පවතින කොවිඩ් -19 වසංගත තත්වය  හේතුවෙන් සෑම පුද්ගලයෙකුම  තම  සෞඛ්‍යාරක්‍ෂාව  කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය. වර්තමානයේ තම දෑත්  පිරිසිදුව තබා ගැනීම  ප්‍රමුඛත්වයෙහි ලා සලකන අතරම  සමෙහි ආරක්‍ෂාව පිළිබඳවද  වැඩි අවධානයක් යොමු කළ යුතුය. බොහෝ සමට හිතකර නිෂ්පාදන සමේ වියලි බව සහ අඳුරු බව නැති  කරන අතර එය සැබවින්ම සමේ සුන්දරත්වයට බලපානු ලබයි. විශේෂයෙන්  තම සම පිළිබඳව සැලකිල්ලක්  දක්වන  කාන්තාවන් විවිධ රුපලාවන්‍ය නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරයි. වෙළඳපලේ  විවිධ ආකාරයේ නිෂ්පාදන ඇතත්, ඇතැම් නිෂ්පාදනයන් හි අඩංගු සැර  අමුද්‍රව්‍ය  සහ සැර සුවඳ සමට අහිතකර විය හැකිය.

ශ්‍රී  ලංකාව නිවර්තන දේශගුණයක් හිමි රටක් බැවින්  සම වියළීම, සම අඳුරු වීම  ආදී අහිතකර බලපෑමක් ඇති වීමේ ප්‍රවනතාවය ඉහළය. ඔබ මිලදී ගන්නා soap, hand wash, lotions සහ  body wash වැනි නිෂ්පාදන කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කරනවාද? වෛරස හා විෂබීජ වලින් ආරක්ෂා වීම සඳහා නිතිපතා පිරිසිදු වීම  කාලීන අවශ්‍යතාවයක් වී ඇති බැවින් මෙම කාලය සඳහා මෙය වඩාත් අදාළ ගැටලුවකි. එම නිසා මෙම නිෂ්පාදන  භාවිතා කිරීමට පෙර සමට හිතකර නිෂ්පාදන ගැන දැනුවත් වීම ඉතා වැදගත් වේ.

මෙයට විසඳුමක් ලෙස නිෂ්පාදනයක් තෝරා ගැනීමට පෙර නිෂ්පාදන ලේබල හොඳින් පරීක්‍ෂා කර, ලබා දී ඇති විස්තර කියවීම නිර්දේශ කර තිබේ. බොහෝ නිෂ්පාදන වල අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳ  විස්තරයක් සහ අදාළ සහතිකද  ඇතුළත් වේ. එමගින් සියලු නිෂ්පාදන සමට හිතකර බව තහවුරු නොවන අතර සමට හිතකර නිෂ්පාදන පිළිබඳව අවබෝධයක් ලබාගෙන සිටීමේ වැදගත්කම ඉන් ඉස්මතු වෙනු ඇත.

සමට හිතකර නිෂ්පාදනයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණක් නම් එහි මොයිස්චරයිසින් ගුණයයි. මෙම මොයිස්චරයිසින් කිරීමේ ගුණය මගින් සමෙහි තෙතමනය පවත්වා ගනිමින් වියලි බව සහ රැළි වැටීම වැළැක්වීමට උපකාරී වේ. සම ආශ්‍රිත පිරිසිදු කිරීමේ කටයුතු නිතර සිදු කරන බැවින් මොයිස්චරයිසින් කිරීමේ අවශ්‍යතාවය වැඩි වටිනාකමක් ගනී.

නිෂ්පාදනයක්  සමට හිතකර හොඳ තත්වයෙන් පවතින බව සහ භාවිතයට සුදුසු  බව සනාථ කිරීමට නම් එය සමට හිත කර බව සායනිකව තහවුරු කර ඇති සහතිකයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එය සමට හිතකර නිෂ්පාදන සඳහා පොදුවේ පිළිගත් සහතිකයක්  විය යුතුය. එයින් කියවෙන්නේ මෙම නිෂ්පාදනය සායනිකව සමට ආරක්ෂිත යැයි චර්ම රෝග විශේෂඥයින් විසින් පරීක්‍ෂා කර ඇති බවයි.

ඊට අමතරව NMRA, ISO වැනි සහතික මගින් යම් නිෂ්පාදනයක් සමට හිතකර නිෂ්පාදනයක්  ලෙස තහවුරු කල හැකි අතර IFRA  සහතිකය මගින් එහි අඩංගු සුවද විලවුන් වර්ගය ආරක්‍ෂිත එකක් බව තහවුරු කල හැකිය. සමට හිතකර නිෂ්පාදන සොයන අය ඉහත සහතික කිරීම් වලට අනුකූල නිෂ්පාදනයක් තෝරා ගැනීම යෝග්‍ය වේ.

සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් නම්, එම නිෂ්පාදනය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිෂ්පාදනයක්ද යන්නයි. අනෙකුත් රටවල් සමඟ සසදන විට ශ්‍රී ලාංකික සමෙහි වෙනස් කමක් පවතින අතර දේශීය නිෂ්පාදකයින් දේශීය සමට ගැලපෙන සංයුතිය හොඳින් හඳුනයි.

Velvet යනු සමට හිතකර හොඳම නිෂ්පාදන ලබා දීමේ වසර 15ක දිගු ඉතිහාසයක් සහිත විශ්වාසදායි  ශ්‍රී ලාංකික සන්නාමයකි. Velvet හි සන්නාම පොරොන්දුවට අනුකූලව ඔවුන් සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඉහළ මොයිස්චරයිසින් මට්ටමක් සහිත සමට හිතකර නිෂ්පාදන ලබා දීමට සැදී පැහැදී සිටී. Velvet වෙළඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන කළඹකින් සමන්විත වන අතර ඒවා අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියාවලියන්ට අනුකූලව ඉහළම ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.

Velvet නිෂ්පාදන වල ඇති අද්විතීය Hydrosoft තාක්‍ෂණය හේතුවෙන් නිෂ්පාදන ඉහල මොයිස්චරයිසින් ගුණයකින් යුක්ත අතර එමගින් සෑම කාන්තාවක්ම කැමති ආකාරයේ සුසිනිදු සමක් ලබා දේ. Velvet Soap, Handwash සහ Bodywash නිෂ්පාදන සායනිකව සමට ආරක්ෂිත දැයි චර්ම රෝග පරීක්‍ෂණයට ලක් කර ඇති අතර Velvet body lotion විශේෂයෙන් සකසා ඇත්තේ ශ්‍රී ලාංකික සමට ගැලපෙන පරිදි ය. NMRA, GMP සහ ISO සහතික මගින් තහවුරු කරන ලද නිෂ්පාදනයක් වන Velvet, IFRA සහතික ලත් සන්නාමයක් වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *