ස්මාර්ට් ජංගම දුරකතන, ඒවායේ පවතින විශේෂාංග සහ ප්‍රතිලාභ හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් අතවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. දියුණු වන තාක්‍ෂණයත්  සමඟ, ස්මාර්ට්ෆෝන් වලට  කෘතිම බුද්ධිය භාවිතයට ගැනීම තුලින්  පුද්ගලීකරණය කළ  පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සිදු කරයි. එසේම ස්මාර්ට්ෆෝන් වල ඉදිරිපස සහ පසුපස කැමරා යන කාණ්ඩ දෙකෙහිම ගුණාත්මක සහ වේගවත් වර්ධනයක් ද  පසුගිය වසර කිහිපය තුල සිදු වී ඇත. වර්තමාන ස්මාර්ට්ෆෝන් තුල ඡායාරූප සහ වීඩියෝවල ගුණාත්මකභාවය ඉහළ නංවන උසස් තත්ත්වයේ කැමරා කාච සහ ජංගම යෙදුම් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් අන්තර්ගතවේ. ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණයේ ඉහළ යන ප්‍රවණතාවයත් සමඟ ගුණාත්මක කැමරාකරණ හැකියාවක් පැවතීම,  මේ දිනවල ස්මාර්ට්ෆෝන් සඳහා විශාල විකුණුම් ස්ථානයක් බවට පත්ව ඇත.

vivo, සිය “පාරිභෝගිකයින් කේන්ද්‍ර කොට ගත් නවෝත්පාදනයන්” සඳහා වූ කැපවීමත් සමඟ, V ශ්‍රේණියේ සහ Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් තුලින්  වැඩි දියුණු කළ කැමරා සඳහා සිය දායකත්වය සපයයි. ස්මාර්ට්ෆෝන් කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස, vivo සිය  සීමාවන් අභිබවායමින්  කර්මාන්තය තුල හොඳම කැමරා තාක්ෂණයන් සහිත දුරකථන ලබා දීමේ කර්තව්‍යයේ නියැලෙමින් සිටී. දීර්ඝතම කාලයක් තිස්සේ කැමරාවක මෙගාපික්සල් ගණන එහි ගුණාත්මක බව පිළිබඳ සෘජු දර්ශකයක් ලෙස සැලකුණු අතර දැන්, ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින්  නවතම කැමරා තාක්ෂණයන් සහ බලවත් දෘෂ්ටි සංවේදක වැඩි වැඩියෙන් යොදා ගනී.

AI බලයෙන් ක්‍රියාත්මක වන quad සහ triple-camera සැකසුම් සමගින් පැමිණෙන Y series මගින් vivo විසින් පරිශීලකයින්ට අවශ්‍ය මිල පරාසයන් සඳහා උසස් කැමරා විශේෂාංග ලබා දෙයි.Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් තුල පවතින නවීන මෝස්තර, උසස් කැමරා සැකසුම්, ක්‍රියාකාරී ප්‍රොසෙසර සහ වැඩි ධාරිතාවක් සහිත බැටරි සමඟින් පරිශීලකයින්ට නැවුම් තාක්ෂණික අත්දැකීමක් ලබා දෙයි.

vivo,  කර්මාන්තයේ ප්‍රමුඛතම කැමරා විශේෂාංග රැසකින් පිරී ඇති  V series සමඟ නව සීමාවන් බිඳ දැමීමට සමත්විය. සෙල්ෆි ගැනීම, කෙටි වීඩියෝ සෑදීම සහ පුද්ගලික අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම, තම අතේ ගෙන යා හැකි උපාංගවලින් පරිශීලකයා අපේක්ෂා කරන බව  vivo තේරුම් ගෙන ඇත. නවතම V series හඳුන්වාදීමත් සමඟ vivo විසින් පාරිභෝගිකයින්ට කර්මාන්තයේ ප්‍රමුඛතම තාක්‍ෂණයක් වන Eye autofocus විශේෂාංගය ලබා දීම තුලින් ඉදිරිපස කැමරා හැකියාවන් හට අලුත් බවක් ලබා දෙන ලදී. ඡායාරූපකරණයට ආදරය කරන්නන් සහ නිර්මාණකරුවන් සඳහා, vivo V series dual-view video mode, ultra-stable video, super night mode සහ slow-motion video feature හඳුන්වා දීම තුලින්  ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතාවයන් බලගැන්වීම සිදු කරන ලදී.

වසර ගණනාවක් පුරා, vivo විසින් V සහ Y ශ්‍රේණි හරහා උසස් කැමරා තාක්ෂණය සහ සුවිශේෂී මෝස්තර සහිත ස්මාර්ට්ෆෝන් හඳුන්වා දී ඇත. බාධාවකින් තොර ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා vivo,  කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ ප්‍රොසෙසර මගින් ක්‍රියාත්මක වන  දිගු ආයු කාලයක් සහිත බැටරි යොදාගනී. 

Benfen දර්ශනයට අනුව කටයුතු කරනු ලබන  vivo,  නිවැරදි දේ කිරීම සහ එය නිවැරදිව කිරීම විශ්වාස කරයි. ඊට අනුකූලව, vivo සැමවිටම විකුණුම් සංඛ්‍යාවලට වඩා පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එමඟින් පාරිභෝගිකයින් සමඟ විශ්වාසදායක සබඳතාවක් ගොඩනඟා ගෙන ඇත. තාරුණ්‍යය අභිමුඛ කොටගත් සන්නාමයක් ලෙස වෙළඳපල පර්යේෂණ  වල යෙදෙමින්  පාරිභෝගික අවශ්‍යතා මැනෙවින් හඳුනා ගනිමින් ඒ මත පදනම් වූ නව්‍ය ස්මාර්ට්ෆෝන් පිරිනැමීමට උත්සාහ කරයි. vivo විසින් අර්ථවත් නවෝත්පාදනයන් ගෙන ඒම සහ බාධාවකින් තොරව ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් සහතික කිරීම උදෙසා තවත් සන්ධිස්ථාන රැසක් ජය ගැනීමට අපේක්ෂාවෙන් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *