Huawei සමාගම විසින් පසුගියදා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරායසේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදුකෙරිණි.  පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ  Huawei සමාගම රේගු හා වරායසේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් නව සේවාවන් රැසක් හඳුන්වා දී ඇත.

ආසියා පැසිෆික් කලාපයට අදාළය රේගු හා වරාය අංශයක් ආරම්භ කිරීම Huawei සමාගමේ සුවිශේෂී ඉදිරි පිම්මක් බව Huawei රේගු හා වරාය අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී  රොබින් ලූ මහතා පැවසුවේය.  රේගු හා වරාය ක්ෂේත්‍රය තුළ වෙළෙඳ යටිතල පහසුකම් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ගෝලීය වශයෙන් විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා.මේ වසරේ පැවැත්වුණු HUAWEI CONNECT සමුළුවේ දී, අපි අපගේ ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නව නිපැයුම් හා සේවාවන් රාශියක් හඳුන්වා දීමට කටයුතු කළා. ඒ අතරින් ආසියා පැසිෆික් කලාපයේ රේගු හා වරායවෙළෙඳ යටිතල පහසුකම් ඩිජිටල්කරණය වෙනුවෙන් හඳුන්වා දුන් නව සේවාවන් විශේෂයි.  එම සේවාවන් හරහා අපට රේගු හා වරාය කටයුතු ආශ්‍රිත සේවා කාර්යක්ෂමකිරීමට වගේ ම එම සේවාවන් ගෝලීය වශයෙන් ව්‍යප්ත කිරීමටත් අවස්ථාව ලැබෙනවා. යනුවෙන් ලූ මහතා වැඩිදුර අදහස් දක්වමින් පැවසුවේය.

ආරක්ෂිත, කාර්යක්ෂම හා ස්මාර්ට් පහසුකම්වලින් සමන්විත වරාය සේවාවක් ගොඩනැංවීම

ලූමහතාටඅනුව, වර්තමානයේ ජාත්‍යන්තර වෙළෙඳාම හා ගෝලීය ආර්ථික වර්ධනය සඳහාවරාය ආශ්‍රිත සේවාවන්  ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරයි.  ලෝකය ඩිජිටල්කරණය වන විට, වරායකටයුතු ආශ්‍රිත සේවාවන් ද ඩිජිටල්කරණය වෙත නැඹුරු වීම අත්‍යවශ්‍ය කරුණකි.ඩිජිටල්කරණය දැඩි අභියෝගයක් මෙන්මඑඟින් වැඩි ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කරන බව ද පැවසිය යුතු ම කරුණකි.

ස්මාර්ට්, බහාලුම් සැලසුම්කරණ ක්‍රියාවලිය : සැලසුම් කිරීමයනු ඕනෑම වරායක මූලික අංගයක් වන අතර, එයඅදාළ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාවකෙරෙහි සෘජුවම බලපායි.  ක්සමාගම විසින්හඳුන්වා දී ඇති Huawei Cloud OptVerse AI Solver සේවාව මගින් වරායන් ආශ්‍රිත බහාලුම් කළමනාකරණ ක්‍රියාවලිය කාර්‍යක්ෂම කිරීමේ හැකියාව ලබා දෙයි.

දෘශ්‍ය ජාලයක් සහිත දුරස්ථ පාලකය : සාම්ප්‍රදායික පර්යන්ත මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා කාලය මෙන් ම ශ්‍රමද වැඩි වශයෙන් වැය වේ. එමෙන් ම එහි දී සේවකයින්ට පැය ගණනක් නිරාහාරව, කටුකවැඩ පරිසරයක් තුළ සේවය කිරීමට සිදුවේ.  Quay දොඹකර ක්‍රියා කරුවන් මෙවැනි වාතාවරණයක් තුළ, සාමාන්‍යයෙන් පොළවේ සිට මීටර් 40ක් පමණ උසින්වැඩ කරන විට අදාල වෘත්තියට අදාළ විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතී.

ස්මාර්ට් අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතියක් : වරායක් සාමාන්‍යයෙන් සතියේ දින 7ම පැය 24පුරා ක්‍රියාත්මක වේ. එම නිසා අභ්‍යන්තර බහාලුම් ට්‍රක් රථ රියදුරන් සාමාන්‍යයෙන් සේවා මුර තුනක සේවා කටයුතුවල නිරත වන අතර,ඔවුහු එහි දී අවදානම්තත්ත්වයන්ට හා කාර්‍යබහුලත්වයට තදින් ම මුහුණ දෙති.  එසේ වුවද, ඊට විකල්ප සෙවීම අපහසු නිසා සම්පත් භාවිතය අවම වේ.

නිෂ්පාදන ආරක්ෂාව වෙනුවෙන් ස්මාර්ට් සේවා : වරායකට ආරක්ෂාව යන සංකල්පය ඉතා වැදගත් වේ. එමෙන් ම නව ස්වයංක්‍රීය පර්යන්ත සඳහා ඕනෑ ම කාලගුණික තත්ත්වයක් යටතේ ආරක්ෂාව සහතිකකරන ආරක්ෂණ පද්ධතියක් අත්‍යවශ්‍ය ය. අවදානම් මඟහරවා ගනිමින් පර්යන්තවලආරක්ෂාව තහවුරු කිරීමට Huawei ස්මාර්ට් නිෂ්පාදන උපකාරී වන බව පැවසිය යුතුමය.

විවෘත, පාලනය කළ හැකි සහ වේගවත් ස්මාර්ට් රේගු සේවාවක් :

සාම්ප්‍රදායික පරීක්ෂා කිරීමේ ක්‍රමවේද නිසා රේගු නිෂ්කාශනකටයුතු මන්දගාමී වේ. එමෙන් ම වෙළෙඳ කටයුතු සඳහා අහිතකර ලෙස  බලපාන ප්‍රධානතම කරුණක් වන්නේ අකාර්යක්ෂම අධීක්ෂණයයි.  මෙම ගැටලු විසඳීම සඳහා Huawei සමාගම විවෘතභාවය, පහසු පාලනය, වේගවත් ප්‍රවේශය සහ ගුණාත්මක සේවාවන් ස්ථාපිත කරන විවිධ නව සේවාවන් සැලසුම් කර ඇති බව ලූ මහතාපැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *