වසර 75ක අසමත් වීම් සිදුව ඇතත්,ඒ කිසිවකින් පාඩම් නූගත් දේශපාලන පක්ෂ සහ සාම්ප්‍රදායික දේශපාලනය මේ මොහොතේ මහජනතාව බැහැර කරමින් සිටී.එම නිසා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුද වලට තිරසර විසඳුම සඳහා නව පරපුරක දේශපාලන ප්‍රවේශය එක්සත් සියවස් පෙරමුණ එළිදැක්වීම 29 වන සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දි සිදු විය.

වසර 4 ක් පුරා බිම් මට්ටමේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සමීක්ෂණය කරමින්,ජනතාව දැනුවත් කරමින්,දේශපාලන අධ්‍යයන කේන්ද්‍රය හරහා නායකයන් ගොඩනගමින් පැමිණි ගමනේ සංදිස්ථානය ලෙස අද දිනය හැඳින්විය හැක.

රට ගොඩනැගීමට ආර්ථික පුනරුදයක් ඇති කිරිමටත් ,කෘෂිකර්මය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් ඒ හරහා ආර්ථික විපරිවර්තනයකට ගමන් කිරිමටත් අප සැළසුම් කර තිබේ.ලෝකය පිළිගත් ඉහළ ප්‍රමිතින්ට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරිමටද අපේක්ෂා කෙරේ.

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරිමට කැපව සිටින අප,ඒ වෙනස අප තුළින්ම නිරූපනය කිරිමට මේ මොහොතේ පටන් සූදානම් බව නොබියව ප්‍රකාශ කරමු.වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරිමටත්,පක්ෂයේ අයවැය ප්‍රකාශයට පත් කිරිමටත්,කාන්තා සහ තරුණ නියෝජය වැඩි කිරිමටත් අප කැපව සිටිමු.

අද සිට ගම්මාන 100ක අපගේ පස් වැදෑරුම් වැඩසටහන ආරම්භ කරන අතර,ළමා පෝෂණ,ව්‍යවසායකත්ව,තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රිසි,මත්ද්‍රව්‍ය නිවාරණ,වෘත්තිය මාර්ගෝපදේශකත්ව සහ මූල්‍ය සාක්ෂරතාව  යන අංශ 5 ඒ යටතේ ආවර්ණය කෙරේ.තෝරාගත් ගම්මාන 100 තුළ ඉහත අංශයන්ගේ කැපී පෙනෙම වෙනසක් ඇති කිරීම අපගේ ඉලක්ක වේ.අද දින වේදිකාවේ ඔබ දුටු විධායක සභාව සහ දිස්ත්‍රික් සම්බන්ධිකාරකවරයන් ඒසඳහා කැපව සිටී.

මින් ඉදිරියට පැමිණෙන ජාතික මැතිවරණ සඳහා තරඟ කිරිමටත් අප 2048 ඉලක්ක කර දකිනා සිහින 10 ජයග්‍රහණය කරා ගමන් කරනා තුරු පරපුරක් ලෙස අඛණ්ඩව ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවයට කැපව සිටිමු.

එසේම අවංක,විශේෂඥ දැනුමැති ,රටට ආදරේ සියලුදෙනා හට අප අද සිට මේ ගමන් මගට ආරාධනා කරමු.

පක්ෂ සාමාජිකත්වය,ස්වේච්ඡා සේවා සාමාජිකත්වය,සහ අරමුදල් සඳහා සහයද ශ්‍රී ලාංකික ඔබට මේ සඳහා ලබා දිය හැක.

වැඩිවිස්තර සදහා

එරංගා මිගස්දෙණිය

0719192439

[email protected]

www.ucf.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *