ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය නිල වශයෙන් මෙරට වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර එහිදී ZTE සන්නාමයේ මෙරට අලෙවි නියෝජිත වශයෙන් සිංගර් නිවේදනය කළේ ප්‍රවේශ මට්ටමේ සිට මිඩ්රේන්ජ් සහ ෆ්ලැග්ශිප් යන මාදිලියන්ගෙන් සමන්විත පුළුල් පරාසයක ZTE ස්මාර්ට්ෆෝන් පෙළක් හැකි ඉක්මනින් මෙරට වෙළඳපොළ වෙත ඉදිරිපත් කරන බවයි.

මෙම මාර්ගගත වැඩසටහනේදී සිංගර් විසින් ZTE හි ZTE V30 ස්මාර්ට්ෆෝන් මාදිලිය එළිදැක්වූ අතර නවීන අංගයන්ගෙන් හා ආකර්ෂණීය පෙනුමකින් සමන්විත ZTE V30 සහ ZTE V30 Vita ද ඒ අතර විය.

ZTE යනු, ඉහළ කාර්යසාධනයක් සහ විප්ලවීය පරිශීලක අත්දැකීමක් සහිත අතිනවීන තාක්‍ෂණික විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකි. නවීන 5G යටිතල පහසුකම්, ඩේටා සෙන්ටර්ස්  සහ  ස්මාර්ට්ෆෝන්, වෙයාරබල්ස්, ශ්‍රව්‍ය උපකරණ, අයිඕටී උපාංග ඇතුළු ස්මාර්ට් උපාංග පරාසය  ඔවුන් සතු ප්‍රධාන ශක්තියයි.  ZTE සන්නාමය නවීන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයන් වැඩි දියුණු කිරීමට කැපවී සිටින අතර වේගය, ක්‍රියාකාරිත්වය සහ කැමරාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

ස්මාර්ට් ජීවිතයකට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දෙන සම්පූර්ණ ස්මාර්ට්ෆෝන් පරාසයක් ZTE විසින් හඳුන්වාදී ඇත. ඒ අතර ප්‍රවේශ මට්ටමේ සිට මිඩ්රේන්ජ් මට්ටම සඳහා  ZTE බ්ලේඩ් මාදිලියද, ෆ්ලැග්ශිප් 5G උපාංග සඳහා ZTE Axon මාදිලියද, ඉහල පෙළේ ක්‍රීඩා අත්දැකීම් සඳහා RedMagic මාදිලියද අන්තර්ගත වේ.

මෙම නවතම ZTE ස්මාර්ට්ෆෝන් සන්නාම හඳුන්වාදීම පිළිබඳ සිය අදහස් දක්වමින්, සිංගර් සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසයි.” අප පාරිභෝගිකයින් වෙනුවෙන් පුළුල් පරාසයක තෝරාගැනීමේ පහසුකම් සහිත ලොව සුපතල ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම අපිට ආඩම්බරයක්. ZTE හි නව ස්මාර්ට්ෆෝන් වේගය, කාර්යසාධනය, ඉහළ ගුණාත්මකභාවය, කැමරා නවෝත්පාදන යන සියළුම අංශයන්හි ඉහළ දියුණුවක් අත්පත් කරගෙන ඇති අතර ස්මාර්ට්ෆෝන් පරිශීලකයින් සඳහා විශිෂ්ට අත්දැකීමක් ලබා දෙයි. මෙම හඳුන්වාදීමත් සමඟම සිංගර් විසින් නවතම තාක්‍ෂණය සහිත ZTE ස්මාර්ට්ෆෝන් සියළුම පාරිභෝගිකයින්ට තරඟකාරී මිල ගණන් යටතේ ලබාගැනීමට පහසුකම් සපයා ඇති අතර සැප්තැම්බර් මාසයේ සිට නව ZTE ස්මාර්ට්ෆෝන් පරාසය හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.”

සියලුම ZTE ස්මාර්ට්ෆෝන් සඳහා විශ්වාසනීය සිංගර් වගකීම් සහතිකයක් හිමිවන අතර එය බලයලත් සිංගර් අලෙවි නියෝජිතයින්ගෙන් ලබාගත හැක. තාක්ෂණික නිෂ්පාදන සඳහා වැඩි වන ඉල්ලුම සපුරාලීමට සඳහා දීපව්‍යාප්ත බෙදාහරින්නන් 23 ක් සහ අලෙවි නියෝජිතයින් 1800 කට වැඩි පිරිසක් සහිත ව්‍යූහාත්මක බෙදා හැරීමේ ජාලයක් සහ අංගසම්පූර්ණ ඊ-වාණිජ්‍ය වේදිකාවක් (www.singer.lk) සිංගර් සතුව පවතී. මෙය අලෙවි හා බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නවමානයන් කරා සිංගර් යොමු කරන ශක්තියයි.

“ZTE හි අපි අවධානය යොමු කළේ ඒකාබද්ධ සන්නිවේදනයේ අඛණ්ඩ නවෝත්පාදනයන් තුළින් පුද්ගල ජීවිත යහපත් කිරීම සඳහායි. අපගේ තාක්‍ෂණික විසඳුම් වල ප්‍රාථමික අංශයක් වන ස්මාර්ට්ෆෝන් සඳහා නව්‍ය තාක්ෂණයෙන් යුතු  ඉහළ ගුණාත්මක විශේෂාංග ලබාදීමට අපි කැපවී සිටින්නෙමු.  වෘත්තීය ඡායාරූපකරණය, ක්‍රීඩා අවශ්‍යතා සහ දෛනික භාවිතය යන විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් පරාසයක ස්මාර්ට්ෆෝන් රැසක් අප හඳුන්වාදී ඇති අතර ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළට පිවිසීමට අපට සහය වන හොඳම සහායකයා සිංගර් බව අපි හඳුනා ගත්තෙමු. ” ZTE ලංකා ප්‍රධාන විධායක නිලධාරි යැං මින් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් සහ ZTE හවුල්කාරිත්වය තුළින් ඉහළ පෙළේ ZTE උපාංග රැසක් ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව එළි දකී.

ඡායාරූප විස්තරය:

(වමේ සිට දකුණට) තාරක වර්ණකුලසූරිය, කාණ්ඩ කළමනාකරු ඩිජිටල් නිෂ්පාදන – සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, ශනිල් පෙරේරා අලෙවි අධ්‍යක්ෂ – සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, මහේෂ් විජේවර්ධන ප්‍රධාන විධායක නිලධාරී – සිංගර් සමූහය, යැං මින්, ප්‍රධාන විධායක නිලධාරී – ZTE ලංකා පුද්ගලික සමාගම, යොන්කේ ෂුවාං, ප්‍රධාන ගිණුම් කළමනාකරු – ZTE ලංකා පුද්ගලික සමාගම, සමිත් ප්‍රනාන්දු, සන්නාම කළමනාකරු ඩිජිටල් නිෂ්පාදන – සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *