ජනශක්ති රක්‍ෂණ සමාගම ඉතිහාසයේ ප්‍රථම වරට ‘2022 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්‍ෂණ සමාගම’ ලෙස සම්මාන ලබමින් ගෝලීය  වශයෙන් ඇගයීමට ලක් විය. ලන්ඩනය මූලික කරගනිමින් ක්‍රියාත්මක, ජාත්‍යන්තරව කීර්තිමත් ආයතනයක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම සම්මානය මගින් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වන, එමෙන් ම සියලු  පාර්ශ්වකරුවන් වෙත  වටිනාකම් එක් කිරීම සඳහා කටයුතු කරන ආයතන ඇගයීමට ලක් කරයි.  ජනශක්ති ලයිෆ් ඇතුළු සියලු ම සම්මානලාභී ගෝලීය සන්නාම සඳහා මෙම සම්මානය ලන්ඩනයේ හවුස් ඔෆ් ලෝඩ්ස් හි දී නොබෝදා පිරිනැමිණි. සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ දී අවසාන පියවර ලෙස ජූරි සභාව මගින් ජයග්‍රාහකයින් නම් කිරීම දක්වා ඉතා සාධාරණ, විනිවිධභාවයකින් යුත්, ගුණාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන නිසා ම මෙම සම්මානයෙහි වැදගත් කම තවත් වැඩිවන බව පැවසිය යුතු ම ය. මෙම සම්මානය, උසස් පාරිභෝගික අත්දැකීමක් සහ සේවා විශිෂ්ටත්වයක් සමඟින් නව්‍ය රක්‍ෂණ විසඳුම් පිරිනැමීම හරහා ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයට ජනශක්ති ලයිෆ් සමාගම ලබාදුන් සුවිශේෂී දායකත්වය සඳහා කදිම සාක්ෂියකි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. “මෙම පිළිගැනීම අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට උසස් සේවාවක් ලබා දෙමින්, අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමට කැපවීමේ ප්‍රතිඵලයක්. අභියෝගාත්මක වසරක් මධ්‍යයේ වුවත් සමාගමේ  වර්ධනයට අසමසම දායකත්වයක් ලබා දුන් අපගේ  ජනශක්ති සිංහ බලකායේ අඛණ්ඩ කැපවීම, හැකියාව හා අති විශිෂ්ට බව මෙම සම්මානයෙන් අපට පෙන්වා දෙනවා. නව්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අප අපගේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කළා.”

ජීවිත නඟා සිටුවමින්, සිහින සවිබල ගැන්වීමේ ආයතනික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සැම විට ම ආචාරධර්මයන්ට අනුකූල වෙමින්, විනිවිදභාවයෙන් යුතුව සිය පාර්ශවකරුවන් වෙත වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා කැප වෙයි. පාරිභෝගිකයින්ගේ  ජීවිතයේ සෑම අදියරක දී ම මතුවන විවිධත්වයෙන් යුතු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රක්‍ෂණ විසඳුම් හා සේවාවන් හඳුන්වා දෙන ජනශක්ති ලයිෆ් සිය කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ  සිහින හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට ද හැකි උපරිම සහයෝගය ලබා දෙයි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ ඉහළ ම,  වටිනා ම මෙන් ම  ශක්තිමත් ම සන්නාම 100 අතරට තේරී පත් වූ අතර, බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් වාර්තාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමවලින් එකක් ලෙස TOP 10 සන්නාම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වීමට ද සමත් විය. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්, A+ ශ්‍රේණිගත කිරීම හා ශක්ති දර්ශකයේ (BSI) ලකුණු 569ක් සහිතව TOP 10  නාමාවලිය අතරට එක් වූ එක ම රක්ෂණ සන්නාමය වශයෙන් ද ජනශක්ති හඳුන්වා දිය හැකිය.  .

හොඳ ම රක්ෂණ විසඳුම් සමඟින් කලාපයේ රක්ෂණ කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ජනශක්ති ලබා දෙන දායකත්වය පසුගියදා පැවති තුන් වන  ICC Emerging Asia Insurance Awards 2021 හි දී 2021 වර්ෂය සඳහා ‘රක්ෂණ ව්‍යප්තිය උදෙසා හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය මගින් ඇගයීමට ලක් විය. ඊට අමතරව ජනශක්ති ලයිෆ් ‘වසරේ ගෘහස්ථ රක්ෂණකරු’ ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති අතර, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙල මගින් ජනශක්ති ලයිෆ් ජංගම යෙදුම ‘වසරේ ජංගම යෙදුම’ ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. රක්ෂණ සමාගම්, ආයෝජකයින්, වෘත්තිකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇගයෙන ආසියානු රක්ෂණ සම්මාන උළෙල, කලාපයේ වඩාත් ම කැපී පෙනෙන රක්ෂණ සමාගම් ඇගයීම වෙනුවෙන් සංවිධානය වන ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම සම්මාන උළෙල ලෙස හැඳින්විය හැකිය. 

ජනශක්ති රක්ෂණ සමාගම සිය සිංහ බලකායේ විශිෂ්ටත්වය හා ගෝලීය ප්‍රමිතිය තහවුරු කරමින්  2021 වසරේ දී  MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට සමත් විය.  සිය සාමාජික සාමාජිකාවන් සවිබල ගන්වමින් ධනාත්මක වටිනාකමකින් යුත් ආයතනික සංස්කෘතියක් තහවුරු කිරීම වෙනුවෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම සේවය කිරීම සඳහා සුදුසු ම ආයතනයක් වශයෙන් ද නම් කෙරිණි.  වසර 27ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියට ම ගමන් කර ඇත.  එම සමාගමේ දීප ව්‍යප්ත 75කට අධික ශාඛා ජාලය මගින් සෑම තරාතිරමක ම පුද්ගලයන් වෙත සිය අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *