වර්තමානයේ මෙරට දක්නට ලැබෙන විදුලිය ඇනහිටීම් සඳහා  ඵලදායී විසඳුම් ලබා දීම වෙනුවෙන්  Hayleys Fentons සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින්, සූර්ය  බල පද්ධතියක් වන “Energynet” වෙළෙඳපොළට  හඳුන්වා දීමට කටයුතු කර ඇත.

දශකයකට අධික කාලයක් පුරා රැකගත් වෙළෙඳපොළ විශිෂ්ටත්වය සහ දිවයින පුරා 75 MW කට අධික සූර්යබල  පද්ධති ස්ථාපනය කිරීමේ අත්දැකීමක් සහිත  Hayleys Solar, ‘ශ්‍රී ලංකා ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් සමාගම (EPC) හා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජාලගත සූර්ය ද්ධතිවල දක්නට ලැබෙන ප්‍රධානතම අවාසිය වන්නේ, විදුලිය විසන්ධි වූ විට සූර්ය පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීම නිසා දිවා කාලයේ ජනනය කළ හැකි සූර්ය ශක්තිය අපතේ යාමයි.  Energynet මගින් විදුලිය විසන්ධි වන අවස්ථාවල දී සූර්ය බලශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව ලබා දෙන අතර එම සූර්ය ශක්තිය රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි වන අවස්ථාවල දී ද භාවිත කළ හැක.

Energynet මගින් දිවා කාලයේ ගබඩා කරගන්නා සූර්ය ශක්තිය මගින් අඛණ්ඩ විදුලිය සැපයුමක් තහවුරු කරන අතර, එහි සූර්ය  බල පද්ධතිය (solar PV ) මගින් දිවා කාලයේ බැටරිය ආරෝපණය (Charge)  කරගනිමින් විදුලිය විසන්ධි වූ විට එම විදුලිය මුදා හරී. Energynet මගින් විදුලි පහන්, ශීතකරණ, විදුලි පංකා, රූපවාහිනී සහ ලැප්ටොප් වැනි අත්‍යවශ්‍ය විදුලි උපකරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විදුලිය ජනනය කරන අතර, පාරිභෝගික අවශ්‍යතාව මත එය වායු සමීකරණ හා පොම්ප වැනි යන්ත්‍ර ක්‍රියාත්මක කළ හැකි ඉහළ විදුලි  සැපයුමක් දක්වා සැකසිය හැකි වීම ද විශේෂිතය.

Energynet ක්‍රියාත්මක කිරීමට ඉන්ධන හෝ ගෑස් අවශ්‍ය නොවන අතර එය විදුලි බිල අවම කරන, මෙහෙයුම් පිරිවැය ඉතා අඩු නිෂ්පාදනයක් මෙන් ම, ශබ්දයෙන් තොර, පරිසර හිතකාමී විසඳුමක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එමෙන් ම  Energynet නිසා අමතර විදුලි ජනක යන්ත්‍ර (backup generators) සඳහා ඉන්ධන ගබඩා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සිහිපත් කළ යුතු ම කරුණකි.  

Energynet හි අපවර්තකය 0.5kW සිට 5kW දක්වා පරාසයකින් යුක්ත වන අතර, එය සූර්ය බල පද්ධතියෙහි බැටරි පද්ධතිය (LiFePO4) චීනයේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාදන ආයතනයක් වන BYD/CATL මගින් නිපදවන අතර, එම බැටරි 1.2 kWh සිට 10.24 kWh දක්වා වූ පුළුල් පරාසයකින් යුක්ත වේ. ආරෝපණ විසර්ජන වාර 3,000 කට වැඩි ආයු කාලයක් සහිත බැටරිය, එහි ගබඩා වන විදුලිය දිනකට එක් වරක් පමණක් සම්පූර්ණයෙන් ම භාවිත කළහොත් ආසන්න වශයෙන් වසර 8 ක් පමණද විදුලිය දිනකට දෙවරක් සම්පූර්ණයෙන් භාවිත කළහොත් වසර 4 ක පමණ කාලයකුත් පවතින බව ද ඇස්තමේන්තු ගත කර ඇත.

වර්තමානයේ මෙවැනි අභියෝගාත්මක කාලවකවානුවල දී ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන්  සිය නිෂ්පාදන මිල දී ගැනීම සඳහා  මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු හා මූල්‍ය ආයතන සමඟ එක් වෙමින්, මාස 12 සිට 60 දක්වා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රම ණයවර කාඩ්පත් සඳහා හඳුන්වා දීමට Hayleys Solar ආයතනය කටයුතු කර ඇත  

දැනට සූර්ය බල පද්ධති භාවිත කරන පාරිභෝගිකයින්ට Energynet හි අපවර්තකය  හා බැටරි පමණක් මිල දී ගෙන පැනල්වලට සම්බන්ධ කළ හැකිය. නව පාරිභෝගිකයින්ට Energynet පද්ධතිය සූර්ය  පැනල සහිතව හෝ රහිතව ලබා ගැනීමේ  හැකියාව ඇති අතර, මෙය මහල් නිවාසවල පදිංචිකරුවන්ට ද භාවිත කළ හැකි වීම විශේෂිතය.

Fentons Ltd සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා පවසන්නේ මෙවන් අදහසකි.  “ වර්තමානයේ පවතින අභියෝගකාරී තත්ත්වයන්ට සාර්ථක විසඳුම් ලබා දීමට නම්, විකල්ප පුනර්ජනනීය බලශක්ති විසඳුම් සංවර්ධනය කළ යුතුයි. කාර්යක්ෂම මෙන්ම  ගුණාත්මක බලශක්ති විසඳුම් ලබා දීමට නිරන්තරයෙන්  අවධානය යොමු කරන, වගකිවයුතු ආයතනයක් විදියට අපි අපගේ පාරිභෝගික ජනතාවට  Energynet හඳුන්වා දීමට කටයුතු කළා.  මෙය කාර්යාල, ශාඛා ජාල, සාප්පු සංකීර්ණ, ආපනශාලා ඇතුළු තවත් බොහෝ ආයතනවල බලශක්ති අවශ්‍යතාවන් Energynet සැපිරීමට සමත් වේ. ඒ වගේ ම Energynet මෘදුකාංග හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත සමාගම්වලට ඉතා ප්‍රයෝජනවත් වෙනවා මෙන්ම එම ආයතනවල සේවය කරන වෘත්තිකයින්ට කිසිදු  විදුලි බාධාවකින් තොරව නිවසේ සිට ම වැඩ කිරීමේ පහසුව  ලබා දෙන බවත් සිහිපත් කිරීමට කැමතියි.

Hayleys Solar සමාගමේ අධ්යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා දැක්වූ අදහස් මෙසේය. “අති දක්ෂ, තාක්ෂණික වෘත්තීයවේදීන්ගෙන්  සැදුම් ලත් 200 කට අධික තරුණ කණ්ඩායමක් අප සතුයි. අපගේ සියලු ම මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ඔවුන් බව සිහිපත් කළ යුතුමයි.  සුදුසුකම් ලත් ඉංජිනේරු වෘත්තිකයින්ගේ සේවය, කාර්‍යක්ෂමතාව සහ ඉහළ ප්‍රමිතිය නිරන්තරයෙන් සහතික කිරීම අපගේ විශේෂත්වය බව පැවසුවොත් මම නිවැරදියි.  රට තුළ දිනෙන් දින වැඩි වන  බලශක්ති අවශ්‍යතා සපුරාලීමට හැකි විසඳුම් සංවර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා.  Energynet කියන්නෙ වර්තමානයේ විදුලි බලය ආශ්‍රිත ගැටලුවලට හොඳ ම විසඳුමක්.  ඒ වගේ ම Energynet අපගේ පාරිභෝගික ජනතාවට ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන බවත් පැවසිය යුතු ම කරුණක්.

ඡායාරූප විස්තරය

Hayleys Solar සමාගමේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා
Fentons Ltd සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *