
ශ්‍රී ලංකාවේ Shell ලිහිසි තෙල් පිළිබඳ බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන Delmege Energy සමාගම විසින් පසුගියදා ඉහළ කාර්යසාධනයක් සහිතව ලිහිසි තෙල් පිළිබඳ දැනුවත්භාවය සහ එහි භාවිතය වැඩි දියුණු කිරීම සඳහා සන්නාම තානාපතිවරුන් දෙදෙනෙකු පත්කරන ලදී. දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි භාවිතා කරන්නන් අතර සන්නාමය වඩාත් ප්‍රචලිත කිරීම සහ එහි විශ්වසනීයත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස මෙම පත්කිරීම හැඳින්විය හැකිය.
ඒ අනුව මෙරට මෝටර් රථ සඳහා වන Shell ලිහිසි තෙල් පිළිබඳ සන්නාම තානාපතිවරයා ලෙස මෝටර් රථ ලෝලියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ ධාවන ශූරයෙකු වන අශාන් සිල්වා මහතා කටයුතු කරයි. මෝටර් රථ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥ දැනුම සහ උසස් එන්ජින් නඩත්තුව පිළිබඳ තිබෙන දැඩි උනන්දුව, එන්ජින්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් Shell ලිහිසි තෙල් තෝරාගැනීම කෙරෙහි මෝටර් රථ හිමියන් දැනුවත් කිරීමට මෙන්ම ඔවුන්ව ඒ වෙනුවෙන් උනන්දු කරවීම කෙරෙහි බෙහෙවින් ඉවහල් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් අශාන් සිල්වා මහතා මෙසේ සඳහන් කළේය. “ඔබේ මෝටර් රථය තරම්ම එහි එන්ජිම වෙනුවෙන් භාවිත කරන දේ ද ඉතාමත් වැදගත් බව මම සැමවිටම විශ්වාස කරනවා. සෑම මෝටර් රථ හිමියෙකුම බලාපොරොත්තු වන ආකාරයේ සුවිශේෂී කාර්ය සාධනය, විශ්වාසනීයත්වය සහ ගුණාංග Shell ලිහිසි තෙල් මඟින් පිරිනමා තිබෙනවා. ගෝලීය වශයෙන් ඉහළ විශ්වාසයක් දිනාගත් වෙළෙඳ සන්නාමයක් නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම නිහතමානිව සතුටු වෙනවා.”

එමෙන්ම යතුරුපැදි සඳහා වන Shell ලිහිසි තෙල් පිළිබඳ සන්නාම තානාපති ලෙස මෙරට කීර්තිමත් යතුරුපැදි ධාවකයෙකු වන ජැක් ගුණවර්ධන මහතා තේරී පත් වී ඇත. 2024 වසරේ ශ්‍රී ලංකා ජාතික ශූරයා ලෙස මෙන්ම CEAT India Supercross Racing Leagueහි 05 වැනි ස්ථානය දිනාගනිමින් ගෞරවය දිනාගත් ඔහුට යතුරුපැදි නඩත්තුව පිළිබඳ ඇත්තේ ගැඹුරු දැනුමකී. එම දැනුම ඔස්සේ දිවයින පුරා සිටින යතුරුපැදි ධාවකයන් සමඟ සම්බන්ධවෙමින් යතුරුපැදි සඳහා භාවිතා කරන Shell Advance ලිහිසි තෙල්වල උසස් ක්‍රියාකාරිත්වය සහ විශ්වසනීයත්වය ඉස්මතු කිරීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජැක් ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය. “යතුරුපැදි ධාවකයෙකු මෙන්ම තරඟකරුවෙකු ලෙස, එන්ජින් ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාව සඳහා Shell Advance යතුරුපැදි ලිහිසි තෙල්හි වැදගත්කම කියා නිමකළ නොහැකියි.එය මගේ යතුරුපැදි එන්ජිම උපරිම තත්ත්වයේ තබා ගනිමින් සීමාවන්ගෙන් ඔබ්බට ගමන් කිරීමට මට නිරන්තරයෙන් විශ්වාසයක් ලබා දෙනවා.අනෙකුත් යතුරුපැදිකරුවන් සමඟ ද එම අත්දැකීම බෙදා ගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙනවා,”
Delmege Energyහි අලෙවිකරණ ප්‍රධානී රජිත කුලසේකර මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “මෙම තවත් එක් හවුල්කාරිත්වයක් පමණක් නොවේ. එය ඉහළ කාර්ය සාධනයක් සහිතව ජීවත්වන විශ්වසනීය හඬවල් හරහා සැබෑ රියදුරන් සහ යතුරුපැදිකරුවන් සමඟ සම්බන්ධ වීම වෙනුවෙන් සිදුකරන වෑයමක්. ඔවුන්ගේ බලපෑම සහ දැනුම සමඟින්, ශක්තිමත් සන්නාමයක් සහ පාරිභෝගික කැමැත්තක් ගොඩනැගීමට අපි අපේක්ෂා කරනවා.”
Vallibel One සහ Delmege ලිහිසි තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය. “එකිනෙකට වෙනස් මෙම සුවිශේෂී පෞරුෂයන් ද්විත්වය Delmege Energy පවුලට සම්බන්ධ කර ගැනීමට ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. මෝටර් රථ සහ යතුරුපැදි අංශ කෙරෙහි ඔවුන්ට ඇති දැඩි උනන්දුව , හසල දැනුම සහ විශ්වසනීයත්වය සන්නාම තානාපතිවරුන් ලෙස Shell ලිහිසි තෙල් සතු විශිෂ්ටත්වය තවදුරටත් සවිමත් කිරීම කෙරෙහි උපකාරී වනවා.”
මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් සන්නාම තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් බහු මාධ්‍ය අලෙවිකරණ වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ ඩිජිටල් අන්තර්ගතයන්, සජීවී වැඩසටහන් මෙන්ම මෝටර් රථ හිමියන් සහ යතුරුපැදිකරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වී සිදුකරන වැඩමුළු ආදිය පැවත්වීමට අරමුණු කරගෙන සිටියි.
ලිහිසි තෙල් නිෂ්පාදනයේ ලොව අංක 1 සැපයුම්කරුවා ලෙස වසර 18ක් පුරාවට අඛණ්ඩව ඉදිරියෙන් සිටින Shell ,උසස් ප්‍රමිතියෙන් යුතුව අති නවීන තාක්ෂණය අනුසාරයෙන් ලිහිසි තෙල් නිර්මාණය කරමින් මෙරට වාහන හිමියන්ගේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයයි.