ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ  ප්‍රමුඛයෙකු වන Associated Motorways (Private) Limited (AMW), ජපානයේ Yamaha Motor Co. Ltd.  (YMC) හි බලයලත් නියෝජිතයා ද වේ. Yamaha යතුරු පැදි හා ස්කූටර් වෙනුවෙන්ම විශේෂ කොට ප්‍රවේශමෙන් නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන පෙළක් වන යමාලූබ්  ලිහිසි තෙල්, ශ්‍රී ලංකාව තුළ බෙදා හරින, එකම බලයලත් බෙදා හරින්නා  AMW වේ. Yamaha යතුරුපැදි සහ ස්කූටර්වල ආරක්ෂාව හා කාර්ය සාධනය  හොඳින් පවත්වා ගැනීම සඳහා ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇති ඉංජිනේරුවන් විසින් එය සංවර්ධනය කර තිබේ. 

ඉන්ධන මනාව රඳවා තබා ගැනීම යමාලූබ් විසින් ප්‍රශස්තව සිදු කරයි.  අයහපත්ම පරිසර තත්වයක දී වූව ද, දැඩි ආරක්ෂිත තට්ටුවක් පවත්වා ගනිමින් එන්ජිම් දිරාපත් වීම වළක්වා ගැනීම මින් අදහස් කරයි. මෙම නිෂ්පාදන, ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනය (API) සහ ජාතික සමුද්‍රීය නිෂ්පාදකයන්ගේ සංගමය (NMMA) යන කර්මාන්ත ප්‍රමිතීන්ගෙන් සමන්විතය. යමාලූබ් ලිහිසි තෙල් ඉහළම ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් යුක්ත බවත්, කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල වන බවත් මින් සහතික කරයි.

යතුරු පැදි සහ ස්කූටර්වල එන්ජිමෙහි මනා ක්‍රියාකාරීත්වය වෙනුවෙන් යමාලූබ් ලිහිසි තෙල් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.  යමාලූබ්, එන්ජිමේ කොටස් මත අපද්‍රව්‍ය උත්පාදන හා එක් රැස් වීම වළක්වමින් එන්ජිමේ ආයු කාලය වැඩි කරයි.  එසේම ඉන්ධන දහනය හා ඝර්ෂණය නිසා ජනනය වන තාප අවශෝෂණය කර ගෙන ඒවා පිටතට විසුරුවා හරිමින් එංජිම සිසිල් කිරීම ද මෙමගින් ඇති වාසියකි.  ඝර්ෂණය අඩු කරමින් එනම් ක්‍රියාකාරී මතුපිට මල බැඳීම හෝ විඛාදනය වීම වළක්වමින්, දිගුකල් පැවැත්මක් සහතික කරයි.  එසේම සම්පීඩිත සහ පුපුරන සුළු වායූන්  කාන්දු වීම වළක්වමින් එන්ජිමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ද යමාලූබ් ලිහිසි තෙල් වෙතින් සිදු කරයි.

ආරක්ෂාව සහ හොඳ කාර්ය සාධනයක් ප්‍රමුඛත්වයෙහිලා සලකන පාරිභෝගිකයා වෙනුවෙන් යමාලූබ් කැපී පෙනෙන වාසියක් ලබා දෙයි. යමාලූබ් ලිහිසි තෙල්වලටම ආවේණික වූ අද්විතීය ක්‍රියාකාරී සූත්‍රගත කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම නිසා ඕනෑම Yamaha යතුරු පැදි එන්ජිමකටම ගැලපෙන ලිහිසි කාරකයක් වේ. Yamaha සහ  යමාලූබ් ලිසිහි තෙල් සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස, AMW ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා ග්‍රීස්, ගියර් ඔයිල් සහ දාම ලිහිසි තෙල් ඇතුළු පුළුල් ලිහිසි තෙල් නිෂ්පාදන පෙළක් සපයන නිවහන වේ. දැන් සියලුම බලයලත්  AMW, Yamaha අලෙවි නියෝජිතයන් වෙතින්  යමාලූබ් ලිහිසි තෙල්  ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *