ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”08 වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල රමහා විහාරය, 13 වන සියවසේ දඹදෙණි රාජධානිය තුළ විජයබාහු රජ සමයේ ඉදි කර ඇත. පද්මාවතී පිරිවෙන ස්ථාපිත කර ඇත්තේ  ද කෑරගල  රජමහා විහාරයේ ය. ඒ 15 වන සියවසේ හයවන පරාක්‍රමබාහු පාලන සමයේ දී ය.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන වෙනුවෙන් සිය අදහස් පළ කළේ මෙසේ ය. ” මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම මගින් ස්වදේශී, ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් සාම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් ඉහළට ඔසවා තබනවා. සමාජ වගකීමැති සමාගමක් වශයෙන් අපි අපගේ පූර්ණ අනුග්‍රහය මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ලබා දෙමින්  මතු පරම්පරාවන්ට   අපගේ සංස්කෘතිය රැක ගැනීමට   පූර්ණ ආදර්ශයන් සපයනවා.”

ස්වදේශී කොහොඹ බැතිමතුන්ගේ  ප්‍රයෝජනය සහ ඔවුන්ගේ යහපත වෙනුවෙන් රටේ ආගමික ස්ථාන ආලෝකමත් කරන්නේ  මෙරට සංස්කෘතිය සහ උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ තරුණ පරපුරට ඉගැන්වීමේ පරමාර්ථයෙන් බවද ඇය තවදුරටත් සඳහන් කර සිටියාය. 

ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණිය දිවයින පුරා ආගමික සිද්ධස්ථාන වෙත සිය සහයෝගය අඛණ්ඩව ලබා දී ඇත.  අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඇය විසින්  ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ ‘ ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්  අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය , දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය, මහනුවර ශ්‍රී මහ විශ්නු දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහා විහාරය. අම්මඩුව කුඩා කතරගම දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ දඹදෙණිය රජමහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී ආලෝක පූජා වෙත ස්වදේශී සිය අඛණ්ඩ සහයෝගය ලබා දී ඇත.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ දී ස්ථාපිත කරන ලදි.  ස්වදේශී විසින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී  කොහොඹ  බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්,  බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ හෑන්ඩ් වොෂ්, කොහොඹ බොඩි වොෂ්  සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.   සමාගම ප්‍රමුඛතම ශාකසාර සන්නාමය වන කොහොඹ හර්බල් සහ  රූපලාවන්‍ය සන්නාමය වන රාණි සඳුන්  නිෂ්පාදනය කර අලෙවි කරයි.

ශ්‍රී ලංකාවේ  පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක්   භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ, ස්වදේශී  කොහොඹ  බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙජිටේරියන් සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී, සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු ශ්‍රී ලාංකේය පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ද ස්වදේශී වේ.

විසබීජවලට එරෙහිව ස්වභාවික ආරක්ෂාව ලබා දෙන කොහොඹ ශාකසාරයේ ගුණයන්ගෙන් පොහොසත්   ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ්  ස්වදේශී කොහොඹ නිෂ්පාදන පෙළ වෙත මෑතක දී හඳුන්වා දෙන ලදි.  කොහොඹ, සේර සහ කෝමාරිකා සාරයෙන් යුත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් සහ කොහොඹ, කහ සහ කෝමාරිකා සාරයෙන් යුත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් යන වර්ග 02 කින් එය සමන්විත වේ.

Photo Caption:

අමරි විජයවර්ධන මැතිණිය – සභාපතිනි ස්වදේශී කර්මාන්තායතනය,   කෑරගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය රජාවෙල නන්දරත්න හිමි සහ ස්වදේශී කළමණාකාර නිළධාරීන් ඓතිහාසික කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *