උසස්ම night photography සහ videography හැකියාවන් තුළින් ජිවිතයේ සෑම අවස්ථාවක්ම පහසුවෙන්ම සනිටුහන් කර ගැනීමට අවස්ථාව සලසන V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය මේ වන විට vivo ප්‍රමුඛ පෙළේ partners සහ අලෙවිකරුවන්ගෙන් කලින්ම වෙන් කරවා ගත හැක.

මේ වන විටත් vivo සිය නවතම V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී අවසන්ය. පාරිභෝගික අත්දැකීම් ඉදිරියට ගෙන යමින් තරඟකාරී මිලකට high-performance සහ camera කේන්ද්‍රීය උපාංග වලින් සමන්විත V-series ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රේණිය යටතේ මෙම V21 5G හඳුන්වා දී ඇත.

V21 ස්මාර්ට් ජංගම දුරකථනය 5G තාක්‍ෂණයෙන් සමන්විත වන අතර සිනිඳු හා සිහින් මෝස්තරවලින් සමන්විතය. තාක්ෂණය අතින් ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා එහි ඉදිරිපස කැමරාව Optical Image Stabilization (OIS) ඇතුළත් කර සංවර්ධනය කර තිබේ.

Vivo ශ්‍රී ලංකා හී  ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “vivo V21 හි ප්‍රමුඛ OIS සහාය සැකසුම් අනාගත ස්මාර්ට් ජංගම දුරකථන වල ඉදිරිපස කැමරා සඳහා ප්‍රමිතිය සැකසීමේ රැඩිකල් පියවරක් සනිටුහන් කර තිබෙනවා. premium sleek design, innovative features, strong performance, හා advanced 5G technology සමඟින් ස්මාර්ට් ජංගම දුරකථනය විස්මිත පරිශීලක අත්දැකීමක් ලබා දෙයි. ශ්‍රී ලංකාව 5G වෙළෙඳපොළ දෙසට වේගයෙන් ගමන්කරමින් සිටින අතර පාරිභෝගිකයින්ට ඉහළ night camera විශේෂාංග සහිත 5G ස්මාර්ට් ජංගම දුරකථන පෙළක් ලබා දීමට Vivo කටයුතු කරමින් සිටිනවා.”

V21 5G හි ඉදිරිපස කැමරාව 44MP OIS රාත්‍රී Selfie පද්ධතියකින් සමන්විත වන අතර 44MP OIS Super Night Selfie, මෙන්ම Selfie Spotlight, AI Night Portrait සමඟ  AI Night Algorithm වැනි නවීන අංගයන් ද ඇතුළත් වේ. Optical Image Stabilization (OIS) විශේෂාංගය මඟින් කැමරාවට වැඩි ආලෝක නිරාවරණයක් ලබා දෙන අතර පැහැදිලි රාත්‍රී දර්ශනයක් ලබා දේ. Electronic Image Stabilization (EIS) සමඟ එක්ව, කැමරාව ultra-stable shots ලබා දෙන අතර, ඕනෑම වේලාවක, ඕනෑම තැනක දී පැහැදිලි selfies සහ උසස් තත්ත්වයේ වීඩියෝ ග්‍රහණය කර ගැනීම සඳහා software-hardware මගින් උපරිම ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි.

44MP OIS Super Night selfie විශේෂාංගය රාත්‍රී දර්ශනවල නිරාවරණ කාලය සැලකිය යුතු ලෙස දීර්ඝ කරයි. එමඟින් ආලෝකය ලබා ගැනීමේ ප්‍රමාණය වැඩි කරන අතර බාධක අවම කරයි. ඒ හරහා රාත්‍රී කාලයේ selfies වඩාත් පැහැදිලි හා දීප්තිමත් කරයි. තවද, AI Night Portrait ප්‍රබල AI algorithm භාවිතා කරන අතර එය AI දීප්තිමත් කිරීමට සහ බාධා අවම කර අතිශය අඳුරු පරිසරයන් තුළ වුවද තොරතුරු බුද්ධිමත්වග්‍රහණය කරන අතර මුහුණු සඳහා වඩා හොඳ අවධානයක් සහ පැහැදිලි බවක් ලබා දෙයි.

V21 5G ඉදිරිපස කැමරාවේ ඇති Selfie Spotlight විශේෂාංගය ඉදිරිපස පුවරුව යටතේ පිහිටා ඇති OLED Selfie Spotlight දෙකක් භාවිතා කරයි. ඒවා තියුණු ඡායාරූප සහ වීඩියෝ ග්‍රහණය කර ගැනීමට සක්‍රීය කළ හැකිය. මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මගින්  Eye Autofocus, Dual View Video, Double Exposure, Child Face Beauty, Personal Facial Feature සහ තවත් බොහෝ නිර්මාණාත්මක අංගයන් ඉදිරිපත් කර තිබේ.

V21 5G හී පසුපස 64MP OIS Night කැමරාව OIS Super Night Mode, OIS Ultra-Stable Video සහ wide-angle photography සහ විවිධ සංකීර්ණ ඡායාරූප ගැනීමට පහසුවෙන් හැසිරවිය හැකි විශේෂාංග සමඟ පුළුල් ඡායා රූප අත්දැකීමක් ලබා දෙයි.

Dual-mode 5G සමඟ හඳුන්වා දී තිබෙන V21 , SA සහ NSA යන dual-mode දෙකටම සහය දක්වයි. එමගින් වඩාත් සුමට හා කාර්යක්ෂම මෙන්ම වඩා ප්‍රබල සම්බන්ධතා අත්දැකීමක් ලබා දීම සඳහා vivo හි 5G ඇන්ටෙනා තාක්ෂණය ද ඇතුළත් කර ඇත. 8GB RAM + 128GB ROM සහිත MTK800U ප්‍රොසෙසරය අඩු බලශක්ති පරිභෝජනයක් ලබා දෙන අතරම වැඩි ස්ථාවරත්වයක් සහ ප්‍රබල ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි. ස්මාර්ට් ජංගම දුරකථනයේ ඉදිරිපස 90Hz High Refresh Rate සහිත E3 AMOLED Display එකක් ලබා දී තිබේ. එමඟින් ප්‍රශස්ත optimal screen brightness, contrast, colour vividness, blue light eye protection පහසුකම් සපයයි. 33W Flash Charge මඟින් ඕනෑම වේලාවක ස්මාර්ට් ජංගම දුරකථනය බල ගැන්වීමට පරිශීලකයින්ට අවස්ථාව සලසා දී ඇත.

V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය සිනිඳු, minimalist flat frame එකක් සහ signature Dual-Tone Step Design එකක් සතුය. පසුපස සුමට AG Glass එකකින් සහ  නවීන විලසිතාත්මකව හැඩවූ Sunset Dazzle සහ Dusk Blue ස්වභාවික වර්ණයන්ගෙන් හැඩ වී ඇත.

V21 5G හි මිල රු. 99,990 / – ක් වන අතර ජුනි 17 වනදා සිට පාරිභෝගිකයින්ට ඔවුන්ගේ V21 5G ස්මාර්ට් ජංගම දුරකථන online හරහා BuyAbans, Dialog, Daraz වෙතින්ද මෙරට ප්‍රමුඛ පෙළේ අලෙවි නියෝජිතයන් හරහා ද වෙන් කරවා ගත හැකිය. එසේම ජුනි 25 සිට ශ්‍රී ලංකාවේ Abans, Dialog, Singhagiri, Daraz සහ දිවයින පුරා විසිරී ඇති අනෙකුත් බලයලත් අලෙවිකරුවන්ගෙන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.  එපමණක් නොව, V21 5G මාදිලිය කලින් වෙන්කරවාගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ TWS Ear buds සහ Dialog වෙතින් දින 30 ක කාලයක් සඳහා 100GB ක Anytime Data bundle එකක් එකක් හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *