Huawei ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) හා එක්ව “Connection-Glory-Future” තේමාව යටතේ සංවිධානය කරන ලද Huawei ICT Competition 2021-2022 තරඟාවලිය පසුගියදා අවසන් විය. එම තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ, විශ්ව විද්‍යාල හතක් නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහකයින් විසිදෙනෙක් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු මහතා, Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi මහතා, සමාගම් කළමණාකාරීත්වය ප්‍රමුඛ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පිරිසක් සහභාගී විය.

මෙවර තරඟාවලිය කාණ්ඩ ද්විත්වයක් යටතේ පැවැත්වුණු අතර, මොරටුව විශ්ව විද්‍යාලය සහ රජරට විශ්ව විද්‍යාලය එහි ප්‍රථමස්ථාන හිමිකර ගත් අතර, මෙම ජයග්‍රාහකයින් කලාපීය මට්ටමේ තරඟාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබයි.  Huawei ICT Competition යනු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සිසුන්ට කලාපීය සහ ගෝලීය මට්ටමින් සිය දක්ෂතාවයන් පෙන්වීමට අවස්ථාව සලසන ශ්‍රී ලංකාවේ වඩාත්ම තරඟකාරී දැනුම තරඟයයි. මෙවර තරඟාවලිය සඳහා විශ්ව විද්‍යාල 29ක් නියෝජනය කරමින්, තරඟකරුවන් 247 දෙනෙකු සහභාගී විය. 

මෙම අවස්ථාවට සහභාගී වූ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් මෙලෙස පවසා සිටියි.  “අනාගත ලොව ජයගැනීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය නවතුවම බැරි අංශයක් බවට පත්වී හමාරයි. තොරතුරු තාක්ෂණ අංශය දැන් අපගේ එදිනෙදා ජීවිත හා විශාල ලෙස බැඳිලා තියෙනවා, මේ නිසාම අනාගත රැකියා වෙළඳපොළ තුළ තාක්ෂණික කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායකට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. ශ්‍රී ලංකා රජයේ දැක්ම වන්නේද ස්මාර්ට් ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනට සහයෝගය දැක්විය හැකි, අන්තර්ජාතික මට්ටමේ කුසලතා වලින් පිරිපුන් දේශීය ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම. මෙහිදී Huawei වැනි ආයතන, මේ ආකාරයෙන් සිසුන්ට අන්තර්ජාතික මට්ටමට සිය කුසලතා රැගෙන යාමට ලබාදෙන අවස්ථාව පිළිබඳ මම බෙහෙවින් සතුටට පත් වෙනවා.  තවද, සිසුන්ගේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම උදෙසා වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම හඳුනා ගනිමින්, Huawei විසින් NAITA-Huawei ICT Academy විවෘත කිරීමද පසුගිය වසරේ සිදුකළා. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ විදුලි සංදේශ කර්මාන්තවල අනාගත ඉල්ලුම සඳහා සූදානම් වීම සඳහා ශ්‍රී ලාංකීය තරුණ කුසලතා ඉහළ නැංවීම සඳහා වැදගත් පියවරක් ලෙස මම දකිනවා.”

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු මහතා මෙලෙස පවසා සිටියි. “මේ ආකාරයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තරඟයන්, අපගේ සිසුන්ට, විශ්ව විද්‍යාල වලින් උපාධිය ලැබීමෙන් පසු නව නිපැයුම් සඳහා ඔවුන්ව සූදානම් කිරීමට දිරිමත් කරනවා. මෙවැනි ආකාරයේ මුලපිරීම් හා සමඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව, සමාගම් අත්වැල් බැඳ ගන්නවා දැකීමට අප කැමතියි.

“ප්‍රමුඛ පෙළේ ICT විසඳුම් සපයන්නෙකු වන Huawei හි ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නේ තරුණ කුසලතා සංචිතය පරිමාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අනාගතය තහවුරු කිරීමයි.තවද, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විසින් මෙතෙක් රටේ ආර්ථික ප්‍රගතියට සහාය වූ දක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් බිහි කරන අතරම, විශේෂිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සඳහා ඇති ඉල්ලුම වේගවත් වෙමින් පවතින බව අපි විශ්වාස කරන අතර, එබැවින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම්වලට ශ්‍රම බලකායන්ට ප්‍රවේශය ඇති බව සහතික කිරීම සඳහා අපි කුසලතා සංවර්ධනය සඳහා ආයෝජනය කළ යුතුයි.” Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Liang Yi පවසයි.

ශ්‍රී ලංකාව තුළ Huawei විසින් Huawei ICT තරඟාවලිය, Seeds For the Future සහ ICT Academy වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්‍රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්‍ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *