
ජගත් පරිසර ජාතික උත්සවය අද (05) පෙරවරුවේ කෑගල්ල නිදහස් මාවතේ දී මේ වනවිට ආරම්භ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ජගත් පරිසර දින උත්සවයට සහභාගී වීමට නියමිතය.
ජගත් පරිසර දිනයට සමගාමීව රජය විසින් පරිසර සතියක් ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මේ අතර සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීමේ අරමුණින් හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා අදාළ සංචාරක හෝටල් අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපය රැක ගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසියකු පත්කිරීම මෙහිදී සිදුවන අතර ඒ වෙනුවෙන් එම පුද්ගලයාට දීමනාවක්ද ගෙවනු ලබයි.
“සුන්දර වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාවට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රාජ්‍ය, පුද්ගලික හා මහජන යන අංශ ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.
දිවයින පුරා විහිදී ඇති වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගැනීම සංචාරක කර්මාන්තයේ දියුණුවට ඉවහල් වන අතර, සමුද්‍ර සංරක්ෂණ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස, අන්තර්ජාතික මට්ටමින් පිළිගැනෙන “බ්ලු ෆ්ලෑග්” සහතිකය මෙරටට හිමි කර ගැනීමට ද මෙම ව්‍යාපෘතිය දායක වනු ඇත.