ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හීදී සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් වීමටත් සමස්ථ අනුශූරතාව දිනා ගැනීමටත් සමත් විය.

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම ජයග්‍රහණය අප සමාගම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්. DIMO ආයතනය සමාජයට, පරිසරයට සහ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි තිරසාර විසඳුම් සැපයීම තුලින් සියලුම ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමට සැමවිටම කැපවී සිටිනවා.”

DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව නිරීක්‍ෂණය කරන ලද ACCA Sri Lanka Sustainability Reporting Awards 2022 හි විනිසුරු මඩුල්ල, තිරසාරභාවය පිළිබඳව පවතින අවශ්‍යතාවයන් හමුවේ සමාගම ඊට සරිලන ආකාරයේ ක්‍රියාවලියන් ක්‍රියාත්මක කර ඇති ආකාරය හඳුනා ගන්නා ලදී. තිරසාර සංවර්ධනය පිළිබඳ වාර්තාකරණයේ නව්‍යකරණයන් ඇති කිරීමට DIMO කටයුතු කර ඇති ආකාරය වාර්ෂික වාර්තාව තුලින් දැකගත හැකි බවද ඔවුන් සඳහන් කළහ.

DIMO සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා වීම පිළිබඳව කරුණු දක්වන ලද විනිසුරු මණ්ඩලය පවසා සිටියේ ආර්ථික තිරසාරභාවය වැඩිදියුණු කිරීම උදෙසා කෘෂිකාර්මික අංශය තුලින් DIMO සිය ව්‍යාපාරික දිශානතියෙහි කැපී පෙනෙන වෙනසක් ඇති කර ඇති බවය. පර්යේෂණ හා සංවර්ධන කටයුතු උදෙසා කෘෂි තාක්ෂණික උද්‍යාන තුනක් සකස් කිරීම, ගොවි ජනතාවට අවශ්‍ය දැනුම අඛණ්ඩව ඔවුන්ට ලබා දීම සහ කාබනික පොහොර නිෂ්පාදනය වැනි ක්‍රියාකාරකම් තුලින් කෘෂි කර්මාන්තයේ සෑම අංශයක් සඳහාම පහසුකම් සැලසීම මගින් DIMO එම වෙනසට හේතුව මැනවින් පෙන්වා දී ඇත. කෘෂිකාර්මික විසඳුම් වලට අමතරව, රජයේ ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම තුලින් බොහෝ නිවාස සඳහා ආරක්ෂිත පානීය ජලය සැපයීමට ද DIMO කටයුතු කර ඇත.

මෝටර් ඉංජිනේරු අංශයට අමතරව අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය,  බලශක්තිය යන අංශයන් කේන්ද්‍ර කරගත්  ව්‍යාපෘති තුලින්  තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම උදෙසා DIMO  දායකත්වය ලබා දෙයි.

පුහුණු වැඩසටහන් සඳහා තමන්ගේම පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම තුලින් පුහුණුව සහ සංවර්ධනය කෙරෙහි සමාගමේ කැපවීමද විනිසුරු මඩුල්ල විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී. ව්‍යාපාර තිරසාර බව සහතික කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් වන සමාගමේ සේවකයන් උදෙසා ආයෝජනය කිරීමට සමාගම දක්වන කැපවීම මෙම පියවර තුලින් විදහා දැක්වේ.

DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව තුල 2030 දක්වා ඔවුන්ගේ තිරසාර න්‍යාය පත්‍රය ගෙනහැර දක්වමින් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අංශයන්ට අනුකූලව වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරයි.

DIMO සමස්ත අනුශූරතාවය ලබා ගැනීම සහ සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස පිළිගැනීමට ලක්වීම, තිරසාර සංවර්ධන අරමුණු (SDGs) සාක්ෂාත් කර ගැනීම තුලින් සහ තිරසාර ව්‍යාපාර භාවිතයන් යොදාගැනීම මගින් සැමට තිරසාර අනාගතයක් සහතික කිරීමේ සමාගමේ මහඟු කර්තව්‍ය පෙන්වා දෙයි.

ඡායාරූප සිරස්තල

DIMO හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා; DIMO හි අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා; DIMO හි සාමාන්‍යාධිකාරී – මූල්‍ය සුදත් මහගෙදර මහතා සහ DIMO හි කළමනාකාරිනී – ගිණුම් අංශය තිළිණි ප්‍රනාන්දු මිය යන අය අනුශූරතා සම්මානය පිළිගනිමින්.

DIMO හි සාමාන්‍යාධිකාරී – මූල්‍ය සුදත් මහගෙදර මහතා; DIMO හි කළමනාකාරිනී – ගිණුම්කරණ කළමනාකරණය අමාලි ද සොයිසා මිය; DIMO හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරී – ගිණුම්කරණ මෙහෙයුම් සම්පත් මදුරුසිංහ මහතා සහ DIMO හි තිරසාරකත්ව කළමනාකාරිනී මේගා ගනේෂන් මිය යන අය සමූහ සහ විවිධාංගීකරණ කාණ්ඩයේ ජයග්‍රාහක සම්මානය පිළිගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *