ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ජාත්‍යන්තර පාපන්දු තරඟාවලිය වන FIFA ලෝක කුසලාන කටාර් 2022™ හි නිල අනුග්‍රාහක ලෙස පත්වීම ඉතා සතුටින් දැනුම් දෙන ලදී. 2017 සිට අවස්ථා දෙකකදීම FIFA ලෝක කුසලානයේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස vivo ක්‍රියා කල අතර මෙම වසරේදී ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් 2022 නොවැම්බර් 21 සිට කටාර්හිදී මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය.

මෙම හවුල්කාරිත්වය හරහා vivo විසින් සිය නිල ලාංඡනය සහ නිල සන්නාම අනන්‍යතාවයන් සංකේතවත් කරමින් ලොව පුරා සිටින උද්යෝගිමත් පාපන්දු ලෝලීන් සමඟ සම්බන්ධ වීම උදෙසා අද්විතීය ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. මේ තුලින් අනාගතයේදී සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් සහ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ පෙරළිකාර දියුණුවක් අත්කරගනිමින් ජාත්‍යන්තරය ජය ගැනීම vivo හි පැතුමයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා මෙසේ පැවසීය. ““FIFA World Cup Qatar 2022™ සමඟ මෙම සහයෝගීතාවයට එළඹීමට ලැබීම අප ලද භාග්‍යයක්. ලොව පුරා සිටින බිලියන ගණනකට ප්‍රීතිය ගෙන දීමටත් ඔවුන්ගේ වයස, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය සහ සංස්කෘතිය නොතකා ඔවුන්ව එකට එක් කිරීමටත් පාපන්දු ක්‍රීඩාවට හැකි බව අපි විශ්වාස කරනවා. අපි රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් සහ කලාප හරහා අපගේ පැවැත්ම ව්‍යාප්ත කරමින් යන අවදියක ලොව පුරා බිලියන ගණනකට ආස්වාදයක් ලබා දීමට හැකියාව පවතින  FIFA ලෝක කුසලාන කටාර් 2022™ හිදී අපට ලැබුණු මෙම අවස්ථාව කදිම වේදිකාවක්. මේ තුලින්, ලොව පුරා සිටින බිලියන ගණනක ක්‍රීඩා ලෝලීන්ට ප්‍රීතියක් ලබා දීමට හැකි ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීමේ, අපගේ වටිනා අවශ්‍යතාවය මැනවින් පිළිබිඹු වෙනවා”.

දකුණු ආසියාව තුල සිය ආරම්භය සනිටුහන් කල දා පටන්ම vivo හි අවධානය සහ කැපවීම යොමු වූයේ  දේශීය පාරිභෝගිකයින්ට විශිෂ්ට නිෂ්පාදන අත්දැකීම් ලබා දීම කෙරෙහිය. Vivo හි දේශීය නිෂ්පාදන සහ අලෙවිකරණ උපාය මාර්ග හේතුවෙන් වෙළඳපල තුල වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට හැකිවිය. සිය පරිශීලකයන් කේන්ද්‍ර කොට ගනිමින්, නවෝත්පාදන තුලින් පුරෝගාමී ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයන් බිහි කිරීම vivo හි ඉදිරි බලාපොරොත්තුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *