දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා අවකාශය ශ්‍රී ලංකාවේ  නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කොළඹ නෙළුම් කුළුණ (CLT) කළමනාකාරීත්වය විසින් එම ව්‍යාපෘතිය සඳහා සුදුසු වෘත්තිකයන් පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී. එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා  Bling Productions සහ Eyeon ආයතන සම්බන්ධ කර ගත් අතර ඔවුන් මනා සහයෝගයකින්  යුතුව දේශීය ඩිජිටල් කලාව,කොළඹ නෙළුම් කුළුණෙහි දැක්ම සහ ප්‍රේක්ෂක ජන විකාශනය ආදී සාධකයන් පිළිබඳ ගැඹුරින් ගවේෂණය කරමින් අති නවීන කලා ප්‍රක්ෂේපණ සිතියම් තාක්ෂණය (Art projection mapping technology) භාවිත කර පුළුල් සැලැස්මක් සකස් කරන ලදී.

දේශීය සහ විදේශයන්හි සිටින දක්ෂ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කරගනිමින් Pixel Bloom ව්‍යාපෘතිය මාස 14කට පෙර  ආරම්භ කරන ලදී. මෙම නිර්මාණාත්මක කාර්යභාරය සඳහා Bling Productions හි Marlon Jesudason  සහ Eyeon හි Obed Kushan විසින්  නායකත්වය ලබාදුන් අතර මෙහිදී  ශ්‍රී ලාංකේය කලාකරුවන් සහ මහජනතාව දිරිගැන්වීම සහ සවිබල ගැන්වීම සඳහා ව්‍යාපෘතියේ  අවශ්‍යතාවන්  ගොනු කළහ. ShakyaTM චිත්‍රාගාරයේ ශාක්‍ය තෙන්නකෝන්මුදලි විසින් මහින්ද ඉලේපෙරුම සහ සඳුනි වර්ණසූරිය විසින් නිර්මාණය කරන ලද “Colombo Chronicles” සහ “Beyond the Map,” යන අත්දැකීම් දෘශ්‍යමය වශයෙන් ජීවමාන කරන ලදී.  ප්‍රේක්ෂකයන් වෙත උසස් අත්දැකීමක් පිරිනමන මෙහි ත්‍රිමාණ කලාප 07 හරහා ආලෝකකරණ සැලසුම් නිර්මාණය කරන ලද්දේ D4 හි ධනුෂ්ක අරුණ විසිනි.

අනුෂ්කා වීරක්කොඩි සහ රැන්ඩි ද සිල්වා සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු වන ෂැනන් ජේකබ් විසින් Pixel Bloom සඳහා ප්‍රධාන තේමා සංගීතය  සහ පසුබිම් සංගීතය රචනා කළහ.මෙහි Neon Jungle හි අවකාශයන් සහ Butterfly Bloom හි ස්වයංක්‍රීයකරණ පද්ධතිය  නිර්මාණය  ඉලෙක්ට්‍රොනික විශේෂඥයෙකු වන නුවන් බණ්ඩාර විසින් සිදු කර ඇති අතර අහමඩ් නිෂාද් සහ මනෝජ් චාමිකර එහි EX1 ස්වයංක්‍රීයකරණ පද්ධතිය නිර්මාණය කිරීමට දායකත්වය ලබා දී තිබේ.

එමෙන්ම ඩිජිටල් කලාව පිළිබඳ  ශ්‍රී ලංකාවේ තිබෙන සීමාවන්ගෙන් ඔබ්බට ගමන් කරමින් Pixel Bloom සංකල්පය නිර්මාණය  කිරීමට, සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට කොළඹ නෙළුම් කුළුණෙහි ගෘහ නිර්මාණ ශිල්පීන්, කාර්මික ශිල්පීන්, නිර්මාණකරුවන්, ලේඛකයින්, කලාකරුවන්, මෘදුකාංග ශිල්පීන් සහ ඉංජිනේරුවන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක් ද දායක විය. EPSON ලේසර් ප්‍රොජෙක්ටර්, media servers සහ ෆයිබර් තාක්‍ෂණයෙන් බල ගැන්වෙන මෙම ප්‍රක්ෂේපණ සිතියම්කරණයේ යටිතල පහසුකම් මඟින් බාධාවකින් තොරව දත්ත හුවමාරු කිරීම සහ උසස් දෘශ්‍ය රූප සහතික කරනු ඇත.  මෙහි තිබෙන චලන සංවේදක සහ ස්වයංක්‍රීය පද්ධති මඟින් අනාගත ඩිජිටල් කලා ගමනක අත්දැකීමක් ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරයි.

‘Colombo Chronicles, Beyond the Map, Pixel Kaleido, FlutterScape, Neon Jungle, Pixel Fusion සහ The Tower’ ආදී වශයෙන් එකිනෙකට වෙනස් වූ ත්‍රිමාණ අත්දැකීම් 07ක් Pixel Bloom ඔස්සේ පිරිනමයි. තාක්ෂණය සහ කලාව ඒකාබද්ධ කිරීම ඔස්සේ ප්‍රේක්ෂකයන්  STEAM අධ්‍යාපනය වෙත යොමුකරමින් විනෝදාස්වාදය සමඟ දැනුම ද ලබාදීමේ පරමාර්ථයෙන් මෙම නිර්මාණය සිදුකර තිබේ.

ප්‍රේක්ෂකයන් වෙත ආකර්ෂණීය  අත්දැකීමක් සහතික කරමින් මෙම නිර්මාණයන් සඳහා තවදුරටත්  නැවුම් ප්‍රවේශයන් ලබාගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර නිර්මාණකරුවන් සමඟ අඛණ්ඩව මනා සබැඳියාවකින් කටයුතු කිරීම Pixel Bloom හි ප්‍රධාන අරමුණ වේ. Bling Productions සහ Eyeon විසින් සමාජීය සහ විවිධ කාලවලට අදාළ විශේෂ සිදුවීම් පිළිබිඹු වන පරිදි මෙම දෘශ්‍ය අත්දැකීම් යාවත්කාලීන කිරීමට සැලසුම් කරන අතර Pixel Bloom ඩිජිටල් ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක ස්වරූපයන් ගවේෂණය කිරීම සඳහා කදිම වේදිකාවක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කලාවේ  දෘශ්‍ය අවකාශය යළි නිර්වචනය කරමින් අනාගත ලෝකයට පිවිසීමට සහ ඩිජිටල් කලාවේ ආශ්චර්යමත් බව රසවිදීමට Pixel Bloom  ජනතාවට ඇරයුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *