යුනිලීවර් ශ්‍රී ලංකා හි ප්‍රමුඛතම සනීපාරක්‍ෂක සබන් සන්නාමය වන ලයිෆ්බෝයි විසින් ප්‍රජාවන් අතර දිගු කාලීන සනීපාරක්‍ෂක චර්යාවන් ඇති කිරීමේ සිය අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් එක් පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී. ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින්, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වුණු 13 වන ජාතික කබෝරියට  (Cuboree) සහභාගී වූ දරුවන්ට දෑත් සේදිමෙහි ඇති වටිනාකම අවධාරණය කර දීම මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙම ජාතික කබෝරියට සහභාගී වූ දරුවන් 12,000කට අධික ප්‍රමාණයකට විවිධ ක්‍රියාකාරකම් මගින් නිවැරදිව දෑත් නොසේදිමෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සහ දෑත් සේදීමේ පහසු පියවර හඳුන්වා දීම මෙහිදී සිදුවිය. මෙම මුලපිරීම මගින් දරුවන් තුල පවත්නා ස්වභාවික නායකත්ව හැකියාවන් උපයෝගී කරගනිමින්,  තමන් ඉගෙනගත් දෑත් සේදීමේ පියවරයන් තවත් 5 දෙනෙකු සමඟ බෙදාගැනීමට ඔවුන්ව දිරිමත් කරන ලදී.

මෙම වටිනා පණිවිඩය තවදුරටත් ඉදිරියට ගෙනයාම උදෙසා දරුවන්ව දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන් (Chief Education Officers) ලෙස කටයුතු කිරීමට දිරිගැන්වීමද මෙහිදී සිදු විය. තවද ලංකාව පුරා පවතින පාසල් වලින් තෝරාගත් පාසල් 9ක් සඳහා, තම පාසල් පරිශ්‍රය තුළ දෑත් සේදීමේ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීම උදෙසා  රුපියල් 100,000ක මුදලක් ලබා දීම ද ඉදිරියේදී දෑත් සේදීමේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුතුව සිදු කිරීමට නියමිතය. ලයිෆ්බෝයි විසින් දරුවන් සඳහා සබන් කැට සහ කබෝරි (Cuboree) අත්පොත් පිරිනැමීම සිදු කල අතර තෝරාගත් පාසල් සඳහා ප්‍රමාණවත් තරමින් ලයිෆ්බෝයි දෑත් සේදීමේ සබන් දියර (Hand Wash) ලබා දීමද සිදු කෙරුණි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂිකා – (පුද්ගලික සත්කාර සහ රූපලාවන්‍ය සහ යහපැවැත්ම), නිලූෂි ජයතිලක මහත්මිය මෙසේ පැවසීය “මෙවර ලෝක දෑත් සේදීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ අත්වැල් බැඳගනිමින්, දෑත් සේදීමේ වටිනාකම අපගේ අනාගත පරපුර සමඟ බෙදා ගැනීමට අවස්ථාව උදාවීම අපට ඉතා ගෞරවයට කරුණක්. ශ්‍රී ලංකාව තුල දශකයකට වඩා වැඩි කාලයක් පුරාවට දෑත් සේදීමේ වටිනාකම කියාපාන සන්නාමයක් වශයෙන් ලයිෆ්බෝයි අපි, තවදුරටත් එම කර්තව්‍ය ඉදිරියට ගෙනයමින් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයේ මුල් අවධියේදීම මූලික සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම සහතික කිරීමට බැදී සිටිනවා”.

2007 වසරේ සිට ලයිෆ්බෝයි විසින් යහපත් සනීපාරක්‍ෂක පුරුදු පවත්වා ගැනීම සහ සබන් යොදා දෑත් සේදීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම තුලින් රෝගාබාධ වළක්වමින් ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටී. දෑත් සේදීම දිරිමත් කිරීම  සහ නිවැරදි දෑත් සේදීමේ ක්‍රමවල නියැලීමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා ලයිෆ්බෝයි විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව පාසල් සහ පොදු ස්ථාන පුරා දෑත් සේදීමේ ඒකක 100 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සහ ජල නල පද්ධති වැඩිදියුණු කිරීම ද, ප්‍රජා පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීමද සිදුකොට ඇත. 2021 දී ‘H for Handwashing’ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු, සන්නාමය විසින් ශ්‍රී ලාංකිකයන් මිලියන 3.6 කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වී ඇති අතර, දෑත් සේදීමේ පණිවිඩය මුදාහැරීමේ අරමුණින් අධ්‍යාපනඥයින් සමඟින් අත්වැල් බැඳගෙන ඇත.

ලයිෆ්බෝයි හි ඉතිහාසය 1894 වර්ෂය දක්වා දිව යන අතර,  දුර්වල සනීපාරක්ෂාව සහ පැතිර යන වසංගතවලට එරෙහිව සටන් කිරීම සඳහා ආරම්භක නිෂ්පාදනය බ්‍රිතාන්‍යයේ දී  දියත් කොට ඇත. ලයිෆ්බෝයි විසින් සමාජ පන්තීන්හි වෙනස්කම් අවම කිරීම වෙනුවෙන් පෙනී සිටි අතර සනීපාරක්ෂාව සහ පිරිසිදුකම දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කිරීම තුලින් අවදානමට ලක්විය හැකි පවුල්වල ජීවිත වෙනස් කරන ලදී. ආරම්භයේ සිටම, ලයිෆ්බෝයි දෛනිකව අත්‍යවශ්‍ය අංගයක් වූ අතර පවුලේ සෑම සාමාජිකයෙකුම රෝග වලින් ආරක්ෂා කොට හොඳ සනීපාරක්ෂාවක් ඇති කිරීමට කටයුතු කරන ලදී.

අද වන විට ලයිෆ්බෝයි සබන් කැටයකට වඩා පරිණාමය වී ඇති අතර, විවිධ අවශ්‍යතාවයන්ට සරිලන හෑන්ඩ් වොෂ්, බොඩි වොෂ් සහ හෑන්ඩ් සැනිටයිසර් වැනි නව ප්‍රභේද රාශියක් හඳුන්වා දී ඇත. තවද ලයිෆ්බෝයි, ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක අලෙවි වන අතර ලොව අංක එකේ  විෂබීජ නාශක සබන් සන්නාමය බවටද පත්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *