සිංගර් ෆිනෑන්ස් , සිය 49 වන ශාඛාව නෙල්ලිඅඩි හිදී හා 50 වන ශාඛාව යාපනය නගරයේදී එකම දිනක එනම් 2023 මාර්තු 31 වන දින උත්සවාකාරයෙන් විවෘත කළ අතර දැනටමත් යාපනය ජනතාවගේ උපරිම විශ්වාසය දිනා ගනිමින් ඔවුනට ඉහළම සේවයක් ඉටු කරමින් සිටියි. දිවයින පුරා විසිරී ඇති ශක්තිමත් හා ස්ථාවර ශාඛා ජාලයක් පිරිවරා ගෙන සිංගර් ෆිනෑන්ස් ,  යාපනය අර්ධ ද්වීපයට පිවිසෙන්නේ පුරා විසි වසරක මූල්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිතවය. විසි වසරක කාලයක් තුළ ශාඛා 50ක් දීප ව්‍යාප්තව පිහිටුවීමෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් හැඟී යන්නේ සිංගර් ෆිනෑන්ස් සිය පාරිභෝගිකයන්ගේ උපරිම විශ්වාසය දිනා සිටින බවයි.   ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් වසංගත තත්ත්වය හා ඒ හා සමගම එළැඹි දැඩි ආර්ථික අර්බුදය හමුවේ බොහෝ මූල්‍ය ආයතන පසුබෑමේ තත්ත්වයක් පෙන්නුම් කළද සිංගර් ෆිනෑන්ස් එකී අර්බුද සමය තුළ වුවද සිය ශාඛා ජාලය තව තවත්   ව්‍යාප්ත කරමින් වඩාත් ස්ථාවර වූයේ ආයතනය සතු ශක්තිමත් ප්‍රාග්ධන පදනම හා සැළසුම්සහගත,  විධිමත්, අත්දැකීම් සපිරි නිවැරදි පරිපාලනය නිසාවෙනි. 

සිංගර් ශ්‍රී ලංකා සහ හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන සිංගර් ෆිනෑන්ස්, හේලීස් සමූහය තුළ ක්‍රියාත්මක වන එකම මූල්‍ය ආයතනය වේ.  ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහජන විශ්වාසය දිනා සිටින සිංගර් ශ්‍රී ලංකා සහ හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයක් ලෙස සිංගර් ෆිනෑන්ස් කටයුතු කිරීම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වඩාත් ඉහළ නැංවීමට හේතුවක් වී තිබේ. කල් පවත්නා සබඳතා මත ගොඩනැගෙනා අත්දැකීම් ඇසුරෙන් ගනුදෙනුකරුවන් වෙත වඩාත් ප්‍රයෝජනවත් හා විශ්වාසදායී සේවාවක් ලබාදීම සිංගර් ෆිනෑන්ස් මෙහෙවරයි.

සිංගර් ෆිනෑන්ස් , සිය පළමුවන ශාඛාව වත්තල නගරයේ ආරම්භ කරනු ලැබුවේ 2004 අප්‍රියෙල් මාසයේය. ඉන් වසර 7කට පසු සිය 10 වන ශාඛාව 2011 ජූලි 15 වන දින ඔවුන් විවෘත කරනුයේ වවුනියා නගරයේය.  ඊළඟ වසර 4 තුළ තවත් ශාඛා 10 ක් පිහිටුවන සිංගර් ෆිනෑන්ස් ,සිය 20 වන ශාඛාව කොළඹ 02,  යූනියන් පෙදෙසෙහි පිහිටුවන්නේ 2015 ඔක්තෝබර් මාසයේය. ඉන් වසර දෙකක් ඇතුලත තවත් ශාඛා 05 ක් සිය ශාඛා ජාලයට එකතු කරගන්නා සිංගර් ෆිනෑන්ස් 2017 සැප්තැම්බර් සිය අභිමානවත් 25 වන ශාඛාව කුලියාපිටිය නගරයේ විවෘත කරන්නේ දිවයින පුරා විසිරුණු සිය ශාඛා ජාලයේ රිදී ජුබිලිය සමරමිනි. තම 30 වන ශාඛාව 2019 ජනවාරි මාසයේ කෑගල්ල නගරයේ ස්ථාපිත කොට ඉන් වසර දෙකක් තුළ තවත් ශාඛා 10කින් සිය ශාඛා ජාලය පුළුල් කරනා සිංගර් ෆිනෑන්ස් , 40 වන ශාඛාව 2021 නොවැම්බර් මසදී පිළියන්දල පිහිටුවා තවත් වසර 02 කින් නව ශාඛා 10 ක් විවෘත කොට 49 හා 50 වන ශාඛා නෙල්ලිඅඩි හා යාපනයේ විවෘත කරනුයේ ස්ථාවර මූල්‍ය ගමනක සාර්ථකත්වය සනිටුහන් කරමිනි. 2017 සිය 25 වන ශාඛාව පිහිටුවන සිංගර් ෆිනෑන්ස් 2023 දී 50 වන ශාඛාව පිහිටුවන්නේ වසර 5 ක් තුළ සිය ශාඛා ජාලය දෙගුණයක් දක්වා වර්ධනය කරගැනීමෙනි. මෙහි විශේෂත්වය වන්නේ 2019 සිට 2023 මේ දක්වා කාලවකවානුවේ පැවති විවිධ වසංගත හා ආර්ථික අර්බුද හමුවේ සිංගර් ෆිනෑන්ස් ඊට සාර්ථක ලෙස මුහුණ දෙමින් තම සේවා ජාලය තව තවත් වර්ධනය කරගැනීමයි.  තරඟකාරී වෙළඳපොල තුළ සිංගර් ෆිනෑන්ස් ආයතනයේ වර්ධනය හා ස්ථාවරභාවය කැපී පෙනෙන්නේ එබැවිනි.  

යාපනය අර්ධ ද්වීපයට සිංගර් ෆිනෑන්ස් පිවිසෙන්නේ යාපනය ජනතාවගේ ජන ජීවිතය, ඔවුන්ගේ පාරම්පරික වෘත්තීන් පිළිබඳව පමණක් නොව ඔවුනටම ආවේනික වූ සංස්කෘතික හා ආගමික ආකල්පයන් පිළිබඳ මනා අවබෝධයකින් හා දැනුවත්කමක් සමගිනි. එසේම යාපනය ජනතාවගේ සියළු ආකල්පයනට හා සියළු වෘත්තීය මට්ටම් සඳහා ගැලපෙන සේ සැලසුම් කොට ඇති සහනදායක, විශ්වාසදායී හා පහසු මූල්‍ය පහසුකම් යෝජනා රැසක් සමගිනි. එසේම යාපනය ජනතාවට භාෂාමය වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් වඩාත් සමීප සේවක මඩුල්ලක් ඔවුනගේ සේවය පිණිස නිරතුරුවම ඇප කැප වී සිටිති.  සිංගර් ෆිනෑන්ස් වෙත පැමිණ ඔවුන්ගේ ආකර්ෂණීය හා විශ්වාසදායක මූල්‍ය සේවාවන් අත්විඳ වෙනස වටහාගන්නා ලෙස ඔවුන් ජනතාවට ඇරයුම් කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *