මීළඟ පරම්පරාවේ ජංගම ජාල සන්ධානය විසින් සත්කාරකත්වය සපයනු ලබන, 2022 ව්‍යාපාරික සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය  Huawei Wireless හි දී පැවැත්වුණු අතර, එහි දී  Huawei සාමාජික හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්‍ය වෙන් ටොන්ග් මහතා 5G සිට 6G වෙත පාළමක්’ යන මාතෘකාව යටතේ එහි ප්‍රධාන දේශනයක් පැවැත්වීය.  5G තාක්ෂණය 6G බවට පත් කිරීමට උපකාරී වන  ගාමක බලවේග සහ සැලසුම් පිළිබඳව ආචාර්ය ටොන්ග් සිය කතාවේ දී පැහැදිලි කළ අතර, මෙම සංවර්ධනය වේගවත් කිරීමට 5.5G තාක්ෂණය අත්‍යවශ්‍ය පියවරක් බව ද සඳහන් කළේය.

නව සේවාවන් සහ ශක්‍යතාවන් වර්ධනය කිරීම සඳහා 5G තාක්ෂණය 5.5G දක්වා වර්ධනය කෙරෙයි

වර්තමානය වන විට 5G තාක්ෂණය ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින අතර, සාමාන්‍යයෙන් සෑම පරිශීලකයින් 10,000කට මූලික මධ්‍යස්ථාන 40ක් පමණ පිහිටා ඇත.  චීනය තුළ 5G තාක්ෂණය සිරස් කර්මාන්ත ක්ෂේත්‍ර 30කට වැඩි සංඛ්‍යාවකට සේවා ලබා දෙන අතර, එමගින් 2021 වසරේ දී පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3ක් වටිනා ආර්ථික නිමැවුමක් සෘජුවම නිර්මාණය කර ඇත. නැගී එන 2C හා 2B යෙදුම්වල ඉදිරි වර්ධනය සඳහා ද 5G තාක්ෂණයේ  දියුණුව අත්‍යවශ්‍ය වන අතර, එය වැඩිදියුණු කළ Mobile Broadband (eMBB), ultra-reliable low-latency communication (URLLC), Massive Machine-type Communications (mMTC) සංවේදන හැකියා වර්ධනය, අක්‍රීය IoT සේවාව සහ නව හැකියාවන් වැඩිදියුණු කිරීම ආදී අවශ්‍යතාවන් 5.5G තාක්ෂණය වෙත පරිවර්තනය වීම දිරිගන්වයි. මේ සමඟ 5.5G සේවාව මගින් ගොඩනඟන10 Gbps Downlink, 1 Gbps uplink, බිලියන 100 මට්ටමේ සම්බන්ධතා සහ ස්වදේශීය බුද්ධිය, 5G සේවාවෙහි නව ගමනට සහයෝගය දක්වන බව ද පැවසිය යුතුමය.

Ultra-high Bandwidth Downlink 10 Gbps සඳහා අත්‍යවශ්‍යතාව

Ultra-high bandwidth හැකි වන්නේ ප්‍රමාණවත් වර්ණාවලියක් සමඟ පමණක් වන අතර, මෙය Sub-100 GHz සම්පත් සම්පූර්ණ වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි.  දැනට පවතින 100 MHz FDD සහ 100 MHz TDD වර්ණාවලීන්ට  6 GHz කලාපයේ 200 සිට 400 MHz පුළුල් කලාප සහ mmWave හි 800 MHz පුළුල් කලාප  එක් කිරීමෙන්, ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත ඕනෑ ම තැනක සිට ඕනෑ ම වේලාවක10 Gbps ලබා දීමට හැකියාව ලැබේ.

Multi-Band Convergence සඳහා Uplink-Downlink Decoupling Uplink 1 Gbps පදනම

ව්‍යාපාරික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා Uplink සේවාව Downlink සේවාවට වඩා බලවත් වීම අත්‍යවශ්‍ය වේ.  uplink-downlink සමඟින්, පවතින විශේෂාංග මත පදනම් වූ සංවර්ධනය  සහ අලුතින් නිර්වචනය කරන ලද uplink-only spectrum ඇතුළු විවිධ කලාපවල uplink සහ downlink වර්ණාවලිය 2B සඳහා සහය වීමට නම්‍යශීලීව ඒකාබද්ධ කළ හැකිය.  uplink/downlink decoupling හරහා, 1 Gbps uplink සේවාවක් සහතික කිරීමේ හැකියාව පවතී.

අද වන විට, HD වීඩියෝ 100-නාලිකා සම්ප්‍රේෂණය, 360° දුරස්ථ පාලක හා අනෙකුත් 2B යෙදුම් වෙනුවෙන් 1 Gbps uplink සහතික කිරීම සඳහා  පතල් කැණීම්, වානේ සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල uplink-downlink decoupling වාණිජකරණය කර ඇත.

5.5G සේවාව, 5G සිට 6G දක්වා උසස් කිරීම සඳහා පාලමක් වනු ඇති බව පවසන ආචාර්‍ය ටොං 5.5G සහ 6G භෞතික හාස් ඩිජිටල් යන අංශ දෙක සම්බන්ධ කිරීමට මූලික වනු ඇති බව පවසයි.  ආචාර්ය ටොංගේ නිගමනය අනුව ජංගම දුරකථන කර්මාන්තයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒකාබද්ධ ප්‍රමිතිකරණය සහ කර්මාන්ත සහයෝගීතාව මතය. එම නිසා ම සියලු දෙනා එක්ව 5.5G තාක්ෂණය සමඟින් ඉදිරියට යාමට සහ තිරසාර අනාගතයක් සඳහා තාක්‍ෂණික පරිණතභාවය වේගවත් කිරීම වෙනුවෙන් සහයෝගීතාව ඉහළ නැංවියයුතු බව ආචාර්‍යවරයා ආවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *