ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණික තත්වය හමුවේ   සමෙහි වියළි බව ඇති වීම සහ  අඳුරු බව ඇති වීම සුලභව දක්නට ලැබෙන දෙයකි.මෙම ගැටළු වලට පිළියම් ලෙස භාවිතා කරන  ඇතැම් Body Lotion  නිෂ්පාදන  සමට  අහිතකර  වීමේ අවධානමක් පවතී. නමුත් බහුතර කාන්තාවන් තමන් මිලදී ගන්නා Body Lotion කෙරෙහි අවධානය යොමු කරන්නේද යන්න ගැටලුවකි.එබැවින්, Body Lotion  භාවිතා කිරීමට පෙර ඒවා පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වනු ඇත.

ඔබේ සම ඔබේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන අතර එය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ. අපි ජිවත් වීම පිණිස  පරිසරය මගින්  ආශ්වාසය ලබා ගනී.අපගේ සම ද  පරිසරය උපයෝගී කර ගනිමින් ආශ්වාස කරයි.එබැවින් අපගේ මුහුණු සහ සම ඍජුවම  පරිසරයට  නිරාවරණය වේ.එමනිසා නිරෝගී මෙන්ම  ලස්සන සමක් ලබා දීමට     Body Lotion  නිෂ්පාදන සැපයීමේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන   100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වෙළඳ  සන්නාමයක් වන Velvet  නිරන්තරයෙන් උත්සාහ කරයි.

නිවර්තන දූපතක ජීවත් වීම නිසා සම වියළි බව, සම රැළි වැටීම සහ අඳුරු බව  ඇති වීම  කාන්තාවන් මුහුණ   දෙන වඩාත් සුලභ සම ආශ්‍රිත ගැටලු ත්‍රිත්වයකි.අපගේ දේශගුණය අපගේ සමේ වර්ණය  සහ සමේ ස්වභාවයට  බලපාන අතර, සම රැක ගැනීම සඳහා නිරතුරු උත්සහ දැරිය යුතුය.

ඔබේ සම ආරක්ෂා කර ගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන අංගයක් වන්නේ සමේ මොයිස්චරයිසින් ස්වභාවයයි.ඔබ භාවිතා කරන Body Lotion  නිෂ්පාදනයට මොයිස්චරයිසින් ගුණය  ඇති බවට තහවුරු කර ගැනීමෙන් ඔබේ සම වියළීම සහ රැළි පෙනුම වළක්වා  ගනිමින්  සමේ තෙතමනය ද  ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේ. Velvet Body Lotion නිෂ්පාදන මොයිස්චරයිසින් ගුණ වලින් පොහොසත් වන අතර ඔබේ  සම රැක ගැනීමට ද Velvet  Body Lotion මගින්  හැකියාවක් ලැබේ.

ශ්‍රී ලාංකේය සම සඳහා විශේෂෙයන් නිර්මාණය කර ඇති Velvet Body Lotion නිෂ්පාදන අද්විතීය වෙනසකින් යුක්ත වේ. Glow Perfect, All Day Fresh සහ Intense Nourish,යන අද්විතීය ප්‍රභේද තුනක් යටතේ Velvet  Body Lotion මිලදී ගත හැකිය. රටේ දේශගුණික තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින්  ශ්‍රී ලංකිය  සමට ගැළපෙන පරිදි Velvet Body Lotion සෑම ප්‍රභේදයක්ම නිර්මාණය කර ඇත.

Velvet Body Lotion ප්‍රභේද තුනම සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන අතර Glow Perfect ප්‍රභේදය Saffron/Curcumin සාරය සමඟ, 360° තාක්ෂණය , BB ක්‍රීම් බලපෑම සහ UV ආරක්ෂාව, සපයනු ලැබේ.   ශ්‍රී ලාංකේය කාන්තාවන්ට ක්ෂණිකව  රන්වන් පැහැයෙන් දිදුලන සමක් ලබා දීමට Glow Perfect Body Lotion  උපකාරී වේ. දෙවන  ප්‍රභේද වන   All-Day Fresh හි ප්‍රධාන අමුද්‍රව්‍යය වන සකුරා මල් සාරය, Fragrance Lock තාක්ෂණයෙන් සමන්විත වන අතර කල් පවතින සුවඳ සහ ක්ෂණික සිසිලසත් නැවුම් බවත් පිරිනමයි. එමෙන්ම සමට සැහැල්ලු බවක් ලබා දෙන විටමින් සහ  තත්පර කිහිපයකින් ඔබේ සමට අවශෝෂණය කර ගැනීම සඳහා විශේෂයෙන් සාදන ලද අතිශය ultra-light formula තාක්ෂණයෙන් ද සමන්විතයි. Intense Nourish ප්‍රභේදය  අලිගැටපේර, ඔලිව් සහ විටමින් E  භාවිතයෙන් නිෂ්පාදනය  කර ඇත. එය අධික මොයිස්චරයිසින් ගුණයෙන්  අනූන වන අතර ඔබේ සම වියළි බව නිසා ඇති වන අඳුරු ප්‍රදේශ තුරන් කර තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේ.

ශ්‍රී ලංකිය  සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet Body Lotion  ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම කාන්තාවක්ම බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක්   වශයෙන්  එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියාවලියන්ට අනුකූලව ඉහළම ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *