වර්ෂ 1958 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන 100% ක් ශ්‍රී ලාංකික ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, දේශීය PVC පයිප්ප හා සවිකිරීම් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. තමන්ට ආවේණික අද්විතීය මෝස්තර, නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව දේශීය හා විදේශීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට සමාගම නිරන්තරයෙන් කැපවී සිටී.

ශ්‍රී ලංකාවේ PVC කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Anton, ඔවුන් තම ආයතනය තුළදීම නිපදවන HDPE පයිප්ප සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSNDB) වෙතින් පිරිනැමෙන HDPE පූර්ව සුදුසුකම පසුගියදා හිමිකරගන්නා ලදී. HDPE පයිප්ප ඉහළ ඝනත්ව පොලිඑතිලීන් භාවිතයෙන් සාදා ඇති අතර, ජලය, අන්තරායකර අපද්‍රව්‍ය, විවිධ වායූන් වර්ග සහ තවත් බොහෝ දේ රැගෙන යාමට භාවිතා කරයි.  HDPE පයිප්ප නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍යවල ශක්තිමත් අණුක බන්ධනය නිසා එය අධි පීඩන නල මාර්ගවල භාවිතා කිරීම සඳහාද සුදුසු වේ.

HDPE පයිප්ප ඒවායේ ශක්තිය, රසායනික ස්ථායීතාවය සහ ඉහළ ඝනත්වය හේතුවෙන් ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන අතර ඒවාට ඉතා දැඩි නැමීමේ අරයක් ඇති නිසා, ඒවා අතිශයින්ම නම්‍යශීලි වන අතර කාන්දුවීම් වලින් ද තොර වේ. HDPE පයිප්ප සැහැල්ලු බරකින් යුක්ත බැවින් බර ඉසිලීමේ උපකරණ භාවිතයෙන් තොරව ඒවා ස්ථාපනය කළ හැකිය. මෙම ප්‍රතිලාභ නිසා ජල සම්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර වල HDPE පයිප්ප භාවිතය ඉදිරි වසරවලදී අඛණ්ඩව වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇත.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් HDPE පූර්ව සුදුසුකම ලබාදෙනුයේ, අමුද්‍රව්‍ය, නිෂ්පාදන ක්‍රියාවලිය, තත්ත්ව සහතික සහ තවත් බොහෝ දේ පිළිබඳ පුළුල් පරීක්ෂණ මාලාවක් සහ සමස්ත විගණනයකින් පසුවය. Anton, EN 12201-2 සහ ISO 4427 ප්‍රමිතීන්ට අනුව HDPE පයිප්ප නිෂ්පාදනය කරන ලද ප්‍රථම නිෂ්පාදකයා වූ අතර SLS 1498-2015 (ISO 4427-2: 2007 (E)), ISO 9001:2015 සහ WRAS වැනි තත්ත්ව සහතික මඟින් එහි ප්‍රමිතිය සනාථ කර ඇත.

St. Anthony’s Industries Groupහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙම සහතිකය පිළිබඳ සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. “අපි HDPE පයිප්ප නිෂ්පාදනයට පිවිසුනේ 2012 වසරේදී. ඒ සමඟ ශ්‍රී ලංකාවේ පළමු HDPE පයිප්ප නිෂ්පාදකයා වීමට ලැබීම ගැන අපිට ඇත්තේ ආඩම්බරයක්. මෙම සහතිකය, අප සෑම විටම ඉහළම ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන සපයා ඇති බව තවදුරටත් තහවුරු කරනවා.”

Anton යනු, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ සිය පොරොන්දු වෙනුවෙන් සැමවිටම පෙනී සිටින සමාගමකි. නව්‍ය නිෂ්පාදන සහ සේවා සැපයීම සඳහා හොඳම ක්‍රමවේදයන් අනුගමනය කරන Anton, ඉදිරි වසරවලදී HDPE පයිප්ප සහ උපාංග නිෂ්පාදනය සිය කර්මාන්තශාලා තුළම සිදුකිරීමට අදහස් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *