ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් සංවිධානය කරනු ලැබූ තිළිණ පූජා – 21 වෙනි ගෞරව උපහාර උළලේදී විශ්වසරණ අභිෂේකා ගෞරව නාමයෙන් ශ්‍රී ලාංකික අභිමානය “සොලෙක්ස්” සමූහ ව්‍යාපාරය පිදුම් ලැබූ වගයි.

වසර 40 කට අධික කාල සීමාවක් තුල අංක 01 වතුර පොම්ප නිෂ්පාදකයා වූ  ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනයා අතර විශ්වාසය දිනාගත් සොලෙක්ස් සමූහ ව්‍යාපාරය ලංකාව පුරා සිටින පාරිභෝගිකයන් හට ලබා දෙන සුහදශීලි සහ වගකීම්සහගත සේවාවන් හේතුකොට ගෙන ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම විසින් ආයතනයකට ලැබිය යුතු ඉහළ ගෞරවනාමයක් සොලෙක්ස් සමූහ ව්‍යාපාරය හට ලබාදුන් අතර එය මෙහි නිර්මාතෘ සහ සභාපති කළමණාකාර අධ්‍යක්ෂක දේශබන්දු දේශකීර්ති ලංකාපුත්‍ර උපාලි විජයසිරි මැතිදුන්ගේ සුරතින් ලබා ගන්නා ලදී.

1980 වර්ෂයේ ආරම්භ වූ සොලෙක්ස් සමූහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකාර්මික විවිධ වූ ජල කළමනාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය තුල තම නිෂ්පාදනයන්ගේ  විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොල තුල දැවැන්ත පියවරක් තැබීමට සොලෙක්ස් වෙත හැකියාව ලැබිණි. එමෙන්ම පසුගිය කාලපරිච්ජේදය  තුල ගෘහස්ථ ජල පොම්ප, කෘෂිකාර්මික ජල පොම්ප, ගිනි නිවන ජල පොම්ප සහ කර්මන්තගත වාහන දක්වා තම ව්‍යාපාරික නාමය රැගෙන යාමට සොලෙක්ස් ආයතනය සමත් විය.

සැබවින්ම ශ්‍රී ලාංකීය සමාගමක් වන සොලෙක්ස් සෑම විටම තම සමාජීය වගකීම් පිළිබඳව සැළකිලිමත් වෙමින් සමාජ අභිවෘධිය වෙනුවෙන් විවිධ වූ ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇත. අනුරාධපුර පූජනීය නගරය ඇතුලු කොටගෙන දිවයිනේ විවිධ ස්ථානයන් සඳහා සිසිල් ජල කළමණාකාර පද්ධතියක් ලබාදීම, පින්නවල අලි අනාථාගාරය සඳහා එම සතුන් ස්නානය කරවීමට පහසුකම් ලබාදීම සහ විවිධ ප්‍රදේශ වල පානීය ජලය ලබාදීම සදහා ජල ව්‍යාපෘති ඉදි කිරීම සහ ජාතික ආරක්ෂාව උදෙසා අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම එම ජාතික ව්‍යාපෘතිවලින් කිහිපයකි.

තවද ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනම මඟින් දේශමාන්‍ ගෞරව උපහාරයෙන් පිදුම් ලැබූ සොලෙක්ස් සමූහ ව්‍යාපාරයේ උපසභාපතිණි, අධ්‍යක්ෂ මෙහෙයුම්, දේශාභිමානී දේශශක්ති, මංජුලා   විජයසිරි මැතිණිය සහ දේශමාන්‍ය දේශශක්ති දේශාභිමානි ව්‍යාපාරභූෂණ විද්‍යාපති ජනරංජන ගෞරව උපහාරයෙන් පිදුම් ලැබූ සොලෙක්ස් සමාගම් සමුහයේ විධායක අධ්‍යක්ෂක හා මාධ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සඳනි විජයසිරි මෙනවියට අපගේ උත්තමාචාරය පුදකර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *