ශ්‍රී ලාංකේය PVC කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන Anton, සිය ජල ටැංකි සහ සෙවිලි නිෂ්පාදන පෙළ මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට සමත් විය. 1958වසරේ දී නිෂ්පාදනය ආරම්භ වූ Anton මහාපරිමාණ ආයෝජනයන් හරහා මෙරට කර්මාන්තක්ෂේත්‍රයේ පුරෝගාමීනිෂ්පාදනායතනය බවට පත් වෙමින්  දේශීය ආර්ථිකය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.වර්තමානය වන විට PVC පයිප්ප හා සවිකිරීම් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Anton, පීඩන පයිප්ප(Pressure Pipes) හා සවි කිරීමේ උපාංග, ජල ටැංකි, Thermo CPVC   පයිප්ප හා සවි කිරීමේ උපාංග, වැහි පීලි හා සවි කිරීමේ උපාංග, වෑල්, ඇලවුම් ද්‍රව්‍ය / මැලියම් හා සීලන්ට්, කොන්ඩියුට් හා ට්‍රක්, දැල් සහ හෝස් යනාදී වශයෙන් පුළුල් නිපැයුම් පරාසයක් නිෂ්පාදනය කරයි. එමෙන් ම උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළවෙත නිකුත් කරන Anton විසින්, Armor uPVC සෙවිලි තහඩු, uPVC දොරවල් හා ජනෙල් සහ ධ්‍රැවීය පරිවාරක වැනි නව නිෂ්පාදන කිහිපයක් ද හඳුන්වා දෙමින් පාරිභෝගිකයින්වෙත ගුණාත්මක නිෂ්පාදන ලබා දීම සඳහා තම කැපවීම තහවුරු කිරීමට සමත් වී ඇත.

වත්මන් අභියෝගාත්මකකාලවකවානුවතුළ දී මාලදිවයින් වෙළෙඳපොළවෙත සාර්ථකව පිවිසීමට සමත් වන Anton වෙත සිය හවුල්කරුවන්ගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් දිරිගන්වන සුළු ධනාත්මක ප්‍රතිචාර හා ප්‍රශංසා නිරන්තරයෙන් ලැබෙන බව ද පැවසිය යුතු ම ය.

Anton සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහමහතා මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිණි. අපගේ නිෂ්පාදන හා සේවාමාලදිවයින දක්වා පුළුල් කිරීමට හැකි වීම ගැන මම ඇත්ත වශයෙන් ම සතුටට පත් වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ ස්ථාවරවීමට හැකි වූ අපට,අපගේ ව්‍යප්තිය තවදුරටත් පුළුල් කරගැනීම වෙනුවෙන්  ගෝලීය වෙළෙඳපොළවෙත පිවිසීමට සුදුසුම කාලය මෙය බව අපි විශ්වාස කරනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත නව නිෂ්පාදන ගෙන ඒමහරහා අපගේ නිෂ්පාදන කළඹ පුළුල් කරගැනීමට වගේම ගුණාත්මක නිෂ්පාදන මගින් ලොව පුරා වෙසෙන ජනතාවගේ  ජීවිතවලට ධනාත්මක බලපෑමක් එල්ලකිරීමට අපිනිරන්තරයෙන් කැපවෙනවා.ඒ වගේ ම දිනෙන් දින වෙනස් වන ගනුදෙනුකරුවන්ගේ  අවශ්‍යතාඉතා හොඳින් හඳුනාගනිමින්, එම අවශ්‍යතාවලට වඩාත් කාර්යක්ෂමව හා ආරක්ෂිතව ගුණාත්මක විසඳුම් ලබා දීම සඳහා පර්යේෂණ සහ සංවර්ධනකටයුතු කෙරෙහි අපි නිරන්තරයෙන් අවධානය යොමුකරනවා.

වර්තමානය වන විට Anton නිෂ්පාදන රැසක් මාලදිවයිනවෙත අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන මාලදිවයිනේ කාර්මික හා පාරිභෝගිකක්ෂේත්‍රවල අවශ්‍යතා සපුරාලමින් වාරිමාර්ග, යටිතල පහසුකම් හා නල මාර්ගවල සංවර්ධනකටයුතු ශක්තිමත් කිරීමට ද සමත් වී ඇත. එය ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Anton දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තරව ද ප්‍රචලිත වීමට ප්‍රධානතම හේතුවකි.

හොඳම අමුද්‍රව්‍ය හා නවීන තාක්ෂණය භාවිතයෙන් ඉහළගුණාත්මක භාවය හා ආරක්‍ෂාවතහවුරු කිරීමට සමත්ව ඇති Anton සිය පරිසර හිතකාමී, තිරසාර නිෂ්පාදන පෙළ හරහා  පාරිභෝගිකයන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා රුපියල ස්ථාවර කිරීමට අත්‍යවශ්‍ය මේ මොහොතේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය සීඝ්‍රයෙන් වර්ධනය වන මාලදිවයින වැනි රටක වෙළෙඳපොළවෙත පිවිසීමට ලැබීම ඇත්තවශයෙන් මවිශාල ජයග්‍රහණයක්. මෙය අපගේ වර්ධනයේ විශාල පිම්මක් වගේ ම ශ්‍රී ලාංකේය ජාතියශක්තිමත් කිරීම වෙනුවෙන්ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විදියටත් හඳුන්වා දීමට පුළුවන්.යනුවෙන් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *