Quickee යනු දේශීය අන්තර්ජාල වෙළෙඳපොළක් වන අතර, එය එම සමාගමට ම අයත් බෙදාහැරීමේ සේවාවකින් ද සමන්විත වේ. වර්තමාන ආර්ථික ගැටලු නිසා ම සිය පාරිභෝගිකයින්ගේ මුදල් මෙන් ම කාලය ද ඉතිරි කිරීම වෙත අවධානය යොමු කරමින් අලුයම 3 දක්වා ක්‍රියාත්මක, ගුණාත්මක හා  කාර්‍යක්ෂම සේවාවක් ලබා දෙන Quickee සමාගම සිය නව නිල ලාංඡනය සඳහා ලොව වේගවත් ම සත්වයා වන චීටාගේ රුව යොදාගැනීම මගින් තම සේවාවන්හි ඉතා වේගවත් බව සංකේතවත් කරයි.  එමෙන්ම කාර්‍යක්ෂම හා ආරක්ෂිත බෙදාහැරීමේ සේවාවක් ලබා දෙන Quickee ආයතනය එමගින්, සිය සමාගමේ තේමා පාඨය වන ‘Convenience Delivered’ යන සංකල්පය අරුත් ගැන්වීමට ද අරමුණු කරයි.

නව්‍යකරණය කරන ලද Quickee සන්නාමය ජංගම දුරකථන, ඖෂධ, ගෘහ උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, මෝටර් රථ අමතර කොටස්, කේක්, මල්, ළදරු නිෂ්පාදන, සෙල්ලම් බඩු, ආහාර මෙන් ම තවත් බොහෝ නිෂ්පාදන පරාසයකට හිමිකම් කියන අතර, සිය පාරිභෝගිකයින්ට අන්තර්ජාලය ඔස්සේ තමාට අවශ්‍ය සියලු ම දෑ මිලදී ගැනීමේ සහ නිවෙසටම ගෙන්වා ගෑනීමේ පහසුකම් ද සළසයි. දේශීය ආයතනයක් ලෙස, දේශීය වෙළෙඳුන්ට  ප්‍රමුඛතාව  ලබා දෙන, Quickee සමාගම මෙරට ප්‍රමුඛතම දේශීය ඊ-වාණිජ්‍ය අලෙවිසැලක් ලෙස  ජනතාව වෙත සේවා සළසන අතර, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නා  පාරිභෝගිකයින්ගේ පළමු මෙන් ම එක ම තේරීම  Quickee බවට පත් කිරීම එම සමාගමේ අරමුණයි. Quickee නව්‍යකරණය වීමත් සමඟ පුළුල් කරන ලද නිෂ්පාදන කළඹට සමගාමීව, නව බෙදාහැරීමේ ක්‍රමවේදයන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර, එම සේවාවන් අතරින් ‘Quickee Concierge’, ‘Late Night Dining’, ‘Gifting’, ‘Quickee S.O.S’ වැනි බෙදාහැරීමේ සේවාවන් විශේෂිතය.

මේ පිළිබඳව Quickee හි ප්‍රධාන විධායක නිලධාරී සැමී අක්බර් මහතා අදහස් දැක්වුවේ මේ අයුරිණි. ” අපි සියලු ම ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබෙන ආයතනයක්.  ඒ නිසාම අපි සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම අංක එකේ තේරීම බවට පත් වීමේ අරමුණින් ක්‍රියාත්මක වන බව පැවසීමට කැමතියි.  අප පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් ම සැකසුණු නව බෙදාහැරීමේ සේවාවන් රැසක්  හඳුන්වා දීමට කටයුතු කරල තිබෙනවා. ‘Quickee Concierge’ කියන්නෙ කාර්යබහුල වෘත්තිකයින් සහ දිවා කාලයේ විවිධ කාර්‍යයන් නිසා කාර්‍යබහුල වන ගෘහණියන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සේවාවක්. Quickee Concierge සේවාව මගින් පාරිභෝගිකයින් වෙත සැබෑ සාප්පු සවාරියක හැඟීම මාර්ගගතව (Online) ලබා ගැනීමේ හැකියාව ලබා දෙන බව පැවසිය යුතුමයි. එම සේවාව අලුයම 3 දක්වා ක්‍රියාත්මකයි.  මෙහි දී  Quickee රියදුරාට  පාරිභෝගිකයාගේ භාණ්ඩ ලැයිස්තුව ලබාදුන් පසුව අදාළ වෙළෙඳසැල් මගින් ඒවා ලබාගෙන පාරිභෝගිකයා සිටින ස්ථානයට ම ගෙනවිත් දීම සිදු කරනවා. මෙම සේවාව මගින් පාරිභෝගිකයාට තමන්ගේ කාලය ඉතිරි කර ගැනීමට මෙන් ම, අදාළ කාල සීමාවට අනුකූලව තමන්ගේ  වැඩ කටයුතු සැලසුම් කර ගැනීමට ද හැකියාව ලැබෙනවා. ඒ වගේ ම මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ  මෙම සේවාව ලබා දෙන එකම ආයතනය විදියටත් Quickee හඳුන්වා දීමට පුළුවන්. 

 තවත් නව සේවාවක් වන ‘Quickee SoS’ සේවාව මගින් පාරිභෝගිකයින්ට මුළු දවස පුරා උදෑසන 9.00 සිට 3.00 දක්වා එන සෑම හදිසි අවස්ථාවල අවශ්‍ය යමක් ගෙන්වා ගැනීමට, සහයෝගය ලබා දෙනවා. එහි දී අපගේ Quickee Call Centre වෙත ඇමතුමක් ලබා දීමෙන් හෝ අදාල අවශ්‍යතාව Whatsapp කිරීමෙන් SOS සේවාව හරහා එය ඔබගේ දොරකඩටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාව තුළ එවැනි සේවාවක් ලබා දෙන්නේත් අපි පමණමයි. මෙම නව සේවාවන් සියල්ලක් ම අපි ලබා දෙන්නේ අපගේ පාරිභෝගිකයින් වෙත කාර්‍යක්ෂම සහ ගුණාත්මක සේවවක් ලබා දීමේ අරමුණින්. ” අක්බර් මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මෙහි දී අදහස් දැක්වූ  Quickee  සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සයිෆ් යූසුෆ් මහතා මෙසේ පැවසුවේය. ” අපගේ පාරිභෝගිකයින්ගේ අංක එකේ තේරීම තමයි Quickee කියන්නෙ. අපි ඉතා තරඟකාරී මිල ගණන් යටතේ පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන හා සේවාවන් රැසක් ලබා දෙනවා. අපගේ අද්විතීය සේවාවන් සමඟින් පාරිභෝගිකයින්ට අවශ්‍ය ඕනෑ ම භාණ්ඩයක් ඔවුන්ට අවශ්‍ය මොහොතේ දී ඉතා කාර්‍යක්ෂමව ඔවුන්ගේ දොරකඩටම ගෙනැවිත් දීමට අපි කටයුතු කරනවා. එය Quickee වෙතින් පමණක් ම ලබා ගත හැකි සේවාවක්. ඒ නිසා ම ‘Convenience Delivered’ කියන අපගේ තේමා පාඨය හුදු අලෙවිකරණ පාඨයක් පමණක් ම නොවන බව අපි ඔප්පු කරල තිබෙනවා.”

 “ ශ්‍රී ලාංකිය සමාගමක් විදියට දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට දිරිගැන්වීම සහ දේශීය  ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේ ම අපි ඕනෑ ම වේලාවක පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ ඔවුන්ගේ දොරකඩට ම ලබා දීමට සූදානම්. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන විශාල පාරිභෝගික පදනමක් වෙත ගෙන යාමේ අවස්ථාවත් අපි ලබා දීල තිබෙනවා. ඒ වගේ ම මේ රටේ ව්‍යාපාර නැංවීම වෙනුවෙන් අපි ඉතා හොඳ ක්‍රියාවලියක් නිර්මාණය කරල තිබෙනවා. .” යූසුෆ් මහතා පැවසුවේය.

පාරිභෝගිකයින්ට Quickee ඇප් එක Google Playstore, Apple Appstore හරහා Download කරගැනීමේ හැකියාව පවතී.  Quickee වෙබ් අඩවිය හරහා, Whatsapp මගින් හෝ Quickee ක්ෂණික ඇමතුම් අංකය වන 0117324325 ඇමතීමෙන් ඔබට ඔබේ ඇණවුම් ලබා ගත හැකිය. තවද, අපගේ ක්ෂණික දුරකථන අංකය සහ whatsapp වලට අමතරව, විදේශ ගත වී සිටින පාරිභෝගිකයන් හට, ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන් සඳහා ඇමරිකාව +1 315 232 0426, කැනඩාව: + 1 289 804 0587, සහ එංගලන්තය: + 44 203 769 8734 යන අංක මගින් තම ඇණවුම් සිදු කල හැක. Quickee බෙදා හැරීමේ සේවා ලබා ගැනීමේ දී මුදල්, Credit හෝ Debit කාඩ්පත්, Bank transfers, මාර්ගගත (Online) ගෙවීම් සහ QR ගෙවීම් වැනි විවිධ ක්‍රමවේද ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කිරීමේ පහසුව ඇති බව ද පැවසිය යුතුමය.

Quickee පිළිබඳව 

2013 වසරේ දී ආරම්භ වූ Quickee පූර්ණ වශයෙන් Expolanka Holdings PLC ආයතනයට අනුබද්ධිත සමාගමකි. පාරිභෝගික පහසුව මූලික කරගනිමින් ක්‍රියාත්මක වන මාර්ගගත අන්තර්ජාල වෙළෙඳපොළක් වන Quickee සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙත සේවා සපයන නවෝත්පාදන ක්ෂේත්‍රයයේ දැවැන්තයෙකු ලෙස කටයුතු කරයි. මෙම ආයතනය EFL3PL හි කළමනාකරණය යටතේ ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *