ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දමිළ ගොවි ජනතාවගේ භක්තිමත් හා සෞභාග්‍යමත් උත්සවයක් වන තෛයිපොංගල් දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.

එහිදි පැල්වත්ත සමාගම විසින් චාරිත්‍රානුකූලව තෛයිපොංගල් උත්සවය සැමරිමට අවශ්‍ය ද්‍රව්‍ය 2000ක් පමණ දමිළ ගොවි ජනතාව වෙනුවෙන් ලබාදිමට කටයුතු කරන ලදී. තෛයිපොංගල් උත්සවයට යොදාගන්නා සම්ප්‍රදායික බඳුන්, සහල්, සීනි, පොල්, හකුරු, මුංඇට සහ කපුරු මෙන්ම හඳුන්කූරු ද එහි අන්තර්ගත වීය. මෙම වැඩසටහන වෙනුවෙන් පැල්වත්ත සමාගමේ ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් සහභාගී වූ අතර ඔවුන් විසින් මෙම අමුද්‍රව්‍ය ගොවි ජනතාව වෙත බෙදාදෙන ලදී.

පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබදව මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ ගොවි ජනතාව සමඟ ආගමික වශයෙන් වැදගත් වන උත්සවයක් එක්ව සැමරීමට ලැබීම ගැන බෙහෙවින් සතුටට පත්වනු ලබනවා. මෙම නිසා අපගේ සබඳතා තව තවත් ශක්තිමත් කරගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. එසේම වසර ගණනාවක් පුරාවට අපගේ සාර්ථකත්වය වෙනුවෙන් ඇපකැප වන අපේ ගොවී ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත විමට මෙය අවස්ථාවක් කරගනු ලබනවා.”

වසර ගණනාවක් පුරාවට විශ්වාසවන්ත දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් ගොවි ජනතාව ලබාදෙනු ලබන සහායෝගය අතිමහත්ය. සිය සාර්ථකත්වයේ මූලික අත්තිවාරම වන ඔවුන් වෙනුවෙන් නිරතුරුවම දායකත්වය ලබාදීම පැල්වත්ත සමාගමේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *