ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම පසුගියදා පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය දිනාගැනීමට සමත්වීය. මෙයට අමතරව කෘත්‍රීම පාරිසරික පද්ධති නඩත්තුකරණය, සනීපාරක්ෂක සේවා පහසුකම් සැපයීම Cleantech හී තවත් සේවාවන් ලෙස හඳුන්වාදීය හැකිය.

Cleantech පුද්ගලික සමාගමේ තත්ත්ව සහතික ප්‍රධානී ජනුක කුලරත්න මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.”Cleantech සමාගම මෙබඳු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්ව සහතිකයකින් පිදුම් ලැබීම අපගේ පාරිසරික විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරුකිරිමක් ලෙස සලක්න පුළුවන්. අප සෑමවිටම අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් හොඳ තිරසර පාරිසරික විසඳුම් සැපයීමට කටයුතු කරනු ලබනවා. මුළුමහත් ලෝකය උදෙසා වඩාත් තිරිසර පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.”

“මෙම තත්ත්ව සහතිකය දිනාගැනීම මඟින් පෙනීයන්නේ Cleantech පුද්ගලික සමාගම සතු පැහැදිලි දැක්මයි. පාරිසරික අවදානම් කළමනාකරණ, ලේඛන හා දත්ත නිවැරදිව හැසිරිවීම, පාරිසරික දැනුවත්භාවය වැනි සෑම ව්‍යාපාරික ක්‍රියාවලියකට නිශ්චිත හා ශක්තිමත්  ක්‍රියාපටිපාටියක් භාවිතා කිරීම මෙම ජයග්‍රහණයේ හේතුවයි. එසේම මෙම ISO14001:2015 තත්ත්ව සහතිකය දිනගැනීම පිටුපස ඇත්තේ අපගේ Cleantech කණ්ඩායමේ කැපවීම, ශක්තිය හා ඔවුන් විසින් පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් ගනු ලැබු සෘජු ක්‍රියාමාර්ගයන්ගේ විශිෂ්ටත්වයයි.” ISO 14001:2015 ව්‍යාපෘති ප්‍රධානි සෙව් පෙස්ටොන්ජි මහතා ද මෙසේ සිය අදහස් දක්වන ලදී.

2002 වසරේ දී ආරම්භ කරන ලද Cleantech පුද්ගලික සමාගම අපද්‍රව්‍ය කළමනාකරණ හා ප්‍රතිචක්‍රිකරණය සඳහා වන නව්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ දිගුකාලීන කිර්තියක් දිනාගෙන ඇත. වසර 21 කට වැඩි ක්ෂේත්‍රගත පළපුරුද්දක් සහිතව නව ව්‍යාපාරික අවස්ථා සංවර්ධන කරමින් ඉදිරියට ගමන් කරන ප්‍රමුඛතම සමාගමක් වශයෙන් ද Cleantech සමාගම හඳුන්වාදිය හැකිය. ISO 14001:2015 තත්ත්ව සහතිකය දිනාගැනීම තුළින් තවදුරටත් සේවාවන්ගේ පළපුරුද්ද හා විශ්වාසනීයත්වය තහවුරු කරන අතරම සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් තිරසාර පාරිසරික විසඳුම් සැපයුම්කරු ලෙස උපරිම දායකත්වය නිරතුරුව ලබාදීමට Cleantech පුද්ගලික ආයතන කටයුතු කරනු ලබයි. ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතන මෙන්ම මහ නගර සභා සමඟ සහයෝගයෙන් විවිධ ව්‍යාපෘතියන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *