McLarens Lubricants සමාගම විසින් පසු ගිය දා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Mobil AutoCare මධ්‍යස්ථානයක් කිරිබත්ගොඩ දී ආරම්භ කෙරිණි.  මෙම අති නවීන, මෝටර් රථ සේවා මධ්‍යස්ථානය ලොව අංක 1 සින්තටික් මෝටර් රථ ලිහිසි තෙල් සන්නාමය වන Mobil l විසින් බලගන්වන ලද, විශ්වසනීය හා කාර්යක්ෂම මෝටර් රථ සේවා මධ්‍යස්ථාන අතරින් මෙරට පළමු වැන්න ලෙස හැඳින්විය හැකි ය. මෙම සමාරම්භක Mobil AutoCare  සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට McLarens සමූහයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂෙහාරා ද සිල්වා, McLarens සමූහයේ අධ්‍යක්ෂ/සමූහ වාණිජ නිලධාරී මහේෂ් කුරුකුලසූරිය, McLarens Lubricants සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න, McLarens Lubricants සමාගමේ ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු දමිත් සුසන්ත යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වූහ. 

මෙම සුවිශේෂී අවස්ථාවේ දී අදහස් දක්වමින්, McLarens Lubricants සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, ” McLarens Lubricants සමාගම මෙම නවතම Mobil AutoCare  සේවා මධ්‍යස්ථානය හරහා අපගේ ගනුදෙනුකාර මෝටර් රථ හිමියන්ට සුවිශේෂී නිෂ්පාදන හා සේවා රැසක් සැපයීමට බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ රට තුළ පවතින අධි උද්ධමනය සහ නිෂ්පාදනවල හිඟය නොතකමින්, මේ රටේ මෝටර් රථ හිමියන්ට ඔවුන්ගේ වාහනවල නඩත්තු කටයුතු කිසිඳු අපහසුතාවකින් තොරව කරගැනීමේ හැකියාව සහතික කිරීම වෙනුවෙන් අපි අඛණ්ඩව කැප වෙනවා. ” යනුවෙනි.

McLarens Lubricants සමාගම විසින් ස්ථාපිත මෙම Mobil AutoCare සේවා මධ්‍යස්ථානය, කීර්තිමත් දේශීය අලෙවි නියෝජිතයෙකු වන KleenCare Pvt Ltd සමඟ අත්වැල් බැඳගෙන සිටීම ද පාරිභෝගික ජනතාව වෙත විශ්වසනීය මෙන් ම ගුණාත්මක සේවාවක් ලබා දෙන බව තහවුරු කරයි.

ලොව අංක 1 සින්තටික් ඔටෝමෝටිව් ලිහිසි තෙල් සන්නාමය වන Mobil යනු ලොව විශාලතම තෙල් හා  ගෑස් අලෙවි සමාගම වන, එක්සත් ජනපදයේ ExxonMobil සමාගමේ නිෂ්පාදනයකි.  ExxonMobil සමාගම ලොව පුරා වෙළෙඳපොළවල් වෙත සිය නිෂ්පාදන නිකුත් කරන අතර, ලොව මහාද්වීප 6 ක් තුළ තෙල් හා ගෑස් ගවේෂණය කරන සමාගමක් ලෙස ද හඳුන්වා දිය හැකිය.  McLarens Lubricants සමාගම ExxonMobil සමාගමේ එක ම දේශීය අලෙවි නියෝජිතයා වන අතර, එම සමාගම නැව්ගත කිරීම්, සැපයුම්, නිෂ්පාදන, වෙළෙඳාම්, දේපළ සංවර්ධන ඇතුළු තවත් බොහෝ ව්‍යාපාරික ක්ෂේත්‍ර තුළ සාර්ථකත්වයට පත් වී ඇති විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන McLarens සමූහයට අනුබද්ධිත සමාගමකි.

ශ්‍රී ලංකාව තුළ විශ්වාසවන්ත ම ලිහිසි තෙල් සන්නාමය වන Mobil,  වාහනවල ආරක්ෂාව තහවුරු කරන Mobil Super Series හා Delvac Series වැනි ගුණාත්මක නිෂ්පාදන දැරිය හැකි මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබා දෙයි. Mobil හි මූලාරම්භය 1866 වසර දක්වා දිවෙන අතර, එහි නිෂ්පාදන හා සේවාවන්ගේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය නිසා ම එය වෙළෙඳපොළ තුළ වසර 100 කට වැඩි විශිෂ්ටත්වයක් තහවුරු කර ඇත.

Mobil 1 නිෂ්පාදනය Formula 1 ධාවන ලොව ප්‍රමුඛතම කණ්ඩායමක් වන RedBull F1 සමඟ ගොඩනඟාගෙන ඇති හවුල්කාරිත්වය හරහා Formula 1 ධාවන ක්ෂේත්‍රය වෙත ද ජයග්‍රාහී ලෙස අවතීර්ණ වී ඇත.  එමෙන් ම Mobil යනු ලොව ජනප්‍රියතම මෝටර් රථ සන්නාම කිහිපයක් සඳහා Original Equipment Manufacturer (OEM) නිර්දේශය සහිත ලොව අංක 1 කෘත්‍රිම ලිහිසි තෙල් නිෂ්පාදනය වේ. ඊට අමතරව Mobil,  නිෂ්පාදන, බලශක්ති, සමුද්‍රීය හා ගුවන් සේවා ආදී ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන සන්නාමයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *