ABC Trade & Investment සමාගම FujiClean සහ FujiMAC සමඟ පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරයි
ABC Trade & Investment (Pvt) Ltd සමාගම FujiClean සහ FujiMAC නිෂ්පාදන සඳහා ශ්රී ලංකාවේ නිල පාරිභෝගික නියෝජිතයා ලෙස පත්කර ඇත. ඒ අනුව නිවාස, මහල් නිවාස, හෝටල් සහ වාණිජ ගොඩනැගිලි ඇතුළු දිවයින පුරා විවිධ ක්ෂේත්ර සඳහා ජපන් තාක්ෂණයෙන් යුත් අපජල පිරිපහදු සහ වාතනය කිරීමේ (Aeration) තාක්ෂණයන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට දැන් අවස්ථාව හිමිවේ.
මෙම පත්කිරීම හරහා ජපානයේ අපජල පිරිපහදු පද්ධති ක්ෂේත්රයේ විශාලතම වෙළඳපොළ හිමිකාරීත්වය දරන ප්රමුඛතම ජපන් නිෂ්පාදකයෙකු වන FujiClean සමාගම සමඟ ABC Trade & Investment පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් වේ. එමෙන්ම, අපජල පිරිපහදු යන්ත්ර (STPs), කොයි මත්ස්ය තටාක (Koi ponds) සහ මින්මැදුරු ඇතුළු විවිධ වාතනය කිරීමේ අවශ්යතාවලට නොකඩවා ඔක්සිජන් සහ වායු ප්රවාහයක් ලබාදෙන FujiMAC එයාර් පම්ප් සඳහා දේශීය පාරිභෝගිකයින්ට පවතින ප්රවේශය මෙමගින් තවදුරටත් පුළුල් වේ.

FujiClean නියෝජිතයන් විසින් ABC Trade & Investment සමාගම සම්බන්ධයෙන් සිදුකළ නිරීක්ෂණයකින් සහ ඇගයීමකින් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇත. විවිධ ප්රමාණයේ සහ විවිධ අවශ්යතාවලින් යුත් දේපළ සඳහා සාර්ථක අපජල කළමනාකරණ විසඳුම් සොයන ශ්රී ලාංකික පාරිභෝගිකයින්ට, විශ්වාසනීය ජපන් තාක්ෂණය ලබාදෙන දේශීය නියෝජිතයා ලෙස ABC Trade & Investment සමාගමේ පවතින සුදුසුකම් මෙමගින් නැවතත් තහවුරු වේ.
තම වෘත්තීය විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු කරමින්, ABC Trade & Investment සමාගම අපජල කළමනාකරණය පිළිබඳ උපදේශන ආයතනයක් ලෙස මධ්යම පරිසර අධිකාරියේ (CEA) පිළිගැනීමට ද ලක්ව ඇත. එමගින් සමාගමේ තාක්ෂණික දැනුම මෙන්ම ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් වගකීම්සහගත අපජල කළමනාකරණ විසඳුම් ලබාදීමට ඇති කැපවීම පැහැදිලි වේ.

“අපජල කළමනාකරණය යනු අපගේ නිවාස, ගොඩනැගිලි සහ වාණිජ පරිශ්ර නිර්මාණය කිරීමේදී සහ නඩත්තු කිරීමේදී අත්යවශ්යයෙන්ම අවධානය යොමුකළ යුතු කොටසක්. FujiClean සහ FujiMAC හි ශ්රී ලංකාවේ නිල නියෝජිතයා ලෙස, නිවැරදි තීරණ ගැනීමට පාරිභෝගිකයින්ට අවශ්ය තාක්ෂණික මගපෙන්වීම සහ සහාය ලබාදෙමින්, ලොව පිළිගත් ජපන් තාක්ෂණය දේශීය පරිශ්රයන් සඳහා හඳුන්වා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා.”
FujiClean හි අපජල පිරිපහදු පද්ධති සහ FujiMAC හි එයාර් පම්ප් යන්ත්ර මගින් අපජල කළමනාකරණයේදී එකිනෙකට පූරක (Complementary) කාර්යභාරයක් ඉටු කරයි. තෝරාගන්නා පද්ධතිය සහ ව්යාපෘතියේ අවශ්යතාවය අනුව, තනි නිවාස, බහු-ඒකක නිවාස ව්යාපෘති, සංචාරක හෝටල් පරිශ්ර සහ මහා පරිමාණ වාණිජ ව්යාපෘති සඳහා මෙම තාක්ෂණයන් යොදාගත හැක.
මෙම ප්රමුඛතම සන්නාමයන් ද්විත්වයම ABC Trade & Investment සමාගම හරහා දේශීයව නියෝජනය වන බැවින්, දේපළ හිමිකරුවන්ට, ගොඩනැගිලි සංවර්ධකයින්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට, ඉංජිනේරුවන්ට සහ අනෙකුත් ව්යාපෘති පාර්ශ්වකරුවන්ට තම ව්යාපෘති සඳහා සුදුසු විසඳුම් තෝරාගැනීමේදී අවශ්ය නිෂ්පාදන තොරතුරු සහ තාක්ෂණික මගපෙන්වීම පහසුවෙන් ලබාගත හැක.

ශ්රී ලංකාවේ නේවාසික, සංචාරක සහ වාණිජ යටිතල පහසුකම් වේගයෙන් වර්ධනය වන පසුබිමක, පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට සහ වගකීම්සහගත වර්ධනයකට සහාය වීමට සාර්ථක අපජල පිරිපහදු ක්රමවේද අත්යවශ්ය වේ. මධ්යම පරිසර අධිකාරියේ (CEA) උපදේශන පිළිගැනීම සහ FujiClean හා FujiMAC සමඟ ඇති නිල හවුල්කාරිත්වය පෙරදැරිව, ජාත්යන්තර ඉංජිනේරු තාක්ෂණය සහ කැපවූ දේශීය තාක්ෂණික සහාය එක්තැන් කරමින්, ලොව පිළිගත් ජපන් අපජල පිරිපහදු තාක්ෂණය ශ්රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ලබාදීමට ABC Trade & Investment සමාගම අපේක්ෂා කරයි.











Post Comment