ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවල් සමඟ එක්ව ප්‍රෝටීන් දිනය (පෙබරවාරි 27) සමරන අතරවාරයේ, මහජන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන ‘right to protein’ විසින් ප්‍රෝටීන්-ඕ-මීටරය නමින් ප්‍රෝටීන් කැල්කියුලේටරයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

‘Right To Protein’ වෙත පිවිසීමෙන් මෙරට පුරවැසියන්ට ප්‍රෝටීන්-ඕ-මීටරය මෙවලම වෙත ප්‍රවේශ විය හැකිය. පුරවැසියන්ට ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතා පදනම් කර ගත් දේහ පැතිකඩ, ජීවන රටාව යනාදි පුද්ගල තොරතුරු ගණනය කිරීමට සහ දවසේ විවිධ වේලාවන් හි දී පාරිභෝජනය කළ ආහාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු බෙදා හැරීමට ප්‍රෝටීන්-ඕ-මීටරය උපකාර වේ.  දේශීය ආහාරවල අඩංගු ප්‍රෝටීන් අන්තර්ගතය ප්‍රෝටීන්-ඕ-මීටරය මගින් තක්සේරු  කළ හැකිය.  පුද්ගලයෙකුගේ ආහාර වේලෙහි ඇති ප්‍රෝටීන් පරතරයන් පෙන්වා දීම,  ප්‍රෝටීන් ඉලක්ක පිළිබඳව සියලු පුරවැසියන්ගේ දැනුවත් භාවය ඇති කිරීම සහ සෑම ආහාර වේලකම ප්‍රෝටීන් හතරෙන් එකක් පරිභෝජනය කිරීමට මතක් කිරීමක් ලෙස ක්‍රියා කිරීම මෙම මෙවලමෙහි අරමුණයි.

ප්‍රෝටීන් අපගේ සමස්ත යහපැවැත්ම සඳහා  අත්‍යවශ්‍ය සාර්ව පෝෂකයක්  වන අතර, ප්‍රෝටීන් ඌනතාවය, බොහෝ සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට හේතු වේප්‍රෝටීන් ආහාර සහ ඒවායේ ප්‍රතිලාභ, පුරවැසින් අතර  දිගු කාලීන හැසිරීම්  වෙනස්කම් ඇති කිරීමට ඒවාට ඇති හැකියාව පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බව ශ්‍රී ලංකාවේ විශේෂඥයන්ගේ යෝජනාවයි. ‘ප්‍රෝටීන් දිනය’ සහ ‘ප්‍රෝටීන්-ඕ-මීටරය’  මෙම අරමුණ මෙහෙය වීම  සඳහා දායක වන්නේ ස්වයං දැනුවත් භාවය හා හැසිරීම් රටාව වෙනස් කිරීමට සහය වෙමිනි.

‘සැමට ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය’ යන තේමාව යටතේ 2023 වසරේ ප්‍රෝටීන් දිනය  සමරනු ලබයි. මෙහි ඉලක්කය වන්නේ ප්‍රෝටීන් ආහාරවල ප්‍රවේශතාව පිළිබඳ අවධානය යොමු කිරීම සහ වඩා හොඳ පෝෂණයක් හා සෞඛ්‍යයක්  සඳහා ප්‍රෝටීන්වල ඇති වැදගත්කම පිළිබඳව වැඩි තොරතුරු දැන ගැනීමට පුරවැසියන් දිරිමත් කිරීමයි. සමාන අදහස් ඇති පුද්ගලයන්, සන්නාම, සංවිධාන, විශේෂඥයින්, සංගම් සහ තවත් බොහෝ දේවල සහාය ඇතිව සමාජ මාධ්‍ය මගින් මෙහෙයවන මහජන දැනුවත් කිරීම ඇතුළු, රටේ විවිධ වේදිකාවල ප්‍රෝටීන් පිළිබඳ පෝෂණ අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවීමට මෙම දිනය උපකාරී වනු ඇත.

#ProteinDay සැමරීමට සහ වඩාත් පෝෂණීය සුරක්ෂිත ලෝකයක් කරා පියවරක් තබන්නට මෙම වැඩසටහන හා සම්බන්ධ වන්න.

‘Right To Protein’ පිළිබඳව:

‘Right To Protein’ යනු වඩාත් හොඳ පෝෂණය, සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා ප්‍රමාණවත් ප්‍රෝටීන් පරිභෝජනයේ වැදගත්කම පිළිබඳව පුරවැසියන්ට අධ්‍යාපනය ලබා දීමේ මහජන සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ මුලපිරීමකි. විශාල පෝෂණ ඉලක්ක සපුරා ගැනීම සඳහා සත්ව හා ශාක ප්‍රෝටීන් පදනම් කර ගත් විවිධ වර්ගයේ ප්‍රෝටීන් ප්‍රභවයන් පිළිබඳ දැනුම ගොඩ නැගීමට #RightToProtein මුලපිරීම අපේක්ෂා කරයි. ප්‍රෝටීන් සහ ප්‍රෝටීන් ආහාර ප්‍රභවයන් පිළිබඳ මිථ්‍යා සහ වැරදි අවබෝධය ඉවත් කිරීමත් සහ ප්‍රමාණවත් ප්‍රෝටීන් පරිභෝජනය තුළින් පෝෂණ සුරක්ෂිතතාව සඳහා පෙළඹවීමත් වෙනුවෙන් පරිසර පද්ධතියක් වැඩි දියුණු කිරීමට  Right To Protein ඔස්සේ ආයතන, සංවිධාන, විශේෂඥයින්, වෘත්තිකයන් සංවර්ධනය කිරීම අරමුණු කරයි. පරිසර පද්ධතිය ඔස්සේ ශාක හා සත්ව ප්‍රෝටීනවල නිෂ්පාදනය, පරිභෝජන තත්ත්වය සහ අනුකූලතාව වැඩි දියුණු කිරීම අරමුණු කරයි.  සමාන අදහස් ඇති විදේශීය පුද්ගලයින්, විද්වතුන්, වෘත්තිකයන් සහ ආයතන කිහිපයක් Right To Protein වෙත සහාය දක්වන අතර දැනුම සහ තාක්ෂණික සහාය ලබා දීම හෝ ප්‍රවර්ධන හවුල්කරුවන් ලෙස ඕනෑම ධාරිතාවයකින් සම්බන්ධ වීමට සහ/හෝ දායක වීමට කැමති අය සඳහා Right To Protein විවෘත වේ.

වැඩි විස්තර සඳහා, https://righttoprotein.com/protein-day.html වෙත පිවිස Twitter, Facebook, LinkedIn සහ Instagram හි @righttoprotein අනුගමනය කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *