‘Right To Protein’ 2023 ප්‍රෝටීන් දිනය සඳහා තේමාවසියල්ලන්ටම ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශයහෝප්‍රෝටීන් ප්‍රවේශ්‍යතාවලෙස ප්‍රකාශයට පත් කරන  ලද අතර ආහාර සහ ප්‍රෝටීන් ප්‍රමාණවත් ලෙස ලබා දීමේ   මෙහෙවරට සම්බන්ධ වන ලෙස කර්මාන්ත හා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී.

පෙබරවාරි 27 වැනි දිනට යෙදෙන වාර්ෂික ප්‍රෝටීන් දිනයට පෙර, ප්‍රෝටීන් පිලිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහනක් වන ‘Right To Protein’ 2023 සඳහා ‘සැමට ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’  යන තේමාව ප්‍රකාශයට පත් කර ඇත. එහි සිව්වන වසර තුළ, ප්‍රෝටීන් ආහාරවල ප්‍රවේශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීම, සහ වඩා හොඳ පෝෂණයක් මෙන්ම සෞඛ්‍ය සඳහා ප්‍රෝටීන් වල ඇති වැදගත්කම පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට පුරවැසියන් දිරිමත් කිරීම සිදු කරනු ලබයි.

දකුනු ආසියාවේ ආසන්න වශයෙන් බිලියනයක ජනගහනයක් සිටින නිසා, කලාපයේ බොහෝ ප්‍රදේශවල ආහාර උද්ධමනය නැවැත්වීමට උපායමාර්ගික හා හදිසි පියවරයන් අවශ්‍ය වේ. මේ අනුව, ‘සැමට ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ යන තේමාවේ අරමුණ වන්නේ දෛනික ආහාර වේලට ඇතුළත් කළ හැකි ප්‍රෝටීන් ආහාර ප්‍රභවයන් පිළිබඳව පුරවැසියන්ට දැනුවත්ව සිටීම සඳහා සංවාද පැවැත්වීම සහ විසඳුම් ඉදිරිපත්  කිරීම මෙන්ම  ‘පෝෂණ සුරක්ෂිතතාව’ යථාර්ථයක් බවට පත් කිරීමේ ප්‍රයත්නයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමයි. .

‘Right To Protein’   වැඩසටහනේ ප්‍රබල සාමාජිකාවක්  වන කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මෙසේ පැවසීය, “මෙම නිදහස් දිනයේ සැමට ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශයක් සඳහා අපි සියලු දෙනා ප්‍රතිඥා දෙමු! ශ්‍රී ලංකාව කියන්නේ  මාළු සහ කුකුළු මස් වැනි දැරිය හැකි මිලකට සහ පෝෂ්‍ය පදාර්ථ බහුල විකල්ප ඇතුළුව, දේශීයව ලබා ගත හැකි ශාක පදනම් වූ සහ සත්ව පාදක ප්‍රෝටීන් ප්‍රභවයන්ගෙන් පොහොසත් රටක්. කෙසේ වෙතත්, ආර්ථික අර්බුදය හේතුවෙන්, ප්‍රෝටීන් බහුල ආහාරවල පවතින මිල ප්‍රශ්නයක් වී තිබෙනවා. එමෙන්ම එය අපගේ ආහාර වේලෙහි ප්‍රෝටීන් ඌනතාවයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ  වයස් කාණ්ඩවල මන්දපෝෂණ තත්වයන්ද දකින්න ලැබෙනවා. මෙම ගැටළුව විසඳීම සඳහා දැනුවත්භාවය ලබා දීම සහ ප්‍රෝටීන් බහුල ආහාර අපගේ ආහාර වේලට නිසි ලෙස ඇතුළත් කිරීම අවශ්‍ය වෙනවා. මෙම වසරේ ප්‍රෝටීන් දිනයට පසු, ප්‍රෝටීන් බහුල ආහාර රට තුළට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්‍රම  සහ  ශ්‍රී ලංකාවාසීන්ට වඩාත් දැරිය හැකි මිලකට ලබා දීමේ ක්‍රම සොයා බලන අතරම ඒ පිළිබඳව සංවාද ඇති කරන ලෙස මම කර්මාන්තය තුළ සිටින නවෝත්පාදකයින් දිරිමත් කිරීමට නිරතුරු උත්සහ කරනවා.”

“මෙම වසරේ ප්‍රෝටීන් දිනයේ තේමාවත් සමග දකුණු ආසියාව තුල පවතින ප්‍රෝටීන් ප්‍රභවයන් පිළිබඳව දැනුවත් කිරීම උදෙසා ගොඩ නැගෙන සංවාද සහ පැවැත්වෙන වැඩසටහන් වලට සම්බන්ධ වන මෙන් අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පුරවැසියන්ව  ඔවුන්ගේ තනි ප්‍රෝටීන් අවශ්‍යතා සහ පවතින බොහෝ ප්‍රෝටීන් ආහාර ප්‍රභවයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අප සැම දෙනාම  කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරනවා. අපගේ ආහාර වේලට තිරසාර ප්‍රෝටීන් විකල්ප එකතු කිරීම, සියලු දෙනාගේ පෝෂණ සුරක්ෂිතතාවයේ ඉලක්කය කරා සාමූහිකව කටයුතු කිරීම පිළිබඳ සංවාද ඇති කිරීමට ද අපි නිරතුරුම වෙහෙසෙනවා.” ‘Right To Protein’   මුලපිරීමට සහය දක්වන්නකු වන  එක්සත් ජනපදයේ Soy SAASSA , එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලයේ (USSEC) අලෙවි ප්‍රධානී Deeba Giannoulis එසේ පවසා සිටියේය.

Right To Protein විසින්    ප්‍රෝටීන් ප්‍රමාණවත්  ලෙස පවතින රටක් බවට ශ්‍රී ලංකාව  පත් කිරීම උදෙසා පෝෂණවේදීන්, ආහාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සූපවේදීන්, ආහාර වෙළඳ නාම සහ සමාන අදහස් ඇති පුරවැසියන් වැනි පාර්ශවකරුවන්  සමඟ 2023 ප්‍රෝටීන් දිනය සැමරීමට සූදානම්ය.

2023 පෙබරවාරි 27 වන දින #ProteinDay සැමරීම සහ “සැමට ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය” ප්‍රවර්ධනය කිරීම සඳහා අප හා එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ප්‍රෝටීන් දිනය සඳහා  ඔබට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර https://righttoprotein.com/protein-day.html වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *