ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ උපකරණ  බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය සමඟින් අත්වැල් බැඳ ගනිමින් ලොව ප්‍රමුඛ පැන්ට්‍රි කබර්ඩ්ස්, wardrobe, TV ඩිස්ප්ලේ ඇතුළු නවීන මාදිලියන්හි ගෘහ භාණ්ඩ රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දෙමින් සිටියි. වර්තමානයට ගැළපෙන, ආකර්ෂණීය නිමාවන් සමඟින් ඉහළම තත්ත්වය සංකලනය කරමින් නිෂ්පාදනය කෙරුණු මෙම උපකරණ සඳහා එහිවූ යුරෝපියානු පෙනුම හේතුවෙන් ඉහළ පාරිභෝගික ප්‍රතිචාර ලබයි.

ලොව ප්‍රමුඛ මෙම භාණ්ඩ/සේවා සහ විසඳුම් වෙත පාරිභෝගිකයා හට වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් සිංගර් කණ්ඩායම විසින් මෑතකදී සිය ප්‍රථම Signature Concept Center කොළඹදී විවෘත කරන ලදී.  මෙම Concept Center, සියලුම ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් නවීන සේවා පහසුකම්ද සමඟින්, Signature සන්නාමයේ භාණ්ඩ රැසක් ප්‍රදර්ශනය කරයි. ඩුප්ලිකේෂන් පාර, කොළඹ යන ලිපිනයෙහි පිහිටි මෙම Concept Center හි, වඩාත් උසස් පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහා වූ දැනුම් කලාපයක්ද පවතී.  මෙහිදී, පාරිභෝගිකයින්ට ඔවුන්ට සිතැඟි පරිදි, නිවසට, කාර්යාල ස්ථානයට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට ගැළපෙන නිෂ්පාදන, අපගේ දක්ෂ සහ පළපුරුදු සේවක මණ්ඩලයේ උපදෙස් සහ නිර්දේශයන් මත වඩාත් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. 

Signature සන්නාමය යටතේ මෙම ගෘහ භාණ්ඩ  ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කරගැනීමේ බලාපොරොත්තුව ඇතුව, සිංගර් විසින් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි සිය දේශීය නිෂ්පාදන ආයතනයේ ව්‍යාපාර කාර්යයන්ද පුළුල් කරන ලදී.  මැලේසියාවේ Signature සමූහය යටතේ මනා පුහුණුව ලත් හා සුදුසුකම් ලත් කණ්ඩායමක් සමඟ මෙම අති නවීන කර්මාන්තශාලාව ක්‍රියාත්මක වේ. Signature නිෂ්පාදන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට ගත් උපායමාර්ගික තීරණයක් සමඟ, දේශීය පාරිභෝගිකයා වෙත අන්තර්ජාතික තත්වයේ නිෂ්පාදන සහනදායී මිලකට ලබාගැනීමේ හැකියාව හිමිවී ඇත. තවද, සියලුම නිෂ්පාදන ස්ථාපන කාලය සාපේක්ෂව අවම බැවින් පාරිභෝගිකයින්ට තම  නිෂ්පාදන දින කිහිපයක් ඇතුළත ලබා ගත හැකි අතර විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවන්හි සුවපහසුවද හිමිවේ. 

නවතම Concept Center දියත් කිරීම පිළිබඳ සිය අදහස් දක්වමින්, සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පවසයි. “ලොව ප්‍රමුඛ Signature සන්නාමයේ නිෂ්පාදන සඳහාම වෙන්වූ අපගේ නවතම Concept Center හරහා පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා ගත හැකිවන අතර, ඒ පිළිබඳ අප සතුටට පත්වනවා.  පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන පෙළක අත්දැකීම විඳින අතරතුර, අපගේ දක්ෂ සේවක මණ්ඩලයේ සේවාවන් ලබාගැනීමට Concept Center වෙත පිවිසෙන ඕනෑම අයකුට අවස්ථාව හිමි වනවා.  මෙම විශිෂ්ට සේවාවන් අත්විඳින මෙන්, සියලුම ගනුදෙනුකරුවන්ට, ගොඩනැගිලි හා ව්‍යාපෘති කළමනාකරුවන් ඇතුළු ඔබට සැමට අප ආරාධනා කර සිටිනවා.” 

නවෝත්පාදනය මූලික කරගත් ලොව ප්‍රසිද්ධ සන්නාමයක් වන Signature, අද්විතීය විශේෂාංග සහිත නිෂ්පාදන සමඟින් සේවා සංකලනය කරමින් ඉහළම තත්වයේ විසඳුම් පාරිභෝගිකයාට ඉදිරිපත් කරන සන්නාමයක් ලෙස ප්‍රසිද්ධයි.  ලොව රටවල් 15ක පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ඉදිරියටම ඇදෙන Signature, වසර 25ක ඉතිහාසයකටද උරුමකම් කියයි.  නවතම Concept Center පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් 0763816654 (පියුෂා) අමතන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *