණ කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා හි කැපවීම මැනවින් පිළිඹිබු කරනු ලබයි.

Previous post

Unilever – Lever Ayush Strengthens Commitment to Traditional Medicine as Main Sponsor of International Research Symposium at AyurEx Colombo 2024

Next post

AyurEx Colombo 2024 இல் சர்வதேச ஆராய்ச்சி கருத்தரங்கிற்கு பிரதான அனுசரணை வழங்கிய யூனிலீவரின் லீவர் ஆயுஷ், பாரம்பரிய மருத்துவத்திற்கான உறுதிப்பாட்டை வலுப்படுத்துகிறது

Post Comment