ජනශක්ති ලයිෆ්, සිය විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සේවකයින් ආයතනය වෙනුවෙන් කරන අසීමිත කැපකිරීමට අරුතක් එක් කිරීම වෙනුවෙන් මෙලෙස විදෙස් සංචාර පිරිනැමීම සමාගමේ දීර්ඝකාලීන සිරිතකි. මෙම උළෙල මගින් සේවක අභිප්‍රේරණය මෙන්ම විශිෂ්ටත්වය සඳහා ඔවුන් තුළ වූ කැපවීමද මනාව විදහා දක්වයි. 2024 ඔක්තෝම්බර් 4 වන දින ආරම්භ වී දින පහක් පුරා පැවති මෙම උළෙල, ජනශක්ති ලයිෆ් විසින් විදෙස් රටක පවත්වන ලද සම්මාන උළෙලකදී වැඩිම විශිෂ්ටයින් පිරිසක් ඇගයීමට ලක්කළ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගතවනු ඇත.
මෙම අභිමානවත් අවස්ථාවට සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු ජයග්‍රාහකයින් 75 කට වැඩි පිරිසක් සහභාගී වූහ. මෙහිදී ඔවුන් සමාගම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වයන් අගය කරනවාට අමතරව කණ්ඩායම් සහයෝගීතාවය වර්ධනය කරගැනීමටද අවස්ථාව සලසාදෙන ලදී. උත්සවයෙන් පසුව, විනෝදකාමී ක්‍රියාකාරකම් රැසක නිරත වී ප්රතිලාභ රැසක් සහ සුන්දර මතකයන් තමන් සතු කරගැනීමට ඔවුන්ට හැකිවිණි.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ලයිෆ් හි අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා ප්‍රකාශ කළේ,”දස්කම් දක්වන දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීම ජනශක්ති ලයිෆ් සංස්කෘතියේ මූලික අංගයක්. මෙම තායිලන්ත සවාරිය විශිෂ්ටත්වය ඇගයීමට සහ උද්යෝගිමත් සේවක පිරිසක් ඇතිකිරීමට අපි කරන අසීමිත කැපවීමට කදිම නිදසුනක්. අපගේ කණ්ඩායමේ සාමාජිකයින් දරන වෙහෙස මහන්සිය සහ ඔවුන්ගේ ජයග්‍රහණ හඳුනාගැනීම තුළින් ඔවුන්ව තව තවත් සාර්ථකත්වය කරා මෙහෙය වීමට හැකි බව අපි විශ්වාස කරනවා. ඉදිරියේදී අපේ ජයග්‍රාහකයින් හට තව අමතර ප්රතිලාභ ලබා දීමටත් ඔවුන්ට ජනශක්ති ලයිෆ් සමඟ සුන්දර අත්දැකීම් රැසක් තිලිණ කිරීමටත් අපි කටයුතු කරනවා.” යනුවෙනි.
ජනශක්ති ලයිෆ් සිය සේවකයින්ගේ හැකියාවන් නඟා සිටුවීමටත් ඔවුන්ගේ සාර්ථකත්වයන් අගය කරන ආයතනික පරිසරයක් ඇති කිරීමටත් නිරන්තරයෙන් කැපවී සිටී. සිය විශිෂ්ටයින් හඳුනාගැනීමට සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරනු ඇත.
අවසානයි.
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී පිළිබඳ:
1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ කරන ලද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (ජනශක්ති ලයිෆ්) වසර 30ක කාලය තුළ රක්ෂණ ක්ෂේත්රයේ නවොත්පාදකයෙකු මෙන්ම ජනප්‍රියතම සන්නාමයක් බවට පත්ව ඇත. දීප ව්‍යාප්ත ශාඛා 80ක් සහ පාරිභෝගිකයින් වෙනුවෙන් කැපවූ ඇමතුම් මධ්‍යස්ථානයක්ද සමාගම සතුව පවතී. “ජීවිත නඟාසිටුවීම සහ සිහින සවිබල ගැන්වීම” යන අරමුණ පෙරදැරිව සිය ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට රක්ෂණයෙන් ඔබ්බට සේවාවක් ලබා දෙමින් ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වීමට ජනශක්ති ලයිෆ් කැපවී සිටී. තවද ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන යන අංශවල සිය මෙහෙයුම් කටයුතු සිදුකරන ජනශක්ති සමූහයේ සාමාජිකයෙකි.
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලයට ප්‍රකාශ් ෂාෆ්ටර්, රවී ලියනගේ, රමේෂ් ෂාෆ්ටර්, වරිනි ද කොස්තා, අන්නිකා සේනානායක, සිවක්රිෂ්ණරාජා රෙන්ගනාදන්, ආචාර්ය. නිශාන් ද මෙල්, ආචාර්ය ගෙහාන් ගුණතිලක සහ දිලිප් ද එස්.විජයරත්න යන අය ඇතුළත් වේ.
ඡායාරූප විස්තරය:
ජනශක්ති ලයිෆ් විශිෂ්ටයින් තායිලන්තයේ පැවති Good to Great Awards සම්මාන උලෙළේ දී