සිංගර් ශ්‍රී ලංකා PLC යනු   ඉහළ පාරිභෝගික විශ්වාසයක් හිමි ශතවර්ෂයකට අධික ඉතිහාසයක් ඇති රටේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ මෙන්ම පරිඝනක උපාංග අලෙවි ජාලයකි.ලෝකයේ විශාලතම තාක්ෂණික දැවැන්තයෙකු වන Dell, ඉල්ලුමට සරිලන සැපයුම් රැසක් සපුරාලන විවිධ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පරාසයක් වෙළෙඳපලට  ඉදිරිපත් කර ඇත.Dell සමඟින් සිංගර් PLC හි  හවුල්කාරිත්වය 2014 දක්වා දිවෙන අතර, එය වසර කිහිපයක් ඇතුළත ශීඝ්‍ර වර්ධනයක් සඳහා හේතු වී ඇති ඇත. එමගින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට සිංගර් ප්‍රදර්ශනාගාර බලයලත් අලෙවි නියෝජිතයන් හරහා Dell නිෂ්පාදනයන් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

Singer, Dell Awards 2022 දී සිංගර් වෙතින් 2021 සඳහා ඉහළ කාර්ය සාධනයක් සහිත DELL නිෂ්පාදන   අලෙවිකරුවන් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. Blue Ribbon Club,ලෙස මෙම සම්මාන ප්‍රධානෝත්සවය තේමා කර ඇති අතර, සුවිශේෂී කාර්ය සාධනයක් සහිත කීර්තිමත් පුද්ගලයින් පිරිසක් ඇගයීමට ලක් කරන ලදී.Dell නිෂ්පාදන සඳහා සිංගර් හි හොඳම ක්‍රියාකාරී නැවත විකුණුම්කරුවන් 10 දෙනා අතරට පැමිණීම මෙම සම්මානය දිනා ගැනීමේ ප්‍රධානතම නිර්ණායකය විය. Singer සහ Dell විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදී සෑම වසරකම සාමාජිකයින් දස දෙනෙකු Blue-Ribbon Club වෙත ඇතුළත් කරගනු ලැබේ.

සම්මාන පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවසීය. “වසර පුරාවටම සිංගර් සමඟ සිටි අපගේ පාර්ශවකරුවන්ට අපගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. අපගේ  අලෙවිකරුවන්  විසින් දිනාගත් සම්මාන ඔවුන්ගේ කැපවීම සහ පාරිභෝගිකයන් හට  Dell නිෂ්පාදන  අලෙවි කිරීමට ඇති ආශාව පිළිබඳ හොඳ  සාක්ෂියක්  වෙනවා. සිංගර් Dell සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයක් පවතින අතර අද වන විට අපි ශ්‍රී ලංකාවේ Dell නිෂ්පාදනවල ප්‍රමුඛතම බෙදාහරින්නා බවට සිංගර් පත්වී තිබීම සතුටට කරුණක් වෙනවා.”

සිංගර් හි හොඳම හවුල්කරුවන් 10 දෙනා අතරට; 1. IT Galaxy (Pvt) Ltd, 2. Sell-x Computers (Pvt) Ltd 3. Barclays Computers (Pvt) Ltd, 4. Unity Systems (Pvt) Ltd, 5. Incotech Lanka (Pvt) Ltd, 6. Virus Technologies, 7. Sense Micro Distributors (Pvt) Ltd, 8. Atech Technology Solutions (Pvt) Ltd, 9. Mega Mass Computers (Pvt) Ltd, 10. Green Earth යන ආයතන අයත් වේ.

වසරේ විශිෂ්ටතම කාර්ය සාධනය පෙන්නුම් කෙරු අලෙවිකරුවන් දෙදෙනෙකු ද සිංගර් විසින් ඇගයීමට ලක් කරන ලදි. වාණිජ අංශයේ සම්මානය ශානක සමරකෝන් විසින් දිනා ගන්නා ලද අතර, පාරිභෝගික අංශයේ විශිෂ්ටතම අලෙවිකරුවා ලෙස රවිඳු හේරත් සම්මානයට පාත්‍ර විය.

සාර්ථකත්වය සඳහා වූ පොදු දැක්මක්  සඳහා  සිංගර් සහ DELL අත්වැල් බැඳගත් අතර සිංගර් සහ DELL හවුල්කාරිත්වය වෙළඳපල කොටස තවදුරටත් ශක්තිමත් කිරීමට අරමුණු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *