2024 UEFA යුරෝපීය පාපන්දු ශූරතාවලිය (UEFA EURO 2024™) 2024 ජුනි 14 දින ජර්මනියේ මියුනිච් පාපන්දු පිටියේදී ආරම්භ විය. ලොව පුරා මිලියන ගණනක් පාපන්දු ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත්,ලොව වැඩිම පිරිසක් නරඹන පාපන්දු තරඟාවලියක් වන මෙම තරඟාවලියට යුරෝපයේ සිටින ඉහළම කණ්ඩායම් රැසක් සහභාගී වේ. vivo මෙම UEFA EURO 2024™ හි නිල සහකරු ලෙස කටයුතු කරන අතර එමඟින්  2022 FIFA ලෝක කුසලානයෙන් පසු  vivo  ජාත්‍යන්තර  පාපන්දු පිටියට නැවත පැමිණීම සනිටුහන් කරයි.

vivo සතු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තය පිළිබඳ ඉහළ තාක්‍ෂණය, උසස්ම තත්ත්වයේ ඡායාරූප ලබා ගත හැකි නිෂ්පාදන මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා අවස්ථාවන් පිළිබඳ ලද අත්දැකීම් උපයෝගී කරගනිමින් UEFA EURO 2024™ හි ප්‍රේක්ෂකයන් වෙත ඉහළම අත්දැකීමක් පිරිනැමීම‍් vivo හි අරමුණ වේ. UEFA EURO 2024™ හි නිල සහකරු ලෙස, vivo V30, උසස් ඡායාරූපකරණ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ගුණාත්මක ඡායාරූප සහ ආකර්ෂණීය අවස්ථා රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙයි.

vivo V30 මඟින් ගුණාත්මකභාවයෙන් ඉහළ ඡායාරූප සමඟ ක්‍රීඩා පිටියේ සුවිශේෂී අවස්ථා ඡායාරූපගත කරගැනීම

නව vivo V30 හි Aura Light Portrait පහසුකම මෙන්ම එහි සුමට ක්‍රියාවලිය, පැහැදිලි තිරය සහ  දිගු බැටරි ආයු කාලය සමඟ  ඡායාරූප ලබා ගැනීම පිළිබඳ උසස් අත්දැකීමක් තිළිණ කරයි.  සුවිශේෂී තාක්ෂණකින් බලගැන්වෙන මෙහි මෘදු ආලෝකය මඟින් ඡායාරූපගත කිරීමට අංගය අවට තිබෙන පරිසර තත්ත්වය බුද්ධිමත්ව හඳුනාගනිමින් එයට ගැළපෙන පරිදි ආලෝක තත්ත්වය සකස් කරනු ලැබේ. මෙම නවීන තාක්ෂණය තුළින් අවට පරිසරයේ වර්ණයන් සමඟ ඡායාරූපයේ වර්ණ ද සමාන කරමින් ආකර්ෂණීය ඡායාරූප ලබාගැනීම සහතික කරන අතර  අභියෝගාත්මක ආලෝක තත්ත්වයන් යටතේ වුවද විචිත්‍රවත් ඡායාරූපයක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි.

ක්‍රීඩාවේ සහ තාක්ෂණයේ සහයෝගීතාව සමඟ සියලුදෙනා එක්ව සතුට බෙදා ගැනීම

UEFA EURO 2024™ යනු ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රීඩා ඉසව්වක් පමණක් නොව, එය “The Joy of Humanity” යන vivo සන්නාම පණිවිඩය ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යමින් ලොව පුරා පාපන්දු ලෝලීන් සමඟ සම්බන්ධ වීමට vivo හට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ලෙස vivo, විවිධ පර්යේෂණ හා නවෝත්පාදනයන්, උපායමාර්ගික හවුල්කාරිත්වයන් මෙන්ම නිෂ්පාදන සංවර්ධනය තුළින් ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ පවතින සීමාවන්  බිඳ දමමින් සුවිශේෂී තලයකට ගමන් කර ඇත. vivo V30 හි අසමසම හැකියාවන් ඔස්සේ පාපන්දු ලෝලීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට UEFA EURO 2024™ හි සුන්දරත්වය මැනවින් විඳගැනීමට අවස්ථාව හිමි වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශීය නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී යොන්ග්ඩුවාන් ෂෝ මහතා මෙසේ සඳහන් කළේය. “UEFA EURO 2024™ සමඟ අපගේ හවුල්කාරිත්වය හරහා සෑම කෙනෙකුටම මෙම සුන්දර ක්‍රීඩාව නැරඹීමට සහ ඔවුන්ගේ වඩාත්ම ආදරණීය මතකයන් ඡායාරූපගත කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. මෙම ආකර්ෂණීය ක්‍රීඩාව ලොව පුරා සිටින මිනිසුන් එකට එකතු කරන අතර V30  සමඟ ඔවුන්ගේ මතකයන් සුන්දර කතාවක් සේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම අපගේ අරමුණයි. අපි නිරතුරුවම දියුණු තාක්ෂණයන් මඟින් ජංගම දුරකථන ඡායාරූපකරණය වැඩි දියුණු කිරීමට උත්සහ කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *