ශ්‍රී ලංකාවේ කාර්යබහුලතම අගනගරය වන කොළඹ මධ්‍යයේ පිහිටි, ජපානය විසින් හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo පසුගියදා සිය පළමු සංවත්සරය ක්ෂේත්‍රයේ ගෞරවනීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.  හෝටල් කළමනාකාරිත්වය විසින් සිය අභිමානවත් ගමන්මඟ සහ සෑම අමුත්තෙක් සඳහාම සුවිශේෂී සේවා අත්දැකීමක් ලබාදීමට ඔවුන් තුළ වූ කැපවීම පිළිබඳව මෙහිදී අදහස් ප්‍රකාශ කළේය.  තවද සිය වටිනා අනුග්‍රාහකයින් සඳහා රාත්‍රිය ගතකිරීමට අවස්ථාවක්, The All Day Dining Restaurant හි රාත්‍රී භෝජන සතියක් සහ The Bar On the Top හි විශේෂ විනෝදාස්වාදන අවස්ථාවක් සඳහා ආකර්ෂණීය සමාජ මාධ්‍ය දීමනාවක් ද මෙහිදී නිවේදනය කරන ලදී.

Belluna Co. Ltd හි සභාපති කියෝෂි යසුනෝ (Kiyoshi Yasuno) මහතා, Belluna Co. Ltd හි අධ්‍යක්ෂ හිරෝෂි යසුනෝ (Hiroshi Yasuno) මහතා, Belluna Japan හි අධ්‍යක්ෂ ජුන්කෝ කටෝ (Junko Kato) මහත්මිය, Belluna Lanka හි සහකාර නිශාන්ත පෙරේරා මහතා සහ SLITHM හි සභාපති ශිරන්ත පීරිස් මහතා  ඇතුළු සම්භාවනීය අමුත්තන් Granbell Hotel Colombo හි සංවත්සර උත්සවයට සහභාගී වූහ.

විවිධ අභියෝග හමුවේ 2022 අප්‍රේල් මාසයේ සිය සමාරම්භය සනිටුහන් කළ Granbell Hotel Colombo, ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, සංචාරක නියෝජිතයින්, ආයතනික හවුල්කරුවන් සහ විදේශීය සංචාරක ක්‍රියාකරුවන්ගේ නොමඳ සහයෝගය නිසා 2022 නොවැම්බර් මාසයේ සිට 40%කට වැඩි නේවාසික අනුපාතයක් පවත්වා ගැනීමට සමත්වී ඇත. දිල්ලිහි පවත්වන ලද SATTE 2023 සහ ඩුබායි හි පවත්වන ලද Arab Travel Mart යන සංචාරක ප්‍රදර්ශනයන්ට සහභාගී වූ Granbell Hotel Colombo, සිය අන්තර්ජාතික මට්ටමේ පහසුකම් සහ විශිෂ්ට සේවාවන් එහිදී ප්‍රදර්ශනය කරන ලදී. තවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි වසරේ දී පැවැත්වීමට නියමිත World Travel Mart සහ තවත් සංචාරක ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට හෝටලය අපේක්ෂා කරයි.

කාණ්ඩ 4කට අයත් කාමර 292කින් හරි අඩකට මහා සාගරය දර්ශනය වන ලෙසින් නිමවා ඇති මෙම හෝටලය වෙරළබඩ වටපිටාවට සහ පරිසරය විඳීමින් විනෝද වීමට කැමති සංචාරකයින් හට කදිම ස්ථානයක් යැයි කිව හැකිය. මෙහි වූ සුඛෝපභෝගී කාමර ඉන්දියන් සාගරය දර්ශනය වන පරිද්දෙන් වූ නාන තටාක වලින් සමන්විත වේ. කාර්යබහුල කොළඹ නගරයේ සහ සාගරයේ සිරි නැරඹීමටම වෙන්වූ ඉහළ මහලේ ඇති infinity pool සහ bar මඟින් නෙත් වසඟ කරන දසුන් ලබාදෙන අතර ජපන් අවන්හල ප්‍රණීත ආහාරවලින් ඔබේ කුස ප්‍රබෝධමත් කරයි.

සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ජාත්‍යන්තර භෝජන සංග්‍රහයන්ට අමතරව Granbell Hotel Colombo, උත්සව ශාලාවක්, රැස්වීම් කාමරයක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් ඇතුළු ආයතනික සහ ව්‍යාපාරික පහසුකම් වලින්ද සමන්විත වේ. හෝටලයේ පිහිටීම ව්‍යාපාරික, විනෝදාස්වාදන සහ සාප්පු සවාරි වෙත පහසු ප්‍රවේශයක් සපයන බැවින් ව්‍යාපාරිකයින් සහ සංචාරකයින් සඳහා මෙය කදිම තෝතැන්නකි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති වසර 70කට වඩා පැරණි මිත්‍රත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිවූ Granbell Hotel Colombo, මෙම සබඳතා ශක්තිමත් කිරීමට සහ සංස්කෘතීන් අතර සහයෝගය වැඩිදියුණු කිරීමට අවධානය යොමු කර ඇත. සුඛෝපභෝගී පහසුකම් මෙන්ම ලෙන්ගතු ආගන්තුක සත්කාර ද විඳිමින් විවේකය ගත කිරීමට කැමැති සංචාරකයින්ට https://granbellhotel.lk/ වෙත පිවිසීමෙන් හෝ 11 2 397 397 අමතා ඔබගේ නවාතැන් වෙන්කරවා ගතහැක.

Le Grand Galle හි හිමිකරු වන Belluna, මෙම අගෝස්තු මාසයේ සිය පස්වන සංවත්සරය සැමරීම සඳහා මහත් ආශාවෙන් බලා සිටී. ඓතිහාසික ගාලු කොටුවට සහ මනස්කාන්ත මුහුදට මිනිත්තු පහක් ඈතින් අලංකාර ලෙස පිහිටා ඇති Le Grand, විවිධ ප්‍රමාණයන්ගේ ඉඩකඩ සහිත කාමර පහසුකම් පිරිනමන අතර එහි අතිවිශිෂ්ට කාමර 57 තුළ, ජැකුසි සහ ප්ලංග් පූල් කට්ටල ඇතුළුව සැඟවුණු පහසුකම් රාශියක් ඇත. එහි අසමසම පිහිටීම ප්‍රීතිමත් නිවාඩුවක් ගත කිරීමට අපේක්ෂා කරන පවුල් සහ සංචාරකයින් යන දෙපාර්ශවයටම කදිම තෝතැන්නකි. මෙහිදී රසවත් මුහුදු ආහාර රසවිඳීමටත් නාන තටාකයේ සිට නිස්කලංක පරිසරයක සුව විඳීමටත්, සිත ගත සුවපත් කරන ස්පා අත්දැකීමක් ලබාගැනීමටත් හැකියාව පවතී. Le Grand Galle සිත් ඇදගන්නා මංගල උත්සව සඳහා ආකර්ශනීය ස්ථානයක් වන අතර ආදර මධුසමය සඳහා කදිම ගමනාන්තයකි. ඔබගේ නවාතැන් වෙන්කරවා ගැනීමට https://www.legrandgalle.lk/ වෙත පිවිසෙන්න නැතිනම් 91 2 228 555 අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *