ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Tata Motors Limited සමඟ එක්ව, දේශීයව එකලස් කරන ලද DIMO Batta HT2 ට්‍රක් රථ පෙළේ පළමු කාණ්ඩය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදියි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම වරට එකලස් කරන ලද කුඩා වාණිජ රථ පෙළ DIMO වැලිවේරිය ලොජිස්ටික් සෙන්ටර් හි වාහන එකලස් කිරීමේ මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන අතර එහි පළමු වාහන පෙළ පාරිභෝගිකයින් වෙත භාරදීම පසුගියදා සිදු කෙරිණි.

DIMO සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා DIMO Batta HT2 ට්‍රක් රථය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. “ඕනෑම ආර්ථිකයක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය ඉහළ කාර්ය භාර්යක් ඉටු කරනවා.ජනතාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම වෙනුවෙන් අපි සැමවිටම කැපවන සමාගමක් විදියට මෙම   දේශීයව එකලස් කරන  ලද  DIMO Batta HT2 රථය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට DIMO සමාගමට හැකි වීම ගැන අපි සතුටට පත් වෙනවා.”

බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා වැඩකටයුතු පහසු කරමින් මේ වන විට වාහන 100,000 කට අධික සංඛ්‍යාවක් අලෙවි කර ඇති මෙම DIMO Batta HT2 රථය, ලීටරයකට කිලෝමීටර 18 සිට 22 දක්වා ඉන්ධන පිරිමැස්මක් සහිත එකම වාණිජ රථය ලෙස හඳුන්වා දිය හැකිය. එමඟින් උපරිම ඉන්ධන ඉතිරියක් හා කළමනාකරණයක් සිදු කරන අතර DIMO Batta HT2 රථය සමඟ තරඟකාරී අනෙකුත් වාහන සමඟ සසඳන විට එය ඉතා අඩු නඩත්තු පිරිවැයකින් යුක්ත වේ. සෑම කිලෝමීටර 10,000 කට ම නිත්‍ය සේවා පරතරයක් සහිත වීම නිසා පාරිභෝගිකයින්ගේ කාලය හා පිරිවැය ද ඉතිරි කරයි. අඩි7.2 ක දිගකින්, අඩි 5 ක පළලකින් හා අඩි 1 ක උසින් යුත්, විශාල ඩ්‍රොප් සයිඩ් ලෝඩ් බඳක් සහිත මෙම රථය රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකුට අසුන් ගත හැකි, හැඩකාර, සුවපහසු මැදිරියකින් සමන්විතය.  ඊට අමතරව, වැඩිදියුණු කළ ප්‍රධාන ලාම්පු සහ ඩිජිටල් ඕඩෝමීටරයකින් සමන්විත DIMO Batta HT2 රථය සඳහා වසර 2 ක හෝ කිලෝමීටර 60,000 ක විශ්වසනීය වගකීමක් හිමිවීම ද විශේෂිතය.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගම මෙන් ම TATA වාහන මෙරටට ගෙන්වා බෙදා හැරීම සඳහා බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන DIMO සිය පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන පමණක් ම ලබා දීම වෙනුවෙන් කැප වේ.

DIMO සමාගමේ අලෙවියෙන් පසු සේවා අංශය හා Retail අංශය භාරව කටයුතු කරන, DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. “මෝටර් රථ ක්ෂේත්‍රය තුළ අපගේ ප්‍රවීණතාව සහ Tata Motors වෙතින් අපට ලැබෙන සුවිශේෂී සහයෝගය නිසා මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. ප්‍රථම වරට දේශීයව එකලස් කරන ලද DIMO Batta HT2 රථය හරහා අපගේ වටිනා පාරිභෝගික ජනතාව වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් අප සමාගමේ අලෙවියෙන් පසු සේවා අංශය ශක්තිමත් කිරීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.”

සිය ඉංජිනේරු විශිෂ්ටත්වය සහ දශක 8 කට අධික කාලයක් පුරා රැකගත් විශ්වාසය සමගින්, දිවයින පුරා පිහිටි ශාඛා 16 ක් හා අලෙවි මධ්‍යස්ථාන 500 කට අධික ප්‍රමාණයකින් අමතර කොටස් ලබා දෙමින් ,තම පාරිභෝගික ජනතාව වෙත අසමසම අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමට DIMO සමාගම කැප වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *