
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ අංක එකේ කොටස් හිමියා වන BROWNS INVESTMENTS PLC සිය කොටස් හිමිකාරීත්වය අද (27) පෙරවරුවේ දී අලෙවි කර ඇති බව වාර්තා වේ.
කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ BROWNS INVESTMENTS PLC සතුව පැවති හැටන් නැෂනල් බැංකුවේ 45,317,177 ක කොටස් ප්‍රමාණයක් ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් ලෙසින් අද (27) දිනයේ දී හුවමාරු වී ඇති බවයි.
එහිදී එක් කොටසක් රු. 305.00 බැගින් හුමවාරු වී ඇති අතර එම ගනුදෙනුව හරහා පමණක් රු. බිලියන 13.82 ක පිරිවැටුමක් ජනනය වී තිබේ.
හැටන් නැෂනල් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස් ප්‍රාග්ධනයෙන් 9.99%ක හිමිකාරීත්වය BROWNS INVESTMENTS PLC සතුව පැවති අතර එම ලැයිස්තුවේ දෙවැනි තැන හිමි සේවක අර්ථසාධක අරමුදල, බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් 9.75%කට හිමිකම් කියනු ඇත.
මෙම ගනුදෙනුවත් සමගම අද දින මුල් පැය 2 තුළ දී සමස්ත කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 15 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
කෙසේවෙතත් මේ දක්වා මෙම කොටස් හුවමාරුවේ ගැනුම්කරු කවරෙක්ද යන වග අනාවරණය වී නොමැත.