ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉහළ ඉල්ලුමක්  ඇති පාරිභෝගික භාණ්ඩ (FMCG) නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන  ඩැන්ඩෙක්ස් සන්නාමය යටතේ නව නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම පසුගිය දා සිදු කෙරිණි. ඩැන්ඩෙක්ස් වසර 30 ක් පුරා ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ රැඳෙමින්, හිස පිරිසිදු කිරීමේ සිට ඉස්සොරි  පාලනය කිරීම හා නිරෝගී කෙස් කළඹක් පවත්වා ගැනීම දක්වා වූ පුළුල්

ක්ෂේත්‍රයක් ආවරණය කරමින්, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම භාවිත කළ හැකි නිෂ්පාදන පෙළක් ගෙන එන අතර, දිවයිනේ ඕනෑම තැනකින් මිලට ගත හැකි වන ලෙස සිය බෙදා හැරීමේ ජාලය ද ශක්තිමත් කර ඇත.

‘Dandex anti-dandruff shampoo’ විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඉස්සොරිවලට එරෙහිව සටන් කරමින් එය වැළැක්වීමට පමණක් නොව, හිස්කබල සහ හිසකෙස් පෝෂණය, ශක්තිමත් කිරීම සහ තෙතමනය රැක දීම ආදී ප්‍රතිලාභ ද ලබා දීම අරමුණු කරමිනි. වැඩි දියුණු කරන ලද නව ඩැන්ඩෙක්ස් ෂැම්පු සිසිලනය හා සහනය සඳහා ‘Cooling + Relief’, හිස ඉතා හොඳින් පිරිසිඳු කිරීම සඳහා  ‘Deep Clean + Nourish’ සහ හිසකෙස් වැටීම පාලනය කිරීම සඳහා  ‘Hair Fall Control’   වශයෙන්  අද්විතීය ප්‍රභේද තුනකින් වෙළෙඳපොළ වෙත නිකුත් කරයි.  මෙම නිෂ්පාදන ප්‍රභේද තුන, ජීවන රටාව මත පදනම්ව මතු වී ඇති විවිධ පාරිභෝගික අවශ්‍යතා රැසකට විසඳුම් ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇත.

මෙම සෑම ඩැන්ඩෙක්ස් නිෂ්පාදනයක ම ක්‍රියාකාරී අමුද්‍රව්‍යක් වන Climbazole අඩංගු වන නිසා  Malassezia ඇති කරන ඉස්සොරි තත්ත්වයන් සෘජුවම ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන අතර, පළමු සේදීමේ සිට ඉස්සොරි ඉවත් කරන බව සායනිකව ඔප්පු කර ඇත.

Cooling + Relief නිෂ්පාදනය මගින්, ඉස්සොරි නිසා ඇතිවන හිස කැසීම ඇතුළු අපහසුතාවන් පාලනය කිරීම අරමුණු කර ඇත. එම නිෂ්පාදනය තුළ හිස්කබල උද්දීපනය සහ ප්‍රබෝධමත් කිරීම වෙනුවෙන් 100% ක් ස්වාභාවික මින්ට් සාරය අඩංගු වන අතර, එමඟින් හිස්කබලේ හා හිසකෙස්වල තෙතමනය රැක දෙයි. Deep Clean + Nourish ප්‍රභේදය නිර්මාණය කර ඇත්තේ ක්‍රියාශීලී ජීවන රටාවක් සහිත පාරිභෝගිකයින් සඳහා ම වන අතර, එය ලෙමන් හා විටමින් E ස්වාභාවික සාරයන්ගෙන් සමන්විත වේ. එමෙන් ම එම නිෂ්පාදනය හිසකෙස් සඳහා ප්‍රතිජීවයක් ලබා දෙමින්, සෑම සේදීමකින් ම පසු හිස්කබල හා හිසකෙස් හොඳින් පිරිසිඳු කිරීම සහ හිසකෙස් සුමට හා සිනිඳු කර පෝෂණීය, නිරෝගී කෙස් කලඹක් ලබා දීම ද විශේෂිතය.

‘Hair Fall Control’ නිෂ්පාදනය ඉස්සොරි නිසා ඇතිවන හිසකෙස් වැටීම වැළැක්වීම, හිසකෙස් පෝෂණය කිරීම සහ හිසකෙස් ශක්තිමත් කිරීම වෙනුවෙන් ම නිපදවා ඇත. එමෙන් ම හිසේ තෙතමනය රැක දීම වෙනුවෙන් කෙරටින් හා ආමන්ඩ් මිශ්‍රණයකින් සමන්විත එම නිෂ්පාදනය හිසකෙස් මුල සිට ශක්තිමත් කරන නිසා හිසකෙස් වැටීමේ අවදානම අවම කරයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම විසින් 1992 දී හඳුන්වා දුන් ඩැන්ඩෙක්ස් නිෂ්පාදනය වෙළෙඳපොළේ ප්‍රමුඛතම ඉස්සොරි පාලන හා හිස්කබල ආරක්ෂණ නිෂ්පාදනය ලෙස හැඳින්විය හැකිය. වැඩි දියුණු කළ නව ඩැන්ඩෙක්ස් නිෂ්පාදන විශේෂයෙන් සකස් කර ඇත්තේ ඉස්සොරි මර්දනය කිරීමට පමණක් ම නොවේ. මෙම නිෂ්පාදන මගින් ඉස්සොරි සම්පූර්ණයෙන් ම පාලනය කිරීම නිසා  උරහිස් මත ඉස්සොරි වැටීමෙන් ඇති වන අපහසුතාවන්ගෙන් තොරව ප්‍රබෝධමත්ව සහ විශ්වාසයෙන් කටයුතු කිරීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබා දෙයි. එමෙන් ම නව ඩැන්ඩෙක්ස් ප්‍රබේදවල සායනික තොරතුරු හා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය පිළිබඳව ඇසුරුමේ සඳහන් වී ඇති නිසා විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමේ හැකියාව ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *