ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි දශක ගණනාවක් පුරා මිලියන ගණනක ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ  විශ්වාසයට හා ආදරයට පාත්‍ර වී ඇත.  බේබි ෂෙරමි හි මෘදු හා සුමුදු නිෂ්පාදන වෙත තම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම භාර දීමට දෙමව්පියන් පුරුදු වී ඇති අතර, එය බේබි ෂෙරමි ළදරු රැකවරණයේ ප්‍රමුඛයා බවට පත් වීමට ප්‍රධානතම හේතුවයි

Kantar Sri Lanka විසින් සිදු කළ, ගෘහස්ථ සමීක්ෂණයට අනුව, බේබි ෂෙරමි ශ්‍රී ලංකාවේ අංක 1 ළදරු සත්කාරක සන්නාමය වන අතර 2021 සහ 2022 තුළ ළදරු ආරක්ෂණ කාණ්ඩයෙන් වෙළඳපල ප්‍රමුඛයා ද වේ.  විශාලතම වෙළඳපල කොටස සතු සන්නාමය පමණක් නොව, ‘ වඩාත් ආදරය දිනූ ළදරු සත්කාරක’ සන්නාමය ලෙස  ශ්‍රී ලාංකේය දෙමව්පියන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත් වී ඇති සන්නාමය බේබි ෂෙරමි බව ද LMD සඟරාව විසින් සනාථ කරනු ලබයි.

‘ළදරුවන් සඳහා සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීමේ ’අභිලාසය සහ අරමුණ සමඟ එහි විෂය පථය පුළුල් කරමින් බේබි ෂෙරමි 2020 වසරේ සිට රටේ ආරක්ෂිතම ළදරු සත්කාරක සන්නාමය බවට පත් වීමට උත්සාහ කරමින් සිටියි. මෙම අරමුණෙහි කොටසක් ලෙස, බේබි ෂෙරමි සිය ආරක්‍ෂිත ප්‍රමිතීන් තව දුරටත් වැඩි දියුණු කර ඇති අතර, එහි සියලුම නිෂ්පාදනවල ආරක්‍ෂාව සහතික කිරීම සඳහා බේබි ෂෙරමි Safety Institute විසින් අධීක්‍ෂණය කරන ලද පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර ඇත. පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදන සැකසීම මෙයට ඇතුළත් වේ. ආයුර්වේද සහ හෙළ වෙද විශේෂඥයින් සමඟ සහයෝගීතාවයෙන්  ස්වභාවික සහ ශාකසාර නිෂ්පාදන සඳහා අදාළ අමු ද්‍රව්‍ය හඳුනා ගැනීම නිදසුනක් සේ දැක්විය හැකිය.

 බේබි ෂෙරමි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රාථමික අදියරේ සිට නිෂ්පාදනය අවසානය තෙක්, ආයතනය, ඒ ඒ අංශයන්ට සම්බන්ධ විශේෂඥයන් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. එසේම සුවඳ විලවුන් සඳහා, ලොව හොඳම සුවඳ විලවුන් ආයතන සමඟ සමීපව කටයුතු කරයි. ආරක්ෂණ ඇගයීම් ගෙන හැර දැක්වීම සඳහා, බේබි ෂෙරමි විසින් ජාත්‍යන්තර මට්ටමේ සායනික පර්යේෂණ ආයතන වෙත උපදෙස් ලබා දෙන අතර, එම නිෂ්පාදන ජාත්‍යන්තර සායනික අධ්‍යයනයන් හරහා ද, ඒවා “ළදරුවන් සඳහා  සුරක්ෂිත බව සහතික කර ඇති” බවට ප්‍රවීණ ළමා රෝග විශේෂඥයින් සහ චර්ම රෝග විශේෂඥ මණ්ඩලයක් විසින් ද සහතික කරනු ලැබේ.

ළදරුවන් සඳහා සුරක්ෂිත ලොවක් ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රධාන සාධක 03ක් ඔස්සේ බේබි ෂෙරමි කැප වී සිටියි. ළදරුවන්ට ආරක්ෂිත උසස් ළදරු නිෂ්පාදන, නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම,  ශ්‍රී ලංකාවේ ළදරු නිෂ්පාදන කර්මාන්තය තුළ ආරක්ෂිත ප්‍රමිතීන් සැකසීම සහ ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් ගොඩ නැගීම සඳහා නව දෙමාපියන්ගේ දැනුම නංවාලීම සහ ඔවුන්ව දැනුවත් කිරීම එම ප්‍රධාන සාධක 03යි. “දරු පැටියාට සුරක්ෂිත ලොවක්” නමින් මාපිය සායනික වැඩසටහන් මාලාවක් දිවයින පුරා පවත්වමින්, දෙමාපිය සමසහභාගිත්වයේ වැදගත්කම, මුල් ළමාවිය සංවර්ධනය සහ ළදරුවන්ට සුරක්ෂිත ලොවක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරමින් බේබි ෂෙරමි මෙය සාක්ෂාත් කර ගනු ලබයි.

අංක 1 සුරක්ෂිත ළදරු සත්කාර සන්නාමය වීමට උත්සාහ කරමින්, බේබි ෂෙරමි විසින් දෙමව්පියන්ට තම නිෂ්පාදනවල සුරක්ෂිත බව සහතික කරවයි. සියලු පරාමිති හරහා ළදරු ආරක්ෂාවට මුල් තැන දෙන වටපිටාවක් නිර්මාණය කරමින්  ළදරු රැකවරණ නිෂ්පාදන සාඩම්බරයෙන් පිරිනමයි. පැහැදිලි සහ විනිවිද බවින් යුත් උසස් තත්ත්වයේ ප්‍රමිතීන් සහ ක්‍රියාවලීන් සමඟින්, තම ළදරුවන් ආරක්ෂිත වන බවට බේබි ෂෙරමි දෙමාපියන්ට සහතික වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *