පසුගියදා සෞදි අරාබියේදී පැවැති  ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන Beautyworld හිදී ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත Hemas International Business විසින් සිය ස්වභාවික ශාකසාර නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන ලදී. රියාද් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා සුප්‍රසිද්ධ කර්මාන්ත වෘත්තිකයන් , ගෝලීය වෙළෙඳනාම සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයන් රැසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සම්බන්ධ වූ එකම ශ්‍රී ලාංකික සන්නාමය Hemas වීමද විශේෂත්වයක් විය.  දින තුනක් පුරාවට පැවැති මෙම ප්‍රදර්ශනයේදී  විවිධ නිෂ්පාදන, ගෝලීය ප්‍රවණතාවන් සහ ව්‍යාපාර අවස්ථා රැසක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී Hemas විසින් රටවල් හතළිහක් නියෝජනය කරමින් පැමිණ සිටි හාරසියයකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක්  වෙත Ceylon Soul Cinnamon නිෂ්පාදන පෙළ සහ සිය සන්නාමයන් වන Kumarika, Vivya, Swa සහ Prasara ආදී නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කරනු ලැබීය. Hemas සන්නාමය සිය නිෂ්පාදන සඳහා පදනම් කරගෙන ඇති ස්වභාවික සංකල්පය මෙන්ම එහි විවිධ  නිෂ්පාදන පිළිබඳ  Hemas කුටිය වෙත පැමිණි ආයෝජකයන් සහ සම්භාවනීය අමුත්තන් වැඩි උනන්දුවක් දැක්වූ අතර ඔවුන් ඒ සම්බන්ධයෙන්  දැනුම හුවමාරු කරගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *