DIMO Academy for Technical Skills (DATS) සිය 31 වන උපාධි ප්‍රදානෝත්සවය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පවත්වන ලදී. මෙවරත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ යාන්ත්‍රික කාර්මික ශිල්පීන් පිරිසක් රටට දායා කිරීමට හැකිවීම ආයතනයට අභිමානයක් ගෙන දීමට සමත් විය.

ජර්මානු මෝටර් රථ යාන්ත්‍රික ඩිප්ලෝමාව සහ මෝටර් රථ යාන්ත්‍රික සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් මෙහිදී ඇගයීමට ලක්විය. DATS යනු මෝටර් රථ යාන්ත්‍රික අධ්‍යාපනය සපයනු ලබන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතනයයි. මෙහිදී මෝටර් රථයක යාන්ත්‍රික, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්‍ෂණ අංශයන් පිලිබඳ දැනුම එක් පුළුල් නිපුණතාවක් බවට පත්කොට සිසුන්ට සපයනු ලබයි.

ශ්‍රී ලංකාවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති, අතිගරු හොල්ගර් සියුබර්ට් උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ප්‍රධාන නියෝජිත මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ද Goethe- Institute Colombo හි අධ්‍යක්ෂ ස්ටෙෆන් වින්ක්ලර් ද මෙම අවස්ථාවට සහභාගී විය. තවද මෙම අවස්ථාවට  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර කුමාරසිංහ, ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ටී.සෙන්තුරන්, DIMO  සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ, DIMO සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, DIMO විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන මානව සම්පත් නිලධාරි දිල්රුක්ෂි කුරුකුලසූරිය  සහ අනෙකුත් නිලධාරීන් ද සහභාගි වූහ.

DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙම අවස්ථාවේදී මෙසේ සිය අදහස් දැක්වීය. “රටේ ආර්ථික වර්ධනය උදෙසා වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම තීරණාත්මක සාධකයක්. මෝටර් රථ යාන්ත්‍රිකකරණය, විද්‍යුත්, හයිබ්‍රිඩ් වාහන තාක්‍ෂණය සහ කර්මාන්ත ඉංජිනේරු විද්‍යාව දක්වා වූ විවිධ පුහුණු පාඨමාලා හරහා රට තුළ වෘත්තීය අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා DATS සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ සිහින හා අභිලාෂයන් බලගන්වන පරිපූර්ණ කුසලතා සහකරු ලෙස ඔවුන්ට නිවැරදි කුසලතා පමණක් ලබා දෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම DIMO අපගේ අරමුණයි.”

DATS ආයතනය නවීනතම පුහුණු උපකරණවලින් සමන්විත වන අතර, මෙම වැඩසටහන් දෙකෙහිම සිසුන්ට DIMO හි මගී සහ වාණිජ වාහන යන දෙඅංශයේම ජාත්‍යන්තර මට්ටමේ සේවා මධ්‍යස්ථාන තුළින් පුහුණුවීමට අවස්ථාව උදා වේ. සියලුම පාඨමාලා කර්මාන්ත අවශ්‍යතා අනුව සකස් කර ඇති අතර මූල්‍ය, ගිණුම්කරණය, ව්‍යවසායකත්වය සහ කම්කරු නීතිය වැනි විෂයයන් සිසුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ රැකියා නියුක්තිය ඉහළ නැංවීම සඳහා DATS විෂයමාලාවට ඇතුළත් කොට ඇත. අද වන විට බොහෝ DATS ආදි සිසුන්ට ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැද පෙරදිග සහ යුරෝපයේ ඔවුන්ගේ ව්‍යාපාර ඇත. ලොව පුරා මෝටර් රථ කර්මාන්තයේ සැලකිය යුතු බලපෑමක් ඇති කරන එවැනි දක්ෂ හා නිපුණ උපාධිධාරීන් බිහි කිරීමට ලැබීම පිළිබඳව DATS නිහතමානීව ආඩම්බර වේ.

මෝටර් රථ යාන්ත්‍රික පාඨමාලා පිරිනැමීමට අමතරව, DATS Plant Engineering for Sanitary Heating and Air Conditioning ඩිප්ලෝමා ද පිරිනමයි. එය ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් පිළිගත් නවීන ගොඩනැගිලි සේවා සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සුදුසුකමකි. මීට අමතරව, DATS ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ FH Aachen විශ්ව විද්‍යාලය නියෝජනය කරන අතර මෙ තුළින් පාසල් නිම කල තරුණ තරුණියන්ට ජර්මානු විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළු වීමට අවස්ථාව සලසා දෙයි.

ඡායාරූප සිරස්තල

පළමු ඡායාරූපය: DATS උපාධිධාරීන් DIMO කළමනාකාරිත්වය සහ DATS නියෝජිතයින් සමඟ උපාධි ප්‍රදානෝත්සවයේදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *