තිරසාරභාවය උදෙසා සිය උදාර කැපවීම තවදුරටත් සනාථ කරමින් Neptune Recyclers විසින් වෙසක් සහ පොසොන් පොහොය මූලික කරගෙන එම කාලය තුළ PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලදී. ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Neptune Recyclers සිදු කරන ප්‍රයත්නයන්   පරිසරය හා සමාජය තුළ  කැපී පෙනෙන බලපෑමක් ඇති කරයි.

වෙසක් පෝය සමයේ දී PET බෝතල් 4000කට වැඩි ප්‍රමාණයක් එකතු කර ප්‍රතිචක්‍රීකරණය කරමින් පරිසරයේ පිරිසිදුකම සහතික කිරීමට සමත් වූ Neptune Recyclers ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට ද කටයුතු කළේය. මෙම සාර්ථකත්වය නිමිති කරගෙන පොසොන් පොහොය කාලය තුළ ද සිය වැඩසටහන ව්‍යාප්ත කළ Neptune Recyclers විසින් තවත් PET බෝතල් 8,000ක ප්‍රමාණයක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව වෙසක් හා පොසොන් සමයේ එකතු කරන ලද මුළු බෝතල් 12,000කට අධික ප්‍රමාණයක් මෙසේ ප්‍රතිචක්‍රීකරණය කරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ මෙහෙවර වෙනුවෙන් Neptune Recyclers සිය විශිෂ්ට දායකත්වය සාර්ථකව ලබා දෙන ලදී.

 Neptune Recyclers විසින් සිදු කරන මෙම ප්‍රයත්නයන් ඔස්සේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල තුළින් තිරසාරබව ප්‍රවර්ධනය කිරීම මෙන්ම වෙසක් හා පොසොන් පොහොයේ සංස්කෘතික වටිනාකම විදහා දැක්වීම ද සුවිශේෂීව කැපී පෙනුනි. තනි පුද්ගලයෙකු ලෙස හෝ සාමුහික වශයෙන් පරිසර දූෂණය අවම කිරීම වෙනුවෙන් සිදු කරන ක්‍රියාකාරකම් පරිසරයේ සැලකිය යුතු අන්දමේ ධනාත්මක වෙනස්කම් සිදු කිරීමට බලපෑම් කරන බව ඔවුන් පෙන්වා දෙයි.  ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හා තිරසාර භාවිතයන්ගේ වටිනාකම පිළිබඳව අඛණ්ඩව සිදු කරන දැනුවත් කිරීම්  ඔස්සේ එදිනෙදා ජීවිතයේ දී පරිසර හිතකාමී පිළිවෙත් හා හැසිරීම් අනුගමනය කිරීමට Neptune Recyclers  මහජනයා දැනුවත් කිරීම හා පෙළඹවීම  උපරිමයෙන් සිදු කරයි.

අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව සහතිකලත් Neptune Recyclers,  කැපිටල් මහරාජා සමූහය වැනි සමාගම් සමග අත්වැල් බැඳ ගනිමින් සිය සමාගමේ විශ්වසනීයත්වය ඉහළ නංවා ගෙන ඇත. ප්ලාස්ටික් දූෂණය අවම කරමින් හා පරිසර හිතකාමී ලෙස ක්‍රියා කිරීමට ප්‍රජාව දිරිමත් කරමින් Neptune Recyclers හි මෙම වැඩසටහන් මාලාව පරිසරය කෙරෙහි ඉතාමත් සැලකිය යුතු බලපෑමක් සිදු කරයි.

ප්‍රතිචක්‍රීකරණ මුලපිරීම් වෙත සහය දීමෙන් සුරක්ෂිත හරිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එකට එක් වී කටයුතු කිරීමට සහ පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සිදු කරන ප්‍රයත්නයන්  හා එක්වන ලෙස Neptune Recyclers  ආදරණීය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *